• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහමොළකරු සලිදු: හැංගිලා හිටියේ ජේලර්ගේ ගෙදර: මහදවාලේ පානදුරේ කළ ඝාතනයේ සියල්ල එළියට CID SPECIAL

February 1, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
මහමොළකරු සලිදු: හැංගිලා හිටියේ ජේලර්ගේ ගෙදර: මහදවාලේ පානදුරේ කළ ඝාතනයේ සියල්ල එළියට CID SPECIAL
Share on WhatsAppShare on Facebook

ඉකුත් 25 වෙනිදා පානදුර පල්ලිය මුල්ල හංදියේදි දෙනෝ දහක් බලා සිටියදී යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් ටී 56 අවියකින් ත්‍රී රෝද රථයක සිටි ධිවරයෙක්ව ඝාතනය කරන්නේද ඩුබායි සිට කෙරුණු මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. වෙඩික්කරුවන් කවුරුන්දැයි නිශ්චිතවම මෙතෙක් හදුනාගෙන නැතත් එම ඝාතනයට මුල සොයා ගැනීමට නම් පොලීසිය සමත්ව ඇත.

මෙම ඝාතනය සිදුවන්නේ එදා උදෑසන 9.15 ට පමණය. ඝාතනයට ලක්වන්නේ පානදුර වලානේ ගැමුණු මාවතේ පදිංචිව සිටි තිස් තුන් වියේ පසුවුණු ලක්ෂාන් සදකැළුම් නම් වූ දෙදරු පියෙකි. හඳුනාගෙන ඇති ආකාරයට අනුව ඔහුගේ ඝාතනය මෙහෙයවා ඇත්තේ මෑතකදී ඩුබායි රටට පැනගත් මත්කුඩු ජාවාරම්කරුවෙක් බව හඳුනාගෙන සිටින සලිඳු මලීශ නොහොත් කුඩු සලිඳුය. ඔහුත් තිස් දෙහැවිරිදි වියැතිය. මාකඳුරේ මධුෂ්ගේ මත්කුඩු ජාවාරමේ පුරුකක් වන කුඩු සලිඳු දැන් පරෙයි සුද්දාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නෙකි. පරෙයි සුද්දා යනු වනාතමුල්ල කේන්ද්‍රකර ගනිමින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. දැන් ඔහු සිටින්නේ හිරේය. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී හෙරොයින් කිලෝ 50ක් සමඟ පොලීසියට කොටුවීය. හිරේ ඇතුලේ සිටියත් පරෙයි සුද්දාගේ මත්කුඩු ජාවාරමට නැවතීමේ තිත තැබී නැත. කුඩු සලිඳු පානදුර පැත්තේ බෙදන්නේ පරෙයි සුද්දාගේ බඩුය. ඔහු ඩුබායි පනින්නේ පොලීසිය ඔහු පස්සේ පන්නන්නට ගැනීමත් සමඟිනි. දැන් ඔහු සිටින්නේ ඩුබායි රටේ රැඳී සිටින මෙරට මත්කුඩු ජාවාරමේ දැවැන්තයින්ගේ සෙවනෙහිය.

