• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කන්න-අඳින්න නැති: යෝගට්-ෆ්‍රයිඩ් රයිස් දැකලවත් නැති මහවිලච්චියේ පුංචි මිනිස්සු

February 12, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
කන්න-අඳින්න නැති: යෝගට්-ෆ්‍රයිඩ් රයිස් දැකලවත් නැති මහවිලච්චියේ පුංචි මිනිස්සු
Share on WhatsAppShare on Facebook

මේ රටේ අපට නොපෙනෙන ගොඩාක් මිනිස්සු අසරණ වෙලා දුක්විඳිනවා. හරියට බඩට ආහාර වේලක් නැති සාගින්නෙන් පෙළෙන පිරිසකුත් මේ රටේ ඉන්නවා. මේ විදියට එකම රොටිය මුළු පවුලම කන, ඉන්න තැනක් නැති හිසට වහලක් නැති, පවුලක් ඉන්න ගමක් පිළිබඳව අසන්නට ලැබුණා. ඔවුන් කරපිංචා කොළ විකුණලා ජීවත්වෙන සංවේදී කතාවක් තමයි අපිට අහන්න ලැබුණේ.

ඒ අනුරාධපුරේ සිට කිලෝමීටර හතළිහක් යන විට තන්තිරිමලේ විලච්චිය කියන ගම්මානයයි. මේ ගම හුදකලා වෙච්ච දුෂ්කර ගම්මානයක්. මේ ගමේ ජීවත්වන ජනතාව හරිම අහිංසක දුක්ඛිත ජීවතයක් ගෙවනවා. අපේ රටේ බොහෝ පාලකයින් පුරාජේරුකම් දොඩනවා. ඒත් කොතරම් මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නවාද කියලා හිතෙන්නේ ඔවුන් දැක්කාමයි.

මව්රට පුවත්පත මගින් මේ දුෂ්කර ගමේ ජීවත්වන ජනතාව පිළිබඳව තොරතුරු ලබාගැනීමට අනුරාධපුර මහවිලච්චියේ ශ්‍රී සෝභිත විහාරස්ථානයේ විහාරාධිපති මහනායක රේවත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්තා.

“මේ ගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 357 ග්‍රාමසේවා වසමටයි අයත් වන්නේ. මේ ශ්‍රී සෝභිතනාහිමිගම 1985 වසරේ සිට මාදුළුවාවේ සෝභිත නාහිමියෝ ස්වයංපෝෂිත කළ ගම්මානයක්. ඒ ගම්මානයේ පවුල් 207ක් ජීවත් වෙනවා. සියලුම දෙනා ජීවත්වෙන්නේ කෘෂිකර්මාන්තය පදනම් කරගෙනයි. මේ ගමේ රජයේ සේවකයින් වශයෙන් ආරක්ෂක නිලධාරින් 14 දෙනෙකු පමණ සිටිනවා. අනෙකුත් අය කෘෂිකර්මාන්තය ජීවිකාව කරගෙන ජීවත්වෙනවා. මාදුළුවාවේ සෝභිත නායක හිමියන් ජීවතුන් අතර සිටි කාලයේ උන්වහන්සේගේ දායකකාරකාදීන්ගෙන් ලැබෙන පිරිකරක් වශයෙන් කිරිපැකට් ලබාදී ගමට අතහිත දී තිබුණා. උන්වහන්සේ මේ ගමට නිවාස 76ක් තනාදී තිබෙනවා. නමුත් එංගලන්ත ජනරජය මගින් සෝභිත හාමුදුරුවන්ගේ අපවත්වීමත් සමග උන්වහන්සේට දක්වන උපහාරයක් ලෙස මේ ගම සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 300ක් ලබාදී තිබුණා. 2018 වසරේ මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබුවත් ඒ නිවාස සකසා නොදීම නිසා මේ ගමේ අන්ත අසරණ මිනිස්සු අත්තිවාරම දිහා බලාගෙන සෝසුසුම් හෙළනවා. යනුවෙන් ශ්‍රී සෝභිත විහාරස්ථානයේ විහාරාධිපති මහනායක රේවත ස්වාමින් වහන්සේ අපට පවසා සිටියා.

උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ ගමේ ජනතාව කබලෙන් ළිපට වැටුණා හා සමානව ආණ්ඩුව මෙම කොන්ත්‍රාත් සමාගමට මෙම ව්‍යාපෘතිය බාරදී මිනිස්සු අසරණ කොට තිබෙන බවයි. වර්තමාන රජය විසින් විශේෂ අවධානයක් යොමුකොට මෙම නිවාස ව්‍යාපෘතිය තනාදෙතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් උන්වහන්සේ අපිට කීවා.
මේ ගමේ ළමයි ජීවිතයේ ප්‍රයිඩ් රයිස්, යෝගට් කියන දේවල් අහලා තියා දැකලත් නැහැ. මේ ගමේ මිනිස්සු ජීවත් වෙන්නේ මරණ බයෙන්. මොකද කිව්වොත් ඒ අලි මිනිස් ගැටුම නිසයි. සමහර මිනිස්සු දවස් ගණන් අලින්ට බයේ උයාගෙන කන්නේ ගස් උඩ අට්ටාල ගහලා. මේ මිනිස්සු කන බොන විදිය දැක්කාම ඇහැට කඳුළු උනනවා. අපිට මොනාද තියෙන අඩුපාඩු කියලා හිතෙනවා. අම්මා තාත්තා නංගි මල්ලි අක්කා අයියා මේ සේරම නිදාගන්නේ එකම කටුමැටි ගෙයක එකට වැටිලා. වැසිකිළි කැසිකිළි නැති අන්ත අසරණ දුප්පත් පවුල් ඉන්න ගමක් මේක. සමහර කටුමැටි ගෙවල්වල එක පැත්තයි වැහිලා තියෙන්නේ. සමහර ගෙවල්වල තියෙන්නේ එක වලඳයි මැටි කෝප්පයයි විතරයි. වතුර බොන්නේ එක කෝප්පෙන්. අපේ රටේ ඉන්න බලධාරින්ට ඇයි මේ ගම පේන්නේ නැත්තේ. දුප්පතුන් එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි මුළු ගමම අසරණයි. එක රොටියක් හැදුවොත් ඒ රොටිය කෑලි කැලිවලට බෙදාගෙනයි කන්නේ.
මේ ඇලපත්ගමේ දරුවෝ කිහිප දෙනෙක් මේ ගම පිළිබඳව කියාසිටියේ මෙහෙමයි.

“මේ ගම ගැන කිව්වොත් ගොඩාක් දුෂ්කරයි. අවුරුද්දේ මාස අටක් විතර පායනවා. කුලී වැඩ කරලා තමයි මෙහෙ අය ජීවත්වෙන්නේ. බෙහෙත් බඩු කපනවා, කරපිංචා විකුණනවා, එළබටු කඩලා විකුණනවා. දවසට රුපියල් 400ක් විතර හම්බවෙන්නේ. ඒකත් හැමදාම නෙවෙයි තියෙන දවසට විතරයි.” “අපි කටුමැටි ගෙවල්වල ඉන්නේ. වැස්ස දවසට ඒවාත් කඩා වැටෙනවා. උල්දිය දානවා. අලි කඩලා යනවා එතකොට අපසු මැටි ගහනවා. අපිට ඇඳන් නැහැ. අපි නිදියන්නේ ගොම මැටි ගාලා හාදාගත්ත බිමෙයි. අපි ගොඩාක් ආසයි මෙට්ටවල නිදාගන්න.”

“අපේ තාත්තාගේ ඇඟිල්ල කැඩිලා. බාප්පා තමයි අපට කන්න ගෙනත් දෙන්නේ. අපේ ගෙදර රොටියක් හැදුවොත් සේරම එකතුවෙලා රොටි කෑල්ල කෑල්ල කනවා” “දැන් අපේ තාත්තාට වකුගඩු අමාරුව හැදිලා තියෙන්නේ. අපිට බොන්න වතුර ගේන්න සැතපුම් ගානක් යන්න ඕනේ. අපිට පුළුවන්නම් වතුර ලබාදෙන්න කියලා තමයි නැන්දලා මාමලගෙන් අපි ඉල්ලන්නේ. තාත්තාට වකුගඩු පඩිය රුපියල් 5000ක් හම්බවෙනවා. මායි අක්කයි තාත්තායි ජීවත් වෙන්නේ ඒ රුපියල් 5000න් මාසයක්” මේ ගමේ මිනිසුන්ට වකුගඩු රෝග හැදෙන්නේ පිරිසිදු ජලය නොමැතිකම නිසයි.

“අපි බොන්න වතුර ගේන්න කිලෝමීටර ගානක් දුර යන්න ඕනේ. අපි කෑම කන්නේ උදේටයි රෑටයි විතරයි” අපි ඇහුවා ඔයාලා මොනවගේ කෑමද කන්නේ කියලා.

“ලුණුමිරිස්, බත්, පොල්සම්බෝල වගේ” කියලා එයාලා උත්තර දුන්නා.
“මේ ගමේ යන්න එන්න බස් නැහැ. වාහන නැහැ. අපි ඉස්කෝලේට යන්නේ කිලෝමීටර දහයක් විතර පයින්. අපිට බයිසිකල් තිබුණානම් ඉස්කෝලේ යන්න පුළුවන්” “බබෙක් හම්බවෙන්න හිටියොත් ඒ ළමයාව ගෙදර හම්බවෙන්නේ. මොකද කිව්වොත් යන්න වාහනයක් නැහැ. 1990 සුවසැරියට කතා කළොත් වෙන ලෙඩෙක් අරන් ගිහින්. ඈතක හිටියොත් ඒ එන්නෙත් නැහැ”

“අපි කඩේට ගිහිල්ලා බඩුවක් ගත්තොත් ගන්නේ අල ගෙඩියයි සීනි සීයයි. හාල් ග්‍රෑම් 500ක් ගත්තොත් වේලක් කාලා ගොඩාක් වේල් බඩගින්නේ ඉන්නවා”

දරුපැටවකු උකුලේ තියාගෙන හිටපු කාන්තාවක් අපිට මෙහෙම කිව්වා.මේ ගම පිළිබඳව හලාවත වනරතන සේනාසනයේ කස්සප ස්වාමින් වහන්සේ පවසා සිටියේ මෙහෙම කතාවක්.

