ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නම විකුණමින් සිදු කරන සුපිරි ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවක් පිළිබද පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම වීඩියෝව සමජා මාධ්‍ය වෙත මුදා හැරීමෙන් පසු අගමැතිවරයාද එය නරඹා ඇති බවත්, වහාම ඒ පිළිබද පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් උපදසේ දී ඇති බව වාර්තා වේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ එම වීඩියෝව පළකරමින් මේ බව තහවුරු කොට තිබේ.
“මා සහ මගේ පවුලේ සාමාජිකයන් සමාජ මාධ්‍යවල පළවන මෙම වීඩියෝව දුටුවා. අදාළ බලධාරීන් මේ පිළිබඳව දැනටමත් සොයා බලමින් සිටී. මෙවැනි සිදුවීම් සැහැල්ලුවට ගැනීමට නොහැකි. මගේ පවුලේ කිසිවෙකු මෙයට සම්බන්ධ හෝ අනුබද්ධ නොවන බවට මට සහතික විය හැකිය. ”අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියි.










