කුරුවිට තරුණිය මරා දැමූ බව කියන බුත්තල උපපොලිස් පරීක්ෂකවරයා සිය දිවි නසා ගැනීමට පළමුව දෙදෙනා ලැගුම්ගෙන සිටි හංවැල්ලේ හෝටලයට කතා කොට තමන්ගේ හැදුනුම්පත් අංක මකා දමන ලෙසට ඉල්ලීමක් කර ඇති බව අනාවරණය වේ.
එහිදී හෝටලයේ සේවිකාව එසේ කළ නොහැකි බවත්, පොලිසිය පැමිණ හැදුනුම්පත් අංක ඉල්ලුවහොත් එය ලබා දීමට තමන් බැදී සිටින බවත් දැනුම් දී ඇති බව පැවසේ.
ඉන් අනතුරුව උපපොලිස් පරීක්ෂකවරයා දුරකතනය විසන්ධි කොට ඇති බව දැනගන්නට ඇත.










