මාස 10ක් ගත වී තිබුණද කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කිසිම නිති රිතියක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් නැති බවත්, ආණ්ඩුවේ තවමත් ඇත්තේ කයිවාරුව පමණක් බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පා.ම. ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
විපක්‍ෂ නායක කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
PCR පරික්‍ෂන වාර්ථා මිනිත්තුවෙන් ලබාගත හැකි තාක්‍ෂණය දැන් ලෝකයේ පවතින බවත්වි, කොවිඞ් අරමුදල පාවිච්චි කර ඒ නවිණ තාක්‍ෂණය රටට ගෙන ඒමට පියවර ගන්නා ලෙසත් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියේය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
මුළු ලෝකයටම කොවිඞ් වසංගතය ගැන දැනගන්නට ලැබුනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ . ජනවාරි මාසයේ අන්තිම වෙනකොට ලංකාවේ පළවෙනි රෝගියා හමුවුනා. දැන් වෙනකොට මාස 10 ක් වෙනවා නමුත් කොරෝනා පාලනය කරන්න රජය කිසිම නීතියක්, රීතියක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. රටවල් ගණනාවක් තායිවානය, මැලේසියාව. ඔස්ටේ්‍රලියාව, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය වගේ බොහෝ රටවල් අප්‍රේල්, මැයි වෙනකොට නීති ගෙනාවා කොරෝනා පාලනය කරන්න. නමුත් අපේ අය තාමත් කයිවාරු විතරයි. කයිවාරු ගහනවා කිසිම නීතියක්, රෙගුලාසියක් ගෙනාවෙ නෑ කොරෝනා පාලනය කරන්න.
අන්තර්ජාලයේ බැලුවම වෙනත් රටවල. සිංගප්පූරුව වගේ රටවල, කොරෝනා නීති කියලා හැම විස්තරයක්ම එනවා. පාර්ලිමේන්තුවට ගෙනාවේ කවදද, සම්මත වීම ගැන. ඒත් ලංකාවේ කොරෝනා නීති පිළිබද බැලුවම එන්නේ හිස් පිටු විතරයි. මොකද කිසිම නීති, රෙගුලාසි ගෙනල්ලා නෑ. ඒක පුදුමයකුත් නෙවෙයි. මොකද රජය හැමදාම කිව්වේ කොරෝනා රට තුල ඉවරයි කියලා. අප්‍රෙල් 22 පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය කිව්වා “කොරෝනා ජනතාව අතර බෝවීමක් නැහැ” කියලා. අප්‍රේල් මාසයේ ඉදලා රජය නිරන්තරයෙන් කිව්වා කොරෝනා අවසානයි කියලා. ඒ නිසා රජය කිසිම නීති රීතියක් ගෙනාවේ නැහැ.
හරිනම් මුඛ ආවරණ පැළදුවේ නැහැ කියලා කෙනෙක්ව උසාවියට ගේන්න පුළුවන්ද ? බෑ. අනිත් රටවල් මේ නීති , රීති ගෙනල්ලා තියනවා . දුරස්ථභාවය , උත්සවවල සහභාගීත්වය, බාර්, ආපන ශාලා සම්බන්ධයෙන් නීති, රීති පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියනවා. නමුත් අපේ රටේ කටින් කියන එක විතරයි. නීති, රීති නෑ. හොදම උදාහරණය තමයි පසුගිය කාලයේ රජය කිව්වා ව්‍යාපාරිකයන් අරන් තියෙන ණය මාස 03 කට ගෙවන්න ඕනේ නැහැ කියලා. එහි පොලිය කපනවා කිව්වා. බැංකුවට ගියාම බැංකුව බෑ කියනවා. මොකද නීති, රීති නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත කරලා මේවට නීති, රීති ගෙනාවානම් මෙහෙම වෙන්නේ නෑ. අපේ රජය බුදියගෙනයි හිටියේ.
මැතිවරණයේදී පක්‍ෂ කාර්යාල වල බෝර්ඞ් ගහලා තිබ්බේ කොවිඩ් 19 දිණූ පොදු ජන පෙරමුණ කියලා. මේ වගේ සිල්ලර විධියට රටේ ජනතාවට බොරු කිව්වා . හමුදාපති පවා කිව්වා අප්‍රේල් 25 සුභ ආරංචියක් දෙනවා කියලා. රජයේ ඇමතිවරුන් කිව්වා . රජයට ගොට්ට අල්ලන සමහර වෛද්‍යවරු පවා කිව්වා මුඛ ආවරණ පැළදීම අවශ්‍ය නැහැ කියලා. මේක නියුමෝනියාවක්. හෙම්බිරිස්සාවක් කියලා මුලදි කිව්වේ. අපිත් ආණ්ඩුව විශ්වාස කලා. අපිත් රුවටුනා. ආණ්ඩුව කොවිඞ් ඉවරයි කිව්වාට රටේ ජනතාව කොවිඩ් 19 න් ආරක්‍ෂාවීම අතහැරියා. නමුත් අපක්‍ෂපාතී වෛද්‍යවරු හැමදාම කිව්වා කොරෝනා මෙම රට තුල තියනවා පීසීආර් පරික්‍ෂණ ප්‍රමාණවත් නැහැ කියලා. පීසීආර් ප්‍රමාණවත් විධියට කලේ නැති නිසයි කොරෝනා පිළිබදව හෙලිදරව් වුනේ නැත්තේ. ඒත් වෛද්‍යවරු හැමදාම කිව්වා, GMOA හැමදාම කිව්වා කරන pcr පරික්‍ෂණ මදි කොරෝනා අළු යට ගිණු පුපුරු වගේ රට තුල තියනවා කියලා.
ඉතිං මේ තත්වය උඩ අපි කොහොමද ඉස්සරහට යන්නේ. පුවත්පත් වල මම දැක්කා PCR පරික්‍ෂණ කලාම දින 02 ක් යනවා කියලා වාර්ථාව එන්න. නමුත් අළුත් තාක්‍ෂණය යටතේ මිනිත්තුවෙන් වාර්ථාව ලැබෙන තාක්‍ෂණය දැන් තියනවා. මම දැක්කා කෝටි 1000 ක අරමුදලක් තියනවා කියලා. ඉතිං ඒ මුදල් පාවිච්චි කරලා නවීන තාක්‍ෂණය අපේ රