• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 18කට පසු ගෙදර යද්දී මුලු ජර්මනියම විනාඩි 6ක් අත්පුඩි ගහපු කව්ද මේ ඇන්ජලා…

May 5, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
අවුරුදු 18කට පසු ගෙදර යද්දී මුලු ජර්මනියම විනාඩි 6ක් අත්පුඩි ගහපු කව්ද මේ ඇන්ජලා…
Share on WhatsAppShare on Facebook

හිම වැටෙන ශීත ඍතුව ගෙවෙමින් තිබිණි. ජර්මනියේ බර්ලින් අගනුවරට හිරු කිරණ පතිත වෙමින් තිබුණේ රාත්‍රිය පුරා තිබුණු තද ශීතල මඳකට තුනී කරමිනි. උදෑසන රැකියාවලට යන මිනිසුන් යුහුසුලුව ශීත කබා පොරවාගෙන එම රාජකාරී සඳහා යමින් සිටියේය. නිවෙස්වල රැඳී සිටින ජනයා තමන්ගේ එදිනෙදා කටයුතු කරමින් කාලය ගතකරන්නට ගත්තේය. එදා සෙනසුරාදා දිනයක් වුවද, එදින දිනයම ජර්මනියට වැඩ කරන දිනයක් විය. ජර්මනියේ ජනයා සතියකට පැය 48ක් නොහොත් දින 6ක් සේවය කළ යුතුය. වේලාව හෝරා කිහිපයක් ගතවූයේය.

හරියටම උදේ 11 කණිසම නාද වන්නට ගත්තේය. රූපවාහිනියෙන් සහ අනෙකුත් මාධ්‍ය මගින් අසන්නට ලැබුණේ එක්තරා සුවිශේෂී පුවතකි. තම, තමන්ගේ කටයුතුවල නිරතව සිටි මිනිසුන් සැණින් එම පුවතට සවන් යොමන්නට විය.
මෙම සුවිශේෂී පුවත කනවැටුණු මිනිසුන් දහස් ගණනින් කඩිගුලක් මෙන් ඇවිස්සෙන්නට වූයේය. එසේ වුවත් ඔවුන්ගේ සිත්සතන් ප්‍රමෝදයට පත්වී ඇති සෙයක් පෙනී ගියේය. ජර්මානු ජනයා තම තමන්ගේ සිටි තැන්වලින් එළි පෙහෙළියට පැමිණ අත්පුඩි තළන්නට පටන් ගත්තේය. නිවෙස්වල සිටි ජනයා තමන්ගේ සඳළුතලාවලට පැමිණ අත්පුඩි ගසන්නට ගත්තේය. නගරයේ අනෙකුත් සියලු ශබ්ද පරයමින් දැන් බර්ලින් නුවර සෑම තැනකින්ම ඇසෙන්නේ අත්පොළොසන් රාවයයි. එය තත්පර හෝ මිනිත්තු දෙක තුනකින් හෝ නවතින හඬක්ද නැත. දිගින් දිගටම නැඟෙන එම රාවය මිනිත්තු 06ක් පුරා එක දිගටම ගලා ගියේය. අත්පුඩි රාවය බර්ලින් නුවරින් යාබද නුවරවල් වෙතද ගලා යන්නට ගත්තේය. ශීතල සුළං රැලි අතරින් අත්පුඩි රාවයද ගලා ගියේය.

පසුගියදා ජර්මනිය සිසාරා ගිය මෙම මහා අත්පොළොසන් වාදනය කුමක්ද? මෙය සිදු වන්නට නිමිත්ත කුමක්ද? මේ වගතුග කුමක්දැයි අපි සොයා බලමු. මෙම අපූරු සිදුවීම ඇති වූයේ මෙම 2021 වසරේ ජනවාරි 30 දා උදය වරුවේය. දැනට ජර්මනියේ නායකත්වය දරන චාන්සලර්වරිය වන ඇන්ජලා මර්කල් තමන්ගේ වසර 15ක පාලන කාලයට පසුව සිය පක්‍ෂ නායකත්වය බාර දීමට සහ නැවැත ජර්මනියේ චාන්සලර් ධුරය සඳහා තරග නොකිරීමට ගත් තීරණය නිල වශයෙන් දැනුම් දීම මෙම කතාවට පාදක වූ සුවිශේෂී සංසිද්ධියයි. සිව් වතාවක්ම පිට, පිටම මැතිවරණ ජයග්‍රහණය කර චාන්සලර් ධුරය සඳහා පත්වුණු ඇන්ජෙලා මර්කල්ට නැවැත පස්වැනි වතාවටත් මෙම 2021 වසරේදී මැතිවරණයට ඉදිරිපත්ව පහසුවෙන් ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකිව තිබියදී, ඇය මෙසේ ගත් තීරණය ජනතාව පුදුමයට පත් කළේය. දේශපාලනික තනතුරුවලට ගිජු නොවී මෙසේ තම ස්වයං කැමැත්තෙන්ම එම උසස් තනතුරුවලින් ඉවත් වීම ගැන ජනතාව මහත්සේ ප්‍රමෝදයට පත්කළේය.

ජර්මනිය පමණක් නොව ලෝකයේ රටවල් රාශියක්ම මහත් විස්මයට සහ අමන්දානන්දයට පත්කළ ඇන්ජලා මර්කල් නමැති මෙම සුවිශේෂී කාන්තාවගේ මෙම කතාන්දරයේ සැබෑ වගතුග කුමක්ද? ජර්මනියට ජනාධිපතිවරයකු පත්ව සිටියද, එරට ව්‍යවස්ථාවට අනුව පරිපාලනයෙහි පූර්ණ විධායක බලතල හිමිවන්නේ චාන්සලර්වරයාටය. එනම් චාන්සලර්වරයා යනු එරට නායකයා සහ පරිපාලකයාද වෙයි. මේ අනුව එරට පැවැත්වෙන මහජන මැතිවරණයක් මගින් චාන්සලර්වරයා තෝරා ගැනීම සිදුකරනු ලබයි. මේ ආකාරයට ඇන්ජලා මර්කල් නමැති කාන්තාවද ජර්මනියේ චාන්සලර් ධුරයට පත්වන්නේ 2005 වසරේදීය. එතැන් සිට මේ තාක් දක්වා ඇය එම තනතුරෙහි රැඳී සිටින්නීය. එහෙත් ඇය පසුගියදා ප්‍රකාශ කළේ තමන් පක්‍ෂ නායකත්වයෙන් සහ මෙම 2021 වසරේදී චාන්සලර් ධුරයෙන්ද ඉවත් වන බැව්ය. එනම් මෙම 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇය සහභාගි නොවන්නීය. තවද එයින් ඇය අර්ථවත් කර ඇත්තේ, චාන්සලර් ධුරයෙන් බැහැර වීමය.

ඇන්ජෙලා මර්කල් නමැති සුවිශේෂී ගැහැනියගේ කතාන්දරය කොතැනකින් පටන් ගෙන කොතැනකින් අවසන් කළ යුතු දැයි නොසිතෙයි. එය ඒ තරමටම සංකීර්ණ, බැරෑරුම්, එමෙන්ම අතිශයම රසවත් පුරාවෘත්තයකි. ඇයගේ ජීවිතයේ අතීත කතා ඔබට ලියා තබන්නට පෙර එම කතාව කොතැනින් පටන්ගත යුතුදැයි මට සිතෙයි. එම හැරවුම් ලක්‍ෂ්‍යය කුමක්ද? දැනට ජර්මනියේ චාන්සලර් ධුරය උසුලන ඇන්ජලා මර්කල් යනු ලෝකයේ මේ වන විට සිටින බලවත්ම කාන්තාව යැයි ඔබට ලියා තබමි. එසේ වන්නේ කෙසේද? එසේම එසේ සඳහන් කරන්නේ කවුද? දැනට වසර 103ක් පැරැණි ලෝකයේ අංක එකේ ප්‍රකට ඇමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සඟරාව විසින් වාර්ෂිකව නම් කරනු ලබන ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා ගැනවූ සමීක්‍ෂණය මෙම කරුණු හෙළි කරයි. එනම් 2010 සිට 2020 දක්වා නොකඩවාම වසර 10ක් පුරා මෙම සමීක්‍ෂණයේ ලෝකයේ බලවත්ම කාන්තාව ලෙස තේරී පත්වූයේ ඇන්ජෙලා මර්කල්ය. දේශපාලනය ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන කාන්තාවන් 100 අතරින් ප්‍රථම ස්ථානයෙහි සිටින්නේ ඇන්ජෙලා මර්කල්ය.

