ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි.
වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ අදාළ ප්‍රදේශවලින් ලබාගත් PCR සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇති බවය.
එම ප්‍රභේදය B 1 1 7 ලෙස හඳුනාගෙන ඇති බවත්, මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.










