සෑම නිවසකටම කහ පැළ බඳුන් 5 ක් නොමිලේ ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් අද (01) ආරම්භ කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
පළමු අදිරේදී බඳුන්ගත කහ පැළ ලක්ෂ 75 ක් දිවයින පුරා බෙදා හරින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය හරහා ගෘහස්ත කහ අවශ්‍යතාව ලබන වසර වන විට සම්පූර්ණ කර ගැනීම රජයේ අපේක්ෂාව බව ඔහු සඳහන් කරයි.
වැඩසටහන සනිටුහන් කරමින් ජනාධිපතිතුමා අද (01) පෙරවරුවේ මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැළයක් රෝපණය කළේය.










