වන අලි රක්ෂිතය ගැසට් කරන ලෙස සූරියවැව වල්සපුගල ගොවීන් මීට දින ගණනාවක සිට ඇරඹූ සත්‍යග්‍රහය අද අවුරුදු දාත් ක්‍රියාත්මක විය.
එම ගොවීන් අද අවුරුදු අනුභව නැකතට එම ස්ථානයේ ලුණු කැඳ පිස ආහාරයට ගැනීම විශේෂ සිදුවීමක් විය.
අදාල ගැසට් පත්‍රය නිකුත් කර ඇතත් ගොවීන් තවමත් සත්‍යග්‍රහයේ නිරත වන්නේ ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව පවසමිනි.