ඝාතනයට ලක්වන ලක්ෂාන්ද මත්කුඩු ජාවාරමේ පුරුකකි. ඔහු ගොඩබිමේ මත්කුඩු ජාවාරමේ නිරත වන්නේ නැත. ඔහු වැඩ පෙන්වන්නේ මුහුදෙනි. වැඩි වශයෙන් ඔහු ගොඩබිමට රැගෙන එන්නේ කේරල ගංජාය. ඒ එකවර කිලෝ දෙතුන් සීය ගණනින්ය. මෑතකදී එක්තරා පොලිස් කණ්ඩායමක් ලක්ෂාන්ට දැලක් එළන්නේ කේරල ගංජා කිලෝ 500ක් අල්ලා ගන්නටය. එහෙත් ඔහුව සිය අණට නතුකර ගැනීමට පොලිස් කණ්ඩායමට එතරම් පහසු වූයේ නැත. එහෙත් එම කණ්ඩායම පසුව කේරල ගංජා කිලෝ 54ක් අල්ලන්නේ පානදුර පැත්තේ කළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙසිනි. එම ගංජා මුහුදු මාර්ග ඔස්සේ පානදුර පැත්තෙන් ගොඩබිමට රැගෙන පැමිණි ඒවාය. එම ගංජා තොගය පොලීසියට හසුවීමේ සැකය එල්ලවන්නේ ලක්ෂාන්ටය. ඔහුගේ ඝාතනය පිටුපස සැඟවුණු එක් කතාවක් වන්නේ එම පොලිස් වැටලීමය.

ලක්ෂාන්ගේ ඝාතනය හා බැදුණු තවත් කථාවක් වන්නේ ඩුබායි පැන ගත් කුඩු සලිඳුගේ බිරිද සමඟ ඇතිකර ගත්තේ යැයි කියන හිතවත්කමකි. මේ දෙකෙන් ලක්ෂාන්ගේ ඝාතනයට තුඩුදුන්නේ කුමක්දැයි පැහැදිලි නැතත් ලක්ෂාන්ගේ ඝාතනය ඩුබායි සිට මෙහෙයැවූයේ කුඩු සලිඳු යැයි පැහැදිලිය. ඒ මේ වන විට පොලිස් අත්අඩංගුවේ සිටින ලක්ෂාන්ව මාරයා ළඟට රැගෙන ගිය ඔහුගේම මිතුරෙකුගේ පාපොච්ඡාරණයකට අනුවය. ඔහු නමින් චතුරංග නොහොත් චතූය. එදා නිවසේ සිටි ලක්ෂාන්ව ත්‍රී රෝද රථයේ නංවාගෙන මොරටුවට යන්නේ ඔහුය. ඒ ත්‍රී රෝද රථයේ කාර්මික දෝෂයක් අලු‍ත්වැඩියා කර ගැනීමට යැයි කියාය. ලක්ෂාන්ව ත්‍රී රෝද රථයට ගොඩ කර ගැනීමට පෙර චතූ සිය ජංගම දුරකතනයෙන් මිස් කෝල් එකක් ගන්නේ ඩුබායි සිටින කුඩු සලිඳුටය. ඊට සලිඳු ප්‍රතිචාර දක්වන්නේ වට්ස්ඇප් ඇමතුමකිනි. එහිදී චතූට උපදෙස් ලැබෙන්නේ ලක්ෂාන්ව පල්ලියමුල්ලට රැගෙන යන ලෙසය. ඒ අනුව ලක්ෂාන්ව ත්‍රී රෝද රථයේ නන්වාගත් චතූ මොරටුව දෙසට ගමන් කරන්නට විය. පල්ලියමුල්ල ප්‍රදේශයේ වෙළෙඳ සැලක් අසලින් ත්‍රී රෝද රථය චතූගේ අණින් නතර කෙරෙන්නේ දුම්වැටියක් මිලදී ගන්නට යැයි කියාය. චතූ ත්‍රී රෝද රථයෙන් බැස්සේය. රියදුරු ඉදිරිපස අසුනේ සිටියේය. ඔහු චතූගේ මිතුරෙකි. පිටුපස ආසනයේ රැදී සිටියේ ලක්ෂාන්ය. සියල්ල සිදුවූයේ කුඩු සලිඳු ඩුබායි සිටි දුරකතන ඇමතුමෙන් ලබාදුන් උපදෙස්වලට අනුවය.

