කොරෝනා රෝගය පැතිරුණු රටවල් 100ක් අතරින් රෝගය මනාව පාලනයකට යටත් කළ මුල් රටවල් 10 අතර ලංකාවද සිටින බව ඔස්ට්‍රෙිලියාවේ ලොවී ආයතනය මගින් කළ සමීක්ෂණයකින් අනාවරණය කොට ඇත.
මෙම වාර්තාවේ සිටින දකුණු ආසියානු එකම රට වන්නේ ලංකාවය.
කොරෝනා වෛරසය වඩාත් පලදායි ලෙස පාලනය කළ ලෝකයේ අන් රටවල් සියල්ල අභිබවමින් නවසීලන්තය ඉදිරියෙන්ම සිටින බවට එම සමීක්ෂණයකින් හෙළිකොට තිබේ.
සෑම රටකින්ම වාර්තා වී ඇති කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව හා PCR පරීක්ෂණ සිදුකිරීමේ අනුපාතය සම්බන්ධයෙන් මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කොට ඇත.
ඒ අනුව එම ලයිස්තුවේ පළමු ස්ථානයට නවසීලන්තය පත්ව ඇති අතර වියට්නාමය, තායිවානය සහ තායිලන්තය පිළිවෙලින් දෙවන, තෙවන සහ සිව්වෙනි ස්ථානය හිමිකර ගෙන ඇත.
වෛරසය පාලනය කිරීමට ප්‍රබල ලෙස කටයුතු ඕස්ට්‍රේලියාව එම ලයිස්තුවේ 08 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 10 වන ස්ථානයේයි.
කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබෙන අමෙරිකා එක්සත් ජනපදය ලයිස්තුවේ 94 වන ස්ථානයේ රැඳී සිටින අතර ඉන්දුනීසියාව සහ ඉන්දියාව පිළිවෙලින් 85 සහ 86 යන ස්ථානයේ පසුවේ.
වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වන කරුණු ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් චීනය මෙම සමීක්ෂණය සඳහා අන්තර්ගත කොට නොමැති බව ලෝවී ආයතනය පවසයි.