ලොව සිටින බලවත්ම ගැහැනිය හෝ කාන්තාව ලෙසට වසර 10ක් පුරා නොකඩවා එම කිරුළ පැලඳීමට ජර්මන් චාන්සලර්වරියට හැකිවීම අතිශය පුදුමාකාර වගතුගකි. එසේ නම් ඇය ලෝකයේ සිටින බලගතුම කාන්තාව වන්නේ කෙසේද? එය විවිධ සිද්ධීන් දාමයක කතාන්දරයකි. එනම් එය බොහෝ විට දේශපාලනික සහ සමාජයීය සංසිද්ධීන් රැසක සංකලනයකි. ඇන්ජෙලා මර්කල් ජර්මනියේ ජනතාව අතර පමණක් නොව, යුරෝපයේ සහ තවත් ලෝකයේ රටවල් කිහිපයකම ජනතාව අතරේ ජනප්‍රියත්වය සහ ගරුත්වය හිමිකරගෙන ඇති ප්‍රබල දේශපාලන නායිකාවකි. එයට හේතුව වී ඇත්තේ ඇය තමන්ගේ රටේදී පමණක් නොව වෙනත් රටවල උද්ගතවූ දේශපාලනික සහ සමාජයීය අර්බුද රැසක් විසඳීමට මැදිහත් වූ නායිකාවකි. යුරෝපයේ රටවල් සඳහා විවිධ නායකයන් පත්ව සිටියද, ඇන්ජෙලා මර්කල් මුළුමහත් යුරෝපීය සංගමයේම නිල නොලත් සත්‍ය නායකයා ලෙසට පිළිගනු ලබයි. යුරෝපීය සංගමයේ විවිධ පාර්ශ්ව සඳහා පත්කළ සභාපතිවරුන් තිදෙනකු සිටියත්, එම සංගමයේ ප්‍රධාන බලවතා ලෙස ගරුනම්බු ලබා දෙන්නේ ඇන්ජෙලා මර්කල් වෙතය.

මෙම 2021 වසරේදී තමන් සතු සියලුම බලතල සහ ගරුනම්බු නාම සියල්ලක්ම පසෙකට විසිකර දමා ගෙදර යන්නට සැරැසෙන ජර්මන් චාන්සලර්වරියගේ ජීවන කතාව චිත්‍රපට කතා රැසක්ම පරයන එකක් වෙයි. දැනට 66 වැනි වියෙහි පසුවන ඇන්ජෙලා මර්කල් ජර්මන් රාජ්‍යය දෙකට බෙදී තිබුණු සමයේදී නැඟෙනහිර ජර්මනියේ උපත ලද කාන්තාවක් වෙයි. දැන් ඇත්තේ ජර්මනිය තනි දේශයක් වශයෙන් වන අතර, මෙම රාජ්‍යයටම චාන්සලර්වරයා වන්නේ ඇන්ජෙලා මර්කල් වෙයි. ඇය දේශපාලනයට පිවිසීමට පෙර බොහෝ විද්වත් පරිචයක් ඇතිව සිටි කාන්තාවක වෙයි. කෙටියෙන් කිවතහොත් ඇය රසායන විiාව පිළිබඳ විශේෂඥවරියක් වන අතර, එම විෂයට අදාළව ආචාර්ය උපාධියද හිමිකර ගෙන ඇත. වසර 600කට අධික ඉතිහාසයක් ඇති ජර්මනියේ ලෙයිප්සිග් විශ්වවිiාලයේ විiා උපාධිධාරිනියක් වන ඇය 1989 වන තෙක්ම රසායනික විiා පර්යේෂිකාවක් ලෙස සේවය කළාය. කෙසේ හෝ 1989 ජර්මානු විප්ලවයේදී ඇය දේශපාලනික ක්‍රියාදාමයකට යොමු වූවාය. එදින සිට ඇය මේතාක් දක්වා වසර 32ක් දේශපාලනයේ නිරතව සිටින්නීය.
බිම් මට්ටමේ සිට දේශපාලනයට පිවිසි ඇන්ජෙලා මර්කල් පසුව ජර්මනියේ රාජ්‍ය නායිකාව බවට පත්වූ අතර, එම කිරුළ සිව් වතාවක් හිමිකර ගැනීමට සමත් වූවාය. තම දේශපාලන ජීවිතයේදී ඇය කිසිදු ආකාරයක දූෂණ, වංචා චෝදනාවකට ලක්නොවීය. මිලියන 80ක් නොහොත් කෝටි 08ක් වන ජර්මානු ජනතාවගෙන් බහුතරයක්ම වූයේ ඇන්ජෙලා මර්කල්ගේ දේශපාලනය සමඟය. ඇය 2002 සිට 2005 වසර දක්වා ජර්මනියේ විපක්‍ෂ නායිකාව ලෙස කටයුතු කළ අතර, එම සමයේදී ඇය ජනතාවගේ සිත්සතන් දිනා ගත්තාය. ඉන් අනතුරුව 2005 මහ මැතිවරණය ඇය ඉහළින්ම ජයගෙන ජර්මනියේ ක්‍රිස්තියානු ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ නායිකාව වූ අතර, 2018 දෙසැම්බර් 07 වැනිදා ඇය එම ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් මේතාක් දක්වා ඇය චාන්සලර් ධුරයේ සිටින අතර, පසුගියදා ඇය බොහෝ ආන්දෝලනාත්මකව ප්‍රකාශ කළේ මෙම 2021 වසරේදී එම ධුරයෙන්ද ඉවත් වන බැව්ය. ඇන්ජෙලා මර්කල් ජර්මනියේ ප්‍රථම චාන්සලර්වරිය මෙන්ම ලෝකයේද ප්‍රථම චාන්සලර්වරිය වූවාය.

කාලයක් පුරා දුර්වල ආර්ථිකයක් තිබුණු රටක් වන ජර්මනිය පසුකාලයකදී යුරෝපයේ ඉහළම ආර්ථිකය හිමි රට බවට පත්කිරීමට ඇන්ජෙලා මර්කල් සමත් වූවාය. දැනට වසර 15කට අධික කාලයක් චාන්සලර් ධුරයේ කටයුතු කරන ඇන්ජෙලා මර්කල්ට කිසිදු දූෂණ, වංචා චෝදනාවක් මේතාක් දක්වා ඉදිරිපත්ව නැත. ඇය කිසිදු විටක අයුතු ලෙස, එනම් වංචාකාරී ලෙස මුදල් කිසිවක් උපයා නොගත්තාය. ඇය පසුගිය වසර 15ක කාලයටම ලබා ගත්තේ තමන්ට හිමි වැටුප පමණකි. එසේම රජයේ ඉහළ තනතුරු සඳහා ඇය කිසිවිටෙකවත් තමන්ගේ ඥාති, හිතවතුන් කිසිවකුත් පත්කර ගත්තේ නැත. ඇය තම සැමියා සමග ජීවත්ව සිටියේ තමන්ට හිමි පැරැණි තට්ටු නිවාසයේම වන අතර, කිසිදු සුපිරි රාජ්‍ය මන්දිර ලබා ගැනීමට ඇය කටයුතු නොකළාය. එමෙන්ම රජයේ සුපිරි රථවාහන හෝ ගුවන් යානා හෝ ඇය කිසිවිටෙකවත් භාවිත කළේ නැත. බොහෝ විට තමන්ට හිමි පෞද්ගලික වාහන ඇය රාජකාරි කටයුතු සඳහාද භාවිත කළාය. රාජ්‍ය සැප සම්පත් ඇය නිතරපාහේ ප්‍රතික්‍ෂේප කළාය.

ඇන්ජෙලා මර්කල් තමන්ගේ නිවෙසෙහි ඉවුම්, පිහුම් කටයුතු සිදුකර ගැනීම සඳහා කිසිදු විටක මෙහෙකාරියක් හෝ තබා නොගත් බැව් පැවසෙයි. තමන් සහ තම සැමියා එක්ව එම උයන, පිහන කටයුතු හැකි ආකාරයෙන් සිදුකරනු ලබයි. එහිදී වුවද සැමියාට කරදර නොකර යමක් තමන් විසින්ම පිළියෙල කර ගන්නා බැව් පැවසෙයි. ආහාර පිළියෙල කිරීම සඳහා අවශ්‍ය සියලු කළමනා ඇය තමන් විසින්ම වෙළෙඳ සංකීර්ණයක් වෙත ගොස් ලබා ගනියි. ඇය විසින්ම ට්‍රොලියක් තල්ලු කරගෙන විත් එවැනි කළමනා තෝරා මිලදී ගන්නා ආකාරයේ ඡායාරූප අන්තර්ජාලයෙහි දක්නට හැකිය. මෙවැනි දසුන් දකින පොදු ජනයා විටෙක තම නෙත් අදහාගත නොහැකිව ඒ දෙස බලා සිටි ආකාරයද දක්නට හැකිය. මේ අපගේ රටේ නායිකාව නොවේදැයි ඔවුන් තුෂ්ණිම්භූත වී බලා සිටින ආකාරයද දක්නට හැකිය. එසේම ඇය එදිනෙදා පලඳින තම ඇඳුම්, පැලඳුම් පවා ඉතාම සරල චාම් ආකාරයේ ඒවා විය. ඒවා සුපිරි මිල ගණන්වල ඒවාද නොවීය. එමෙන්ම ඇය බොහෝ උත්සවවලදී එකම ඇඳුම පවා පැලඳීමට පවා කටයුතු කළාය.

