හම්බන්තොට වරායට පරමානු ද්‍රව්‍ය සහිත විදේශීය නෞකාවක් පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්, එම කතාවේ ඇත්ත නැත්ත වහාම රටට හෙළිදරව් කිරීමට පියවර ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.
පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරමින් ඒ මහතා කියා සිටියේ පරමාණු අධිකාරියේ අනුමැතියකින් තොරව ඊයේ දිනයේදී මෙම නැව පැමිණ ඇති බවත්, අවම වශයෙන් මෙම නෞකාව පරීක්ෂා කිරීමට හෝ ඉඩ දී නැති බවත්ය.
ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් තොරතුරු රටට හෙළිකරන ලෙස ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
සමාජජාලා ඔස්සේ මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති පළවෙමින් ඇති බවද ඒ මහතා කීය.










