ඇඹුල්දෙණියේ සීට කොළඹ පැමිණෙන විට චූන් පාන් කඩ සහ වඩේ කඩ වසා දමා ඇති බව ජනාධිපතිවරයා කීවත් අද වන විට කොළඹ එකේ සිට කොළඹ 15 දක්වා, මුළු බස්නාහිර පළාතේත් එදිනෙදා ආදායම් සොයා ගන්නා කඩ විශාල ප්‍රමාණයක් වසා තිබීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසීරුතාවට මුහුණ දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කළේය.
ඒ අනුව එම දෛනික ආදායම් සොයාගන්නා ජනතාවට රුපියල් 5000ක් නොව රුපියල් 15,000ක් ලබා දිය යුතු බවද හෙතෙම කියා සිටියේය.
නොඑසේනම් එය ජාතික අපරාධයක් බවද මන්ත්‍රීවරයා කීය.