ඇය මෙසේ ඇඳුම් පැලඳීම ගැන දෙස්, විදෙස් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම වාර ගණනාවකදී ඇයගෙන් විමසා සිටියේය. එවිට ඇය නිරන්තරයෙන්ම කියා සිටියේ ඇය මෝස්තර නිරූපිකාවක් නොවන බැව්ය. ඇයට පැලැඳීමට නිසි ඇඳුම් නොමැති දැයි වරක් මාධ්‍යවේදිනියක ඇයගෙන් ඇසූ විට ඇය පැවසුවේ තමන් නිරූපිකාවක් නොව රාජ්‍ය සේවකයකු පමණක් බවත්ය. පොදු ජනතාව පමණක් නොව ලොව මාධ්‍ය රාශියක්ම පවා ඇයට ආදරය කළ අතර, මහත් ගරුත්වයකින් සැලකුවේය. මාධ්‍යවේදීන් කිසිවිටෙකවත් ඇය සමග එකට, එක ගැටෙන්නට නොගියේය. ඇය සමහර විට සිනහමුසු මුහුණින් මාධ්‍යවේදීන්ට පවසා සිටියේ, මාගේ පෞද්ගලික ජීවිතය ගැන නොඅසා රටේ ආර්ථිකය හෝ සුගතිය ගැන කතාකරන ලෙසය. ඇන්ජෙලා මර්කල්ගේ ස්වාමියාද අතිශය විද්වතකු වන අතර, ඔහු රසායන විiාව පිළිබඳ මහාචාර්යවරයකු වූ ජෝෂිම් සෝවර් (න්‍ද්ජයසප ී්මැර) ය. දැනට 72 වැනි වියෙහි පසුවන ඔහුද අතිශය සරල ජීවිතයක් ගතකරන්නෙකි. ඇන්ජෙලා මර්කල් යුවළට දරුවන් නොමැති අතර, ඇයගේ සැමියාගේ පෙර කසාදයේ පුතුන් දෙදෙනෙකු ඔවුන්ට සිටියි.

වසර 10ක් පුරා ලෝකයේ බලවත්ම කාන්තාව බවට පත්වුණු ඇන්ජෙලා මර්කල්ගේ මෙම සරල දිවි පෙවත කෙතරම් ආඩම්බරයක්ද? එසේම එය කෙතරම් විශ්වනීය, පුදුමාකාර කතාන්දරයක්ද? ඇන්ජෙලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය මේ වන විට ලෝකයේ රටවල් රැසක ගරු බුහුමනටද පත්ව සිටින කාන්තාවකි.

– ඇමෙරිකාවේ ජනාධිපති ගෞරව සම්මානය
– නෝර්වේ රාජ්‍යයේ රාජකීය ගෞරව සම්මානය
– ඉන්දියාවේ ජවහර්ලාල් නේරු ජාත්‍යන්තර ගෞරව සම්මානය
– ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි සාම සම්මානය
– සවුදි අරාබියේ අබ්දුල් අසීස් අල් සවුඩ් රජුගේ ගෞරව සම්මානය
– ඕස්ටි්‍රයාවේ ජාතික රාජ්‍ය ගෞරව සම්මානය
– ඊශ්‍රායලයේ ජනාධිපති ගෞරව සම්මානය
– ඉතාලියේ රාජ්‍ය ගෞරව සම්මානය
– පෘතුගාලයේ රාජකීය ගෞරව සම්මානය
– ජර්මනියේ සහ යුරෝපා සංගමයේ ගෞරව සම්මාන කිහිපයක්

මෙය ඇය ලබා ඇති ගරු බුහුමන්වලින් අල්පයක් පමණි. ලෝකයේ කීර්තිමත් විශ්වවිiාල රැසක්ම ඇයට සම්මාන පුදා ඇත.

