කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මුලු රටම ලොක්ඩවුන් කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුලේ රෝහණ මහතා අවධාරණය කොට ඇත.
එලෙස සිදු නොකළ හොත් ඉදිරියේදී රට දැඩි අවදානම් තත්ත්වයට පත්වීමේ ලකුණු පහළ කොට ඇති බවද ඒ මහතා පවසයි.
රට පුරා තැනින් තැන කොරෝනා උපපොකුරු මතුවෙමින් පවතින බව කී ඒ මහතා අහඹු ලෙස සිදුකරන පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 30% ඉක්මවා හමුවන බවද කීය.










