• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීනි මගඩියෙන් කෝටි 1950ක් නැතිවුණා: පොල්තෙල් මගඩියේ විනාශය ගණන් කරන්න බෑ (VIDEO)

March 31, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සීනි මගඩියෙන් කෝටි 1950ක් නැතිවුණා: පොල්තෙල් මගඩියේ විනාශය ගණන් කරන්න බෑ (VIDEO)
Share on WhatsAppShare on Facebook

රේගුවයි,ප්‍රමිති ආයතනයයි බලපෑම්වලට යටවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

65වෙනි සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට බේරුවල දී එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

පිලිකාකාරක බාල පොල්තෙල් මෙරටට ගෙන්වීමෙන් ජන ජීවිත අනතුරට හෙලූ වරදින් ආණ්ඩුවට නිදහස් විය නොහැකි බවද ඒ මහතා කීය.

“සීනි මගඩියෙන් පස්සේ පොල්තෙල් මගඩිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා. සීනි මගඩියටත් වැඩිය භයානක මගඩියක්. සීනි මගඩියෙන් අපේ රටට අහිමි වුණා කෝටි 1590ක්. දැං පොල්තෙල් මගඩියෙන් අහිමි වෙන දේවල් මුදලින් තක්සේරු කරන්නට බැහැ. ඒවායින් අහිමි වෙන්නේ අපිට මිනිස් ජීවිත. දැන් අපිට දැන ගන්නට ලැබුණා මේ පිරිපහදු නොකරපු පොල්තෙල් ගෙන්වපු සමාගම් තුනෙන් එක සමාගමක පොල්තෙල් පලවෙනි වතාවටත් ෆේල්  දැන් දෙවැනි වතාවටත් ෆේල් වෙලා  තිබෙනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ ආහාරවල තිබෙන ගුණාත්මකභාවය පිළිබඳව පරීක්ෂණ කරලා මේවා ජනතා පරිහරණයට සුදුසුද නැද්ද කියන කාරණාව රටට හෙළිදරව් කිරීම පිළිබඳව මම සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තූතියක් කරනවා. හැබැයි කණගාටුවෙන් හෝ කියන්නට ඕන ප්‍රමිතිකරණ ආයතනය මෙයට අදාළ නිලධාරිනුත් , රේගුවේ මෙයට ආදාල නිලධාරිනුත් , රට වෙනුවෙන් පෙනී සිටින්නේ  නැතුව, ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව ,විවිධ බලපෑම් මත , විවිධ සමාගම්වල මම හිතන ආකාරයට බලපෑම් වලට යටත් වෙලා , ” මම හිතන්නේ විවිධාකාරයේ බලපෑම් කරන්නට ඇති ” ඒ බලපෑම් වලට යටත් කරලා අද වන විට පිළිකා කාරක පොල්තෙල් වෙළඳපොළට නිකුත් වෙලා හමාරයි. දැන් අපිට අහන්නට ලැබෙනවා වෙළඳ ඇමැති තුමා විහිළු සපයනවා එතුමාගේ ප්‍රකාශවලින්.වෙළඳ ඇමති තුමා කියනවා ජනතාවට පොල්තෙල් පිළිබඳව හොයලා බලලා පරිහරණය කරන්න ලු. මං අහනවා  මිත්‍රවරුනේ 69 ලක්ෂයක්  ජනාධිපතිවරණයෙදි , 68 ලක්ෂයක් මහ මැතිවරණයේදී මේ ආණ්ඩුව පත් කරගන්නට කටයුතු කළේ ඔය වගේ උත්තර ලබා ගන්නද ? දැන් එක පැත්තකින් පොල්තෙල් මගඩිය රටේ ජනතාවගේ ජීවිත අනතුරේ. තවත් පැත්තකින් මොකක්ද කරන්නේ ? තවත් පැත්තකින් පරිසර හානිය. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පටන් අරන් තිබෙනවා අලුත් ව්‍යාපෘතියක්. කිරින්ද මාගම වැලිකන්ද ගවේෂණය කරලා වැලිකන්ද තමන්ගේ පාවිච්චියට වැලි කැනීමේ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්නට පිඹුරුපත් සකස් කරගෙන යනවා. කිරින්ද මාගම වැලිකන්ද තමයි ගම්මාන ගණනාවක් සුනාමියෙන් බේර ගත්තේ. සමහර ව්‍යාපාරිකයින් වැලි කඳු පාත් කරල තිබෙනවා. සුනාමියේදී ඒ අයගේ  නිවෙස් සහ හෝටල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා ජීවිතත් අහිමි වුණා. නමුත් ආණ්ඩුව සිංහරාජයෙන් පස්සේ ,නකල්ස් වලින් පස්සේ ,ආනවිලුන්දා වෙන් පස්සේ මේ රටේ සංවේදී පරිසර කලාප ගණනාවක් විනාශ මුඛය කරා ගෙන ගිහිල්ලා. නිල්ගල රතුගල කැලෑව ,සෝමාවතිය කැලෑව ඒ සංවේදී වනාන්තර විනාශ කරලා දැන් වැලිකන්ද ටත් තට්ටු කරන්නට මේ අය කටයුතු කරනවා. දැන් බලන්න මේ රජය කටයුතු කරන්නේ ක්‍රම දෙකකින්. එක ක්‍රමයකින් පොල්තෙල් ජාවාරම් කරල කුට්ටි පිටින් ඩොලර් උපයලා රටේ ජනතාවගේ ජීවිත අනතුරට පත් කරනවා. තවත් පැත්තකින් අපේ රටේ පරිසර විනාශය වැලිකදු විනාශ කිරීම කරා ගෙනයන්නට කටයුතු කරලා තිබෙනවා. මං පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න කැමතියි සමගි ජන බලවේගයේ අපි පරිසර හිතකාමී පක්ෂයක්. මේ රටේ පලවෙනි හරිත පක්ෂය. පරිසරයට මුල් තැන දීලා කටයුතු කරනවා පමණක් නොවෙයි , අනාගතයේ අපි මේ රටේ ජනතාවගේ සෞඛ්‍යසම්පන්න භාවය ශක්තිමත් කරන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. දැන් තමුන්නාන්සේලා හොඳින් දන්නවා අපේ පාලන කාලය තුළ අපේ සෞඛ්‍ය ඇමැතිතුමා ඉන්න කාලේ stents ටික දුන්නා , cochlear implant ටික කෙරුණා, intraocular lenses (අක්ෂි කාච ) ටික ලබා දුන්නා. හෘද සැත්කම් ඉෂ්ඨ කරා. ඒ වගේම සීනි මගඩියෙන් පස්සේ පොල්තෙල් මගඩිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා. සීනි මගඩියටත් වැඩිය භයානක මගඩියක්. දැන් සීනි මගඩියෙන් අපේ රටට අහිමි වුණා කෝටි 1590ක්. දැං පොල්තෙල් මගඩියෙන් අහිමි වෙන දේවල් මුදලින් තක්සේරු කරන්නට බැහැ. ඒවායින් අහිමි වෙන්නේ අපිට මිනිස් ජීවිත. දැන් අපිට දැන ගන්නට ලැබුණා මේ පිරිපහදු නොකරපු පොල්තෙල් ගෙන්වපු සමාගම් තුනෙන් එක සමාගමක පොල්තෙල් පලවෙනි වතාවටත් ෆේල්  දැන් දෙවැනි වතාවටත් ෆේල් වෙලා  තිබෙනවා. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ ආහාරවල තිබෙන ගුණාත්මකභාවය පිළිබඳව පරීක්ෂණ කරලා මේවා ජනතා පරිහරණයට සුදුසුද නැද්ද කියන කාරණාව රටට හෙළිදරව් කිරීම පිළිබඳව මම සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තූතියක් කරනවා. හැබැයි කණගාටුවෙන් හෝ කියන්නට ඕන ප්‍රමිතිකරණ ආයතනය මෙයට අදාළ නිලධාරිනුත් , රේගුවේ මෙයට ආදාල නිලධාරිනුත් , රට වෙනුවෙන් පෙනී සිටින්නේ  නැතුව, ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව ,විවිධ බලපෑම් මත , විවිධ සමාගම්වල මම හිතන ආකාරයට බලපෑම් වලට යටත් වෙලා , ” මම හිතන්නේ විවිධාකාරයේ බලපෑම් කරන්නට ඇති ” ඒ බලපෑම් වලට යටත් කරලා අද වන විට පිළිකා කාරක පොල්තෙල් වෙළඳපොළට නිකුත් වෙලා හමාරයි. දැන් අපිට අහන්නට ලැබෙනවා වෙළඳ ඇමැති තුමා විහිළු සපයනවා එතුමාගේ ප්‍රකාශවලින්.වෙළඳ ඇමති තුමා කියනවා ජනතාවට පොල්තෙල් පිළිබඳව හොයලා බලලා පරිහරණය කරන්න ලු. මං අහනවා  මිත්‍රවරුනේ 69 ලක්ෂයක්  ජනාධිපතිවරණයෙදි , 68 ලක්ෂයක් මහ මැතිවරණයේදී මේ ආණ්ඩුව පත් කරගන්නට කටයුතු කළේ ඔය වගේ උත්තර ලබා ගන්නද ? දැන් එක පැත්තකින් පොල්තෙල් මගඩිය රටේ ජනතාවගේ ජීවිත අනතුරේ. තවත් පැත්තකින් මොකක්ද කරන්නේ ? තවත් පැත්තකින් පරිසර හානිය. දැන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පටන් අරන් තිබෙනවා අලුත් ව්‍යාපෘතියක්. කිරින්ද මාගම වැලිකන්ද ගවේෂණය කරලා වැලිකන්ද තමන්ගේ පාවිච්චියට වැලි කැනීමේ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්නට පිඹුරුපත් සකස් කරගෙන යනවා. දැන් කිරින්ද මාගම වැලිකන්ද තමයි ගම්මාන ගණනාවක් සුනාමියෙන් බේර ගත්තේ. සමහර ව්‍යාපාරිකයින් වැලි කඳු පාත් කරල තිබෙනවා. සුනාමියේදී ඒ අයගේ  නිවෙස් සහ හෝටල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා ජීවිතත් අහිමි වුණා. නමුත් ආණ්ඩුව සිංහරාජයෙන් පස්සේ ,නකල්ස් වලින් පස්සේ ,ආනවිලුන්දා වෙන් පස්සේ මේ රටේ සංවේදී පරිසර කලාප ගණනාවක් විනාශ මුඛය කරා ගෙන ගිහිල්ලා. නිල්ගල රතුගල කැලෑව ,සෝමාවතිය කැලෑව ඒ සංවේදී වනාන්තර විනාශ කරලා දැන් වැලිකන්ද ටත් තට්ටු කරන්නට මේ අය කටයුතු කරනවා. දැන් බලන්න මේ රජය කටයුතු කරන්නේ ක්‍රම දෙකකින්. එක ක්‍රමයකින් පොල්තෙල් ජාවාරම් කරල කුට්ටි පිටින් ඩොලර් උපයලා රටේ ජනතාවගේ ජීවිත අනතුරට පත් කරනවා. තවත් පැත්තකින් අපේ රටේ පරිසර විනාශය වැලිකදු විනාශ කිරීම කරා ගෙනයන්නට කටයුතු කරලා තිබෙනවා. මං පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න කැමතියි සමගි ජන බලවේගයේ අපි පරිසර හිතකාමී පක්ෂයක්. මේ රටේ පලවෙනි හරිත පක්ෂය. පරිසරයට මුල් තැන දීලා කටයුතු කරනවා පමණක් නොවෙයි , අනාගතයේ අපි