ත්‍රිරෝද රථය අසල යතුරු පැදියක් නතර කෙරෙන්නේ ඒ අතරය. පසුපස අසුනේ රැඳී සිටි මුහුණු ආවරණය සහිත හිස් වැසුමක් පැලඳි පුද්ලයෙක් ත්‍රිරෝද රථය අසලට ගියේය. ඒ මල්ලක්ද අතින් ගෙනය. එකවරම ඔහු සිය මල්ලෙන් පිටතට ගන්නේ ටී-56 අවියකි. ඔහු ලක්ෂාන්ව ඉලක්ක කර වෙඩි කිහිපයක් එල්ල කරන්නේ පළපුරුදු වෙඩික්කරුවෙක් ලෙසිනි. අනතුරුව ඔහු දිවගොස් ගොඩවන්නේ යතුරු පැදියටය. ටී-56 අවිය අමෝරාගෙන යතුරු පැදියේ නැඟුණු ඔහු වේගයෙන් එම ස්ථානය පසුකර යන්නේ ගමන් කරන අතරතුර ගිනි අවිය කොටස්වලට කඩා මල්ලට දමා ගනිමිනි.
මෙම ඝාතනය පොලීසියට කළ අභියෝගයක් බඳු විය. එම අභියෝගයට මුහුණ දීමේ වගකීම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කළුතර නියෝජ්‍ය පොලිස්පති පී. කේ. ඩී. ප්‍රියන්ත යන මහත්වරු පවරන්නේ පානදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතාටය. පැය 24ක් යන්නට මත්තෙන් ලක්ෂාන්ගේ ඝාතනයේ සැඟවුණු අභිරහස විසඳන්නට ඔහු සමත් වන්නේ ඒ අනුවය. ඒ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා දිවා රෑ නොබලා කළ වෙහසකර මෙහෙයුමකින් අනතුරුවය. එහිදී චතූගේ දුරකතනය පවා පොලිස් විමර්ශකයන්ගේ නිරීක්ෂණයට ලක්විය. එසේම වෙඩික්කරුවන් පැමිණි මඟ ආරක්ෂක කැමරා මඟින් පරීක්ෂාවක්ද කරන්නට විය. වෙඩික්කරුවන් දින කිහිපයක් තිස්සේ නවාතැන් ගෙන සිටි ගල්කිස්සේ ගඟුල පාරේ නිවෙසක් ගැන තොරතුරු හෙළිවන්නේ එහිදීය. එම නිවස විශ්‍රාමික බන්ධනාගාර ජේලර්වරයෙකුගේය. ඔහුට නිවුන් දරුවන් දෙදෙනෙකි. එක් දරුවෙක් සිටින්නේ මතට ඇබ්බැහි වීය. ඒ නිසාම ඔහු බන්ධනාගාරගතවද සිට ඇත. කුඩු සලිඳු ඔහුගේ මිතුරෙකි. ඩුබායි සිට සලිදු දුරකථන ඇමතුමකින් කියූ නිසා යතුරු පැදියකින් පැමිණි ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට සිය නිවසේ නවාතැන් සපයා දුන් බව මතට ඇබ්බැහි වී සිටින ජේලර්ගේ පුතා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැවැසුවේය. ඒ වෙනුවට රුපියල් 10,000ක්ද ඔහු අතට ලැබී ඇත්තේය. ජේලර්ගේ පුතාට ඇමතුම ලද දුරකතන අංකයත් චතූ ඇමතුම ලබාගත් දුරකතන අංකයත් එක හා සමානය. ඒ අනුව වැඩකරු කුඩු සලිඳු බව පැහැදිලිය.