“අපේ සේනාසනයේ කසාවත පදනම කියලා පදනමක් තියෙනවා. වාර්ෂිකව අපි සෑම අප්‍රියෙල් මාසයකම නෑගම් යනවා. ඒ කියන්නේ ගොඩාක් අසරණ මිනිස්සුන් ඉන්න ගම් සොයලා අවුරුද්දට කිරිබතක් උයාගන්න බැරි අවුරුදු කන්න බැරි නැතිබැරි අය වෙනුවෙන්, මුට්ටියේ ඉඳලාම අපි ඔවුන්ට විශාල බඩු මල්ලක් ලබාදෙනවා. ගිය අවුරුද්දේ අපි මේ ගමට ආවා. අපි එතකොට දැක්කා විශාල ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව. දියුණුවෙන්න උවමනාවක් තිබුණාට කිසිම පහසුකමක් නැති අයයි මේ අය. ඉතින් එහෙම දැකලා සංසාර පිනකට අපිට මෙහෙම දෙන්න ලැබිලා තියෙන්නේ. අපි හිතුව මොවුන්ට උදව් කරන්න ඕනේ කියලා. මොවුන්ට මොනයම් හෝ පවක් නිසා ඒ දේවල් ලැබිලා නැහැ. මේ මිනිස්සු හුදකලා වෙලා ඉන්නවා දැක්කාම අපි හිතුවා උදව් කරන්න ඕනේ කියලා. බොහෝ දේශපාලනඥයෝ නොයෙක් අය කියනවා මේ රටේ කටුමැටි ගෙවල් නැහැ. ඒත් මේවා දැක්කාම එහෙම නෑ කියලා හිතෙනවා.

බොහෝ සංවේදී කතාවක් මේ අය කිව්වා. ප්‍රයිඩ්රයිස් කාලා නෑ කිව්වා. සමහර ළමයි දන්නේ නැහැ ඒ මොනාද කියල. එතකොට හිතන්න මේ ගම කොතනද තියෙන්නේ කියලා. අපි කියන්නේ මේ මිනිසුන්ගේ අසරණකම නෙවෙයි. මේ මිනිසුන්ට උදව් කරන්න කියලා. ඒ නිසා අපි ජනවාරි 23 වනදා සියලු දෙනාටම ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ලැස්ති කළා. ආරාධනාවක් කරනවා ඔබට යමක් ලැබිලා තියෙනවා සංසාරේ පිනකට, මේ ගමට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් අපිව සම්බන්ධ කරගෙන මේ අයට උදව් කරන්න. අපි සමග එක්වන්න. ඒ අයට ඥඥඥඥජීවත්වෙන්න ස්වයං රැකියාවක් හරි හදලා දෙන්න පුළුවන්නම් ඒක මහඟු පිනක්. ඉස්කෝලේ යන ළමයින්ට බයිසිකල් ටිකක් ලබලා දෙන්න පුළුවන්නම් ලොකු දෙයක්, නැවතත් ආරාධනා කරනවා අපි සමග එක්වන්න කියලා. පුංචි කථාවක් කියන්නම් පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. කිව්වාට අහිතක් හිතන්න එපා එක්කෙනෙක් වාර්ෂිකව ලක්ෂයක් දුන්නොත් ලක්ෂ 225ක්. ගම් කීයක් හදන්න පුළුවන්ද? හැබැයි එයාලා එහෙම කරන්නේ නැහැ පුළුවන්නම් අපි එකතුවෙලා උදව් කරමු” පුළුවන්නම් මොවුන්ට ජීවිතය ගොඩගන්න ශක්තිය දෙන්න උදව් කරන්න.

පාර්ලිමේන්තු 225 නොකරන දෙයක් කරන්න ඔබත් මේ ගමට යන්න. උදව් කරන්න කැමති අය ස්වාමීන් වහන්සේට කතා කරන්න.

රේවත ස්වාමින් වහන්සේ 071-7007516 / 0774637759

‘හිස් මොළ තිබෙත්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ’

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කොළඹ-ගම්පහ-කළුතර-වව්නියාවෙන් කොරෝනා අලුත් ප්‍රභේදය මතුවෙයි

Next Post

ලෙබනනය බංකොලොත්: ඊළගට ලංකාව: පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.