මේ රටේ ජනතාවගේ සෞඛ්‍යසම්පන්න භාවය ශක්තිමත් කරන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. දැන් තමුන්නාන්සේලා හොඳින් දන්නවා අපේ පාලන කාලය තුළ අපේ සෞඛ්‍ය ඇමැතිතුමා ඉන්න කාලේ stents ටික දුන්නා , cochlear implant ටික කෙරුණා, intraocular lenses (අක්ෂි කාච ) ටික ලබා දුන්නා. හෘද සැත්කම් ඉෂ්ඨ කරා. ඒ වගේම hiaring aids ලබා දුන්නා. මේ ඔක්කොම ලබා දුන්නේ නොමිලේ. හැබැයි එක වෙලාවකට මට හිතෙනවා ඒ කාලේ එහෙම දෙනකොට වැඩිය ඒව ගැන පිළිගැනීමක් ඇගයීමක් සමහරු තුළ තිබුණේ නෑ. අර ඉංග්‍රීසි කියමනක් තිබෙනවා taking everything for granted, මේවා කොහොමටත් ලැබෙන්න තියෙන දේවල් ඒ නිසා ලැබුණ කියලා සමහරෙක් හිතන්නට ඇති. දැන් මොකද වෙලා තියෙන්නෙ ? රෝහල් පද්ධතියේම සංවර්ධන වැඩ කටයුතු නතර වෙලා. ඖෂධ මිල අහස උසට නැගල. වෙනදා රෝහල්වලට තහනම් කරලා තිබුණා බෙහෙත් හේත් පිටින් ලබාගන්න කියන කාරණාව. එදා බෙහෙත් හේත් රෝහලෙන්ම ලබා දුන්න. රෝහලේ අභ්‍යන්තර ෆාමසියෙන් ලබා දුන්නා.  දැන් ආපහු පිට ෆාමසි වලට මුදලට ලබා ගන්න කියලා චිට් එක ලබා දෙන යුගය අද රටේ නිර්මාණය වෙලා. ඉතින් ඇත්ත වශයෙන්ම මිත්‍රවරුනි එක පැත්තකින් පරිසරය විනාශ කරනවා , තවත් පැත්තකින් පොල්තෙල් ජාවාරම නිසා ජන ජීවිත විනාශ කරනවා, ඒ වගේම ආරම්භකරපු සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ලක්ම මේ රටේ ජනතාවට අහිමි කරලා තිබෙනවා. හොඳට මතක තියාගන්න සමගි ජන බලවේගයේ අපි බිහි කරන්නේ පොදුජන වාදී පොදුජන හිතකාමී පරිසරයට ඇලුම් කරන ජනතාව ජීවත් කරවන අපේම පොදුජන ආණ්ඩුවක්. ඒ නිසා මේවා හවුල් ආණ්ඩු නෙමෙයි ,මේවා කවලම් වෙච්ච ආණ්ඩු නෙමෙයි ,ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණින් පමණක් නිර්මාණය වන ආණ්ඩු නෙමෙයි ,ප්‍රතිපත්ති මත ,විද්‍යාත්මක තාක්ෂණික වැඩපිළිවෙළක් මත ,සැලැස්මක් මත අපි ජනතාවට පැහැදිලි පොරොන්දුවක්  ලබා දෙනවා අපේ රට නව සංවර්ධිත යුගයක් කරා අපි ගෙන යනවා. ඒ ගෙන යන ගමනේදී මනුෂ්‍යත්වයට මුල් තැන ලබා දෙමින් ,මනුස්සකමට මුල් තැන ලබා දෙමින් ,මනුස්ස ජීවිත ආරක්ෂා කරමින් අපි අපේ මාතෘ භූමිය ශක්තිමත් කරනවා කියමින් ,සියල්ලන්ට  ස්තූතිය පුදමින් නිහඬ වෙනවා”

SendShareShare
Previous Post

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට ජනපති තීන්දු කරයි

Next Post

චීන එන්නතට විශේෂඥ දොස්තරලාගේ විරෝධය! අනුමැතිය ගන්න අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරලා!!

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.