දැන් අප මොහොතකට නැවැතී හැරී බලමු. මට මේ සිතෙන දේ දැන් ඔබටද සිතෙනු ඇතැයි මම විශ්වාස කරමි. ලෝකයේ 15 වැනි තැනට තිබෙන ධනවත්ම රාජ්‍යය වන ජර්මනියේ රාජ්‍ය නායිකාව මෙවැනි දිවි පෙවෙතක් ගෙවන විටදී අපේ රටේ බහුතර දේශපාලකයන් පිරිසක් ගතකරන ජීවිතය ගැන කුමන කතාද? අද අපේ රටේ මහජන ධනය විනාශ කර, කාබාසිනියා කරන තරමේ දේශපාලකයන් ලෝකයේ වෙනත් කිසිදු රටක සිටින්නේ දැයි සිතිය නොහැක. ඉන්දියාවේ සහ අප්‍රිකානු රටවල සිටින දේශපාලකයන්ද පරදවමින් අපගේ දේශපාලකයන් ජනතා මුදල් රුපියල් බිලියන ගණනින් කොල්ල කති. ඔවුන්ගේ විවිධ රට, රටවල්වල ඇති සුවිශාල ධන සම්භාරයන් ගැන කුමන කතාද? පසුගිය කාලයක් පුරාම පවුල් පිටින් මෙම අහිංසක මහජන මුදල් ඔවුන් කොල්ල කෑවේය. එම පවුල්වල ආඪ්‍යය ගත් අනෙකුත් වන්දිභට්ට, නිගණ්ඨ දේශපාලකයන්ද බුරුතු පිටින් පොදු ධනය මඩිගසා ගත්තේය. දැන් ඔවුහු සුදනන්වී ජනතාවට රූපවාහිනියෙන් විවිධ බණ දෙසති.

මාගේ වසර 42ක පත්තර කලා ජීවිතයේදී මෙම දේශපාලකයන්ගේ කෙරුම් බොහෝ සජීවීව දැක ඇත. 1979 පෙබරවාරි මාසයේ 15 වැනිදා ‘දවස’ පත්තරයෙන් මාධ්‍ය ගමන ඇරැඹූ මට එකල ජනාධිපතිවරුන්ව සිටි ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන මහත්වරුන්ගේ පාලන සමය හා බොහෝ මාධ්‍ය අත්දැකීම් ඇත. කෙසේ හෝ මෙම නායකයන් දෙදෙනාට විවිධ චෝදනා සමහර අවස්ථාවලදී එල්ලවී තිබුණද, ඔවුන් දෙදෙනාම ගතකළේ ඉතාමත් සරල, චාම් දිවිපෙවෙතකි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වෝඩ් පෙදෙසේ පැරැණි නිවෙසේදී වරක් ඔහු එහි මැද මිදුලේදී තේපැන් සංග්‍රහයක් ලෑස්ති කර තිබූ අතර, එයට මා සහ තවත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සහභාගි විය. ප්‍රේමදාස මහතාගේ පැරැණි ‘සුචරිතය’ ද එවැනි ස්ථානයක් විය. එහිද මම කිහිප වතාවක් ගොස් තිබුණෙමි. ජනාධිපති ඩී. බී. විජේතුංග මහතාගේ කඩුගන්නාවේ නිවෙසටද මම වරක් ගියෙමි. කෙසේ හෝ අතිශය බියකරු කාබාසිනායකාරී දේශපාලකයන්ගේ සමය ආරම්භ වූයේ 2000 දශකයත් සමගය. එම විනාශය තවද ඉතාමත් සාර්ථකව සිදුවෙමින් පවතී.

ලංකාවට ඇන්ජෙලා මර්කෙල්ලා බිහිවන්නේ කවදාද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ෆොන්සේකා වීරසේකරට උණුඋණුවේම උත්තර දෙයි (VIDEO)

Next Post

ඉෂාර HNB බලය අල්ලයි

MORE NEWS

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

Load More
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...

Read more
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.