• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට පුරා චෛත්‍යය 1125ක් ඉදිකරන මෙහෙයුමේ 8 වැන්න සජිත් සසුනට පූජා කරයි (VIDEO & PHOTOS)

November 29, 2020
in Exclusive
Reading Time: 9 mins read
A A
රට පුරා චෛත්‍යය 1125ක් ඉදිකරන මෙහෙයුමේ 8 වැන්න සජිත් සසුනට පූජා කරයි (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස , සසුනට අරුණ දීප ව්‍යාප්ත වැඩසටහනට සමගාමීව මානජ්ජාව විවේකාරාම පිංබිමෙහි  ඉදිවූ නාපාන මාහිමි සමරු මහා සෑරදුන් වහන්සේ , සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ මහා පුණ්‍යකර්මය අද(29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සදහන් කළේය.

අපවත් වී වදාළ නාපාන පේමසිරි අපගේ නායක මාහිමිපාණන් වහන්සේ මගේ ජීවිතයට ඉතාමත්ම සමීප චරිතයක් .උන්වහන්සේගේ අවවාද අනුශාසනා  මගේ ආගමික සහ සමාජ,දේශපාලන  කටයුතු වෙනුවෙන් විශාල ආශිර්වාදයක් වුණා.මගේ ආගමික ශාසනික සහ සමාජයීය කටයුතු වල දී සෑම විටකම මම ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තා.අපගේ නාපානේ පේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමුවෙලා ආශිර්වාද ලබා ගැනීම මම නිරන්තරයෙන් සිදු කළා.

විශේෂෙන්ම මට මතකයි සසුනට අරුණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙරාතුව මම ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත්තා.ඒ වගේම නාපාන පේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සසුනට අරුණ ගැන දැනුම් දෙන්න උන් වහන්සේව බැහැ දකින්න ගියා.මම තරමක් ඈතින් වාඩි වුනාම උන්වහන්සේ මට කතා කරලා කිව්වා “ඈත වැඩී, ලඟට ඇවිත් වාඩි වෙන්න’ කියලා . 

ඊට පස්සේ උන් වහන්සේ මගෙන් ඇහුවා මොනවද දැන් කරන්නේ කියලා.මම කිව්වා සසුනට අරුණ වැඩසටහන ආරම්භ කරනවා කියලා .උන් වහන්සේ මගෙන් අහපු ප්‍රශ්නෙ තමයි කොහොමද  ආණ්ඩු බලයක් නැතිව මේවා කරන්න කියලා.මම කීවා  විපක්ෂයේ ඉඳගෙන හරි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මම කළ හැකි සියල්ල කරනවා කියලා.මම කිව්වා මූලිකවම මේකෙ වැඩ කටයුතු ආරම්භ කරන්නේ රුපියල් 50,000ක පුංචි අරමුදලක් විහාරස්ථානයට  ලබාදීලා කියලා.ඒක අහපු අපේ නායක මාහිමිපාණන් වහන්සේ මගේ දෑතම අල්ලලා ඒකට ආශිර්වාදය ලබා දුන්නා.ඊට පස්සේ මම අමාත්‍යවරයෙක් බවට පත් උනහම අපේ ගරුතර නායක මාහිමිපාණන් වහන්සේ හමුවෙලා මම කිව්වා මට දැන් වෙනදට වඩා කිසියම් ශක්තියක් තියෙනවා.දැන් මගේ ඉලක්කය සසුනට අරුණ වැඩසටහන හරහා චෛත්‍යය 1125 ක් ඉදිකිරීම කියලා.ඒ මොහොතෙත් නායක හාමුදුරුවෝ මගේ අත් දෙක අල්ලලා ඇහුවා මෙච්චර ප්‍රමාණයක් චෛත්‍යය ඉදි කරන්න පුළුවන්ද කියලා.මම කිව්වා ‘ගරු මහා මහනායක මාහිමිපාණන් වහන්ස, මේක හරි අමාරුයි,. දුෂ්කර ඉලක්කයක්. නමුත් ව්‍යාපෘතිය කොහොමහරි මං පටන් ගන්නවා කියලා .මගෙන් ඇහුවා මොකක්ද සැලැස්ම කියලා.මම කීවා පළමු වසරේ දිස්ත්‍රික්කයට එක බැගින් චෛත්‍ය 25 ක්.දෙවෙනි වසරේ දිස්ත්‍රික්කයකට චෛත්‍ය 4 බැගින් චෛත්‍ය සීයක්.තුන්වෙනි වටේ අමාරු ඉලක්කයක්.ඒ කියන්නේ  දිස්ත්‍රික්කයකට චෛත්‍යය 40 බැගින් චෛත්‍යය දහසක්.ඒ මොහොතේ අපේ නායක මාහිමිපාණන් වහන්සේ මගේ අත් දෙක අල්ලා මට ආශිර්වාද ලබා දුන්නා.

මේ කාරණා මං මතක් කරන්නේ විශේෂයෙන්ම අපගේ මහ නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවක් හැටියට.අද නාපාන නායක මාහිමි අනුස්මරණ සෑය හැටියට මේ චෛත්‍ය අපි සසුනට පූජා කරනවා.

ලංකාවේ සසුනට පූජා කරන අට වැනි චෛත්‍යය තමයි මේ චෛත්‍ය.හම්බන්තොට දිස්ත්‍රික්කයේ හයවෙනි චෛත්‍යය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ  මේ වගේ ම චෛත්‍යය ඉදි වෙනවා.ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ තවත් චෛත්‍යක් ඉදිවෙනවා.මේවට අමතරව අම්පාර , පුත්තලම, වව්නියාව, බදුල්ල, රත්නපුර, ගාල්ල ,මඩකලපුව, කුරුණෑගල, ගම්පහ, මොණරාගල කොළඹ අවිස්සාවේල්ල බල ප්‍රදේශය වගේම මාතර බල ප්‍රදේශයේ ත් තවත් චෛත්‍ය දහතුනක් ඉදිකරමින් පවතිනවා .ඒ දහතුනත් එක්ක සසුනට චෛත්‍ය විසි එකක් ඉදිකරලා අවසන් වෙනවා.අපි අපේ පලවෙනි වටේ සම්පූර්ණ කරන්න අදහස් කරනවා.ඒ වගේම දෙවෙනි වටයක් තුන්වෙනි වටයක් අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජීවත් වෙලා හිටියොත් අපගේ ජීවිත කාලය තුළ ඒක අවසන් කරන්න පුලුවන් වෙයි.

අවසන් ඉලක්කය රටේ චෛත්‍යය නොමැති ඈත එපිට දුෂ්කර බල ප්‍රදේශ වල ප්‍රදේශවල සියලු විහාරස්ථානවලට චෛත්‍ය ඉදිකර දීම.

මේ කටයුත්තේදී ත්‍රෛනිකායික අති පූජනීය වන්දනීය මහා සංඝරත්නය තුලින්  ලැබෙනවා අවවාද අනුශාසනා සහ යෝජනා මා ඉතාමත්ම ගෞරවයෙන් ,භක්තියෙන් , ආචාර පූර්වකව පිළිගන්නවා. 

මට මතකයි අපවත් වී වදාළ නාපානේ ප්‍රේමසිරි අති ගෞරවනීය මහා නායක මාහිමිපාණන් වහන්සේ මට නිරන්තරයෙන්ම විශේෂ අවවාද දෙකක් කළා.එකක් තමයි උන්වහන්සේ කීවා තමන් සුදුසු ගුණයෙහි පිහිටා කටයුතු කරන්න කියලා.ඒ වගේම කිව්වා හොඳ දේට හොඳයි කියන්න. නරක දේට නරකයි කියන්න පැකිලෙන්න එපා කියලා.ඉතින් මමත් බුදු දහමට අනුකූලව ,විශේෂයෙන්ම වජිරාරාම දහම් පාසලේ අධ්‍යාපනය ලබපු ශිෂ්‍යයෙකු හැටියටත්,ඒ වගේම මගේ පියාණන් මට ලබා දුන් මග පෙන්වීමත්,එසේම මහනායක මාහිමිපාණන් වහන්සේගේ වටිනා උපදෙස් අවවාද අනුශාසනා අනුගමනය කරමින් කටයුතු කරන්නටත් මම හැමවිටම උත්සහ කරනවා.අනුන්ට උපදෙස් දෙන්න පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා සිටින්න කියලා ධම්ම පදයේ ගාථාවකින් පිළිබිඹු වෙනවා.

අත‍්තානමෙව පඨමං, පතිරූපෙ නිවෙසයෙ

අථඤ‍්ඤමනුසාසෙය්‍ය, න කිලිස‍්සෙය්‍ය පණ‍්ඩිතො.

  අනුන්ට උපදෙස් දෙන්න පෙර තමන් සුදුසු ගුණයෙහි පිහිටා කටයුතු කරන්න කියන බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව මම භක්තියෙන් පිලිපදිනවා.  

අපි හැම හැමවිටම උත්සහ කරනවා අපේ ආගමික සමාජ වගේම දේශපාලන ගමන තුලත් ඒ ආදර්ශය අනුගමනය කරන්න .

ඒ වගේම නායක මාහිමිපාණන් වහන්සේ මට කියලා තියෙනවා සරු දේ සරු හැටියටත් නිසරු දේ නිසරු හැටියටත් දකින්න කියලා.බුදුරජාණන් වහන්සේ ඒ ගැනත් දේශනා කරලා තිබෙනවා .

අසාරේ සාර මන්තිනෝ – සාරෙ චසාර දස්‌සිනො

නෙ සාරං නාධිගච්ඡන්ති – මිච්ඡා සංකප්ප ගෝචරා

එහෙමයි බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ.

විශේෂයෙන්ම අද දවස මේ මොහොතේ මා ඉතාමත්ම සතුටු වෙනවා මේ හම්බන්තොට දිස්ත්රික්කයේ විසි වසරක දේශපාලනයක්  කළා.ඒ ගමන ඒ සේවාව මම අබමල් රේණුවකවත් අඩු කරන්නේ නැහැ.ඉදිරියටත් කරගෙන ආපු සේවාව වඩාත් ගුණාත්මකව හරයාත්මකව ධනාත්මකව අපි මේ ගමන ක්‍රියාත්මක කරනවා.

අපිට මතකයි පහුගිය කාලේ මේ ප්‍රදේශයේ දස දහස් ගණන් ගණනකට රැකියා ලබා දෙන මහා කර්මාන්ත පුරවර  ආරම්භ කිරීමට උත්සාහ කළා.අපේ රජය කාලේ තමයි ඒ කටයුත්ත ආරම්භ කළේ.නමුත් ඒ පිළිබඳව හරියට සන්නිවේදනය වුණේ නෑ. නිවැරදි සන්නිවේදනයක් නොවීමේ නො වීමේ ප්‍රතිඵලයක් විදිහට විශාල ආන්දෝලනයක් ඇති වුණා.

ඇත්තටම ඒක අපේ ආණ්ඩුව කාලයේ හිටපු දේශපාලන බලවතුන්ගේ අතපසු වීමක්.එදා ඒ සරු කටයුත්ත සරු විදිහට ජනතාවට සන්නිවේදනය කරන්න පුළුවන් වුණා නං නම් අද විශාල සංවර්ධනයක් අපිට ලබාගන්න තිබුණා.අපි රජයේ ඉඩම් වලයි ඒ මහා සංවර්ධන ව්‍යාපෘති කරන්න ගියේ.ජනතාව අතර අනියත බියක් ඇති වුණා.එදා බලවතුන් කිව්වා කොහොමහරි ඉඩම් අත්පත් කරගන්නවා කියලා .මේකෙන් අර ආන්දෝලනාත්මක සැකය වැඩි වුණා.පෞද්ගලික ඉඩම්, කුඹුරු ඉඩම් ,වගා ඉඩම්, ගන්නවා කියන වැරදි මතය එදා නිර්මාණය වුණේ පාලන තන්ත්‍රයේ හිටපු ඉහළ අයගේ උද්දච්ච කම නිසයි.

කිසිම ආකාරයක කිසිම දෙයක් තර්ජනය තර්ජනය මර්ධනය  බලහත්කාරය යොදාගෙන  කරන්නට බැහැ.හැම දෙයක්ම කරනකොට කාගෙත් හිත දිනාගෙන කටයුතු කරන්ට ඕන.ජනතාවට සරුදේ සහ නිසරු දේ පැහැදිලි කරන්න ඕන.ලක්ෂ ගාණක රැකී රක්ෂා ලබා දෙන උත්සවයේ වැඩකටයුතු වලටත් එදා බාදා ඇති වුණා. බලහත්කාරයෙන්  කරන රාජ්‍ය පාලනයක් රටට සුදුසු නෑ.ත්‍රස්තවාදය  නැති කරන්න වගේ කටයුතු වලට නම් එහෙම අද තීන්දු ගන්න පුළුවන් .තිස් වසරක යුද්ධය නැති කරන්න අපේ යුධ සෙන්පතියා වෙච්ච සරත් ෆොන්සේකා මැතිතුමාට එදා එහෙම තීන්දු ගන්න වුණා .එතුමා අද මේ උත්සවයට සහභාගි වෙලා ඉන්නවා.එදා ඒ තීන්දු එතුමා නිවැරදිව ගත්තා.රටක් පාලනය කරද්දී ජනතාවගේ හිතසුව පිණිස ඔවුන්ගේ  හදවත අවබෝධ කරගෙන, තර්ජන ගර්ජන බලපෑම් වලින් තොරව, නිහතමානීව ශක්තිමත්ව, රාජ්‍යය පාලනය කළ යුතුයි.

මම කියන්න කැමතියි, විපක්ෂයක්  හැටියට මේ corona ව්‍යසනය වෙලාවෙත් අපි අපේ වගකීම නිවැරදිව ඉටු කරනවා.රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට අපි අපේ දායකත්වය ලබා දෙනව.

මට සිහිනයක් තිබෙනවා චෛත්‍යය 1125 ඒ සිහිනය සැබෑ කරගන්න .මගේම ගස් යට අධ්‍යාපනය ලබන දහම් පාසල් දරු දැරියන්ට අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න ගොඩනැගිලි ඉදිකරන්න.සංස්කෘතික ඇමති විදිහට හිටපු මාස දහයක  කෙටි කාලය තුළ අපි මං පාසල් ගොඩනැගිලි දහසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළා.එයින් තුන්සිය හැත්තෑවක් ආරම්භ කළා.ඒ සියල්ල අද ඇනහිටලා. ඒ කටයුතු නොනවත්වා කරන්න කියලා අපි වර්තමාන ආණ්ඩුවට කියනවා. 

SendShareShare
Previous Post

දඹුල්ලේ පාසල් සතියකට වහයි

Next Post

කොළඹ බරපතළ තත්ත්වයක්: GMOA කළ යුතු දේ ආණ්ඩුවට පෙන්වා දෙයි

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.