පළාත් සභා මැතිවරණය කොට්ඨස ක්රමයට පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (30) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝව සාකච්ජා වී ඇත.
මේ වසර අවසානය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවද එහිදී සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ නායකයන් සමගද සාකච්ජා කොට මේ පිළිබදව අවසන් තීන්දුවක් ගැනීමට ආණ්ඩුව තීන්දු කර ඇති බවද වාර්තා වේ.










