මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ (17) දිනයේදී පමණක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඊයේ (17) මාරාන්තික අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර මාර්ග අනතුරු හේතුවෙන් බදාදා (16) රෝහල් ගත කර ඇති පුද්ගලයින් තිදෙනෙකු ද තුවාල ලබා මියගොස් තිබේ.
සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ් -19 වසංගතයට පෙර මාරාන්තික අනතුරු 10ක් දිනපතා වාර්තා වී ඇති අතර, මෙවැනිම තත්ත්වයක් නැවත රට තුළ පැන නැගී තිබේ.
ඒ අනුව අධික වේගයෙන් රිය පැදවීම සහ බීමතින් රිය පැදවීම සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂයෙන් සති අන්තයේ දී රට පුරා පොලීසිය සහ රථවාහන පොලිසිය විසින් දැවැන්ත මෙහෙයුම් දියත් කර තිබේ.