එහෙත් වෙඩික්කරුවන් කවුරුන්දැයි අපැහැදිලිය. ඒ අය කොන්ත්‍රාත් ඝාතකයන් බවට විශ්වාසයක්ද පවතී. ඒ පහුගිය සමයේ සිදුවුණු මිනිස් ඝාතන රැසක ඝාතකයන් තවමත් සිටින්නේ නිදැල්ලේ වන බැවිනි. කොවිඩ් පළමු රැල්ල ව්‍යාප්තව පැවැතියදී ඇඳිරි නීතිය අස්සේ මොරටුවේ හෝටලයකට වෙඩි තැබූ සැබෑ වෙඩික්කරුවන් මෙන්ම ගිනි අවියද අදටත් සොයාගෙන නැත. මිනුවන්ගොඩ පාළු නිවසකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වූ ගොනා කෝවිලේ රාජා නැමැත්තාගේ පිටින් පොලීසිය එම වෙඩි තැබීම බැර කළද එය සැබෑවක් නොවන බව දැන් හෙළිවී හමාරය. රාජාද ඉන්දියාවට බෝට්ටුවකින් පළාගොස් එහි සිට ඩුබායි වෙත ගොස් කාලයක් රැඳී සිටියෙකි. පොලිස් වෙඩි පහරකින් ඔහු ඝාතනය වන්නේ නැවතත් ඩුබායි සිට ඉන්දියාවට ගොස් එහි සිට බෝට්ටුවකින් මෙරටට පැමිණ සැඟවුණු ජීවිතයක් ගතකරමින් සිටියදීය. ඔහුගේ ඝාතනයෙන් පසු පොලීසිය කීවේ ඔහු ගොනා කෝවිලේ රොහාගේ ගෝලයෙක් බවකි. එහෙත් සැබෑව නම් ඔහු ගොනා කෝවිලේ අංජුගේ ගෝලයෙකි. ඩුබායි සිට ඔහු මෙරටට එන්නේ අංජු සමග ඇතිවුණු හිත් අමනාපයක් හේතුවෙනි. අවසානයේදී ගොනා කෝවිලේ රොහාගේ ඉරණමද පොලීසිය විසඳන්නේ වෙඩි උණ්ඩයකිනි. ඒ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස ලබා පොලීසියට කට්ටි පනිමින් සිට රටින් පළායාමට මගක් හොයමින් සිටියදීය. පොලීසිය කීවේ ඔහු බෝට්ටුවක නැගී ඉන්දියාවට පළායාමට සූදානමින් වෙරළේ පාළු නිවසක රැදී සිටියදී පොලීසිය සමග ගැටී මරුමුවට පත්වූ බවකි.

ගොනා කෝවිලේ රොහා මෙන්ම දැන් තවත් පාතාලයේ ප්‍රබලයෙක් බන්ධනාගාරයෙන් එළියට එන්නට ඇප ලබා සිටිති. ඔහු ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දාය. කොස්ගොඩ සුජීගේ පාතාල කල්ලියේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වන ඔහු පොඩි ලැසියාගේ සමීපතමයෙකි. හිත හොඳ දොස්තර ලෙසද කරන්දෙණිය පැත්තේ ප්‍රසිද්ධව සිටි කරන්දෙණිය බොරකන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත ජයසිංහ මහතාට 2011 වසරේදී වෙඩි තබා මරා දමන්නේද කරන්දෙණියේ සුද්දාය. යුද හමුදා සෙබළෙක් වූ’කරන්දෙණියේ සුද්දාද කොන්ත්‍රාත් ඝාතකයෙක් බව කියැවේ. බුද්ධි අංශවලට මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව කරන්දෙණියේ සුද්දා දැනටමත් තමාට ලද ඇප කොන්දේසි සපුරා අවසන්ය. ඒ අනුව හෙට අනිද්දාම ඔහු හිර ගෙදරින් එළියට එනු ඇත. බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු එළියට එන්නේ මෙරට රැඳී සිටින්නට නොව බෝට්ටුවක නැගී අඩුම තරමින් ඉන්දියාවටවත් පැන ගන්නට සැලසුමක් ඇතිවය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

හැමදාම පරදිනවට දඬුවමක්: ක්‍රිකට් පඩි කැපේ

Next Post

පාස්කු වාර්තාවෙන් වාර්තාවක්: පිටු ලක්ෂය පන්නයි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.