පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කටයුතු නිල වශයෙන් අවසන් වී ඇති අතර අවසන් වාර්තාව මේ මස 31 වනදා ට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතය.
ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂි දීමෙන් අනතුරුවය.
ඒ අනුව වසරකට වැඩි කාලයක් සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.










