කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂඥ මණ්ඩලයක් විසින් දැඩි ලෙස හෙළා දැක ඇති අතර, එය සුළු ජාතීන් ඉලක්ක කරගත් මානව හිමිකම් උල්ලංඝනයක් බව දැඩිව පෙන්වා දී ඇත.
නිවේදනයක් නිකුත් කරන එම මණ්ඩලය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත මියගිය පුද්ගලයන්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය නවතා දමන ලෙසයි.
ශ්‍රී ලංකා රජටේ මෙම තීරණය හේතුවෙන් මුස්ලිම්වරුන් සහ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහීම් වලට බාධා වන බවත් ඒ හේතුවෙන් ප්‍රචණ්ඩතා තවත් ඉහළ යා හැකි බවත් ඔවුන් අනතුරු අඟවා ඇත.
එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලය මෙසේය:
Ahmed Shaheed (Special Rapporteur on freedom of religion or belief)
Fernand de Varennes (Special Rapporteur on minority issues)
Clément Nyaletsossi Voule (Special Rapporteur on the rights of peaceful assembly and association)
Tlaleng Mofokeng (Special Rapporteur on the right of everyone to the enjoyment of the highest attainable standard of physical and mental health)










