2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් කැරොලයින් ජූරි සිය කිරුළ ස්වෙච්ඡාවෙන් අත්හැරීමට ගත් තීරණයත් සමග එය මෙම තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ සතු වන බව ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව 2020 නව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පළදින්නේ මෙම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ වන කේට් ෂයින්ඩර්ය.
මේ අතර කැරොලයින් ජූරි මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කර ඇත.












