කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය තුළ දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනයේදී වාර්තා කරමින් රෝගීන් 878ක් හදුනාගත් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,410ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 18,304කි.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,982කි.
මේ අතර ඊයේ දිනයේදී ද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණනද 124ක් දක්වා ඉහළ ගොස් ඇත.











