සමස්ත ශ්රී ලංකාවාසී ජනතාව සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිරිහානේ පිහිටි සිය නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්ර ඉටු කළේය.
ජනාධිපතිතුමා, අයෝමා රාජපක්ෂ මැතිණිය සහ පවුලේ සාමාජිකයෝ චිරාගත සිරිතට අනුව චාරිත්ර ඉටු කරමින් අලුත් අවුරුදු උදාව සැමරූහ.
ජනාධිපතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය වැඩ ඇල්ලීමේ නැකතට සිය නිවස පරිශ්රයේ පැළයක් රෝපණය කළහ.
මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා අලුත් අවුරුද්ද සැමරුවේ පවුලේ ඥාතීන් සමග තංගල්ලේ කාල්ටන් නිවෙසේදීය.














