• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කට අරියි: ජනපතිට පහර දීම අරඹයි

September 23, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
රනිල් කට අරියි: ජනපතිට පහර දීම අරඹයි
Share on WhatsAppShare on Facebook

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මුල්කරගෙන ජනාධිපති ‌මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයාට එල්ල කළ ‌චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට අගමැතිවරයා අද (23) කටයුතු කළේය.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා ‌පෙන්වා ‌දෙන්නේ තමන් කිසිදු ‌මොහාතක ව්‍යවස්ථාව කඩ කර ‌නොමැති බවත්, ජනාධිපතිවරයා අසත්‍ය කරුණු ප්‍රකාශ කරන බවත්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ප්‍රකාශය ‌මෙසේය.

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ අගවිනිසුරුතුමාට සහ නීතිපතිතුමාට පමණයි. මම කිසි විටෙක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටිලා නැහැ. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා.
දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි.
දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනෙක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි. ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළා. මේ කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්මයායි.
ඒ නිසා ජනාධිපතිතුමා කියූ කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමතියි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කර ගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසා ද කියා මම නම් දන්නේ නෑ. මට හෝ ඇමතිවරුන්ට හෝ චෝදනා ඇත්නම් අප පිළිබඳව සැක සංකා ඇත්නම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීමයි. එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක් ද නෙවෙයි.
ඒ වගේම මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළහොත් එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වෙන්නේත් නෑ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මෙන් මම සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා.

මාධ්‍ය ඒකකය
අග්‍රාමාත්‍ය කාර්යාලය

SendShareShare
Previous Post

රනිල්-සජිත් උදේ හමුව හවස 3ට කල් යයි

Next Post

ඥානසාර හිමි මුලතිව් ගිහින් උසාවි නියෝගයටත් පිටින් ‌යයි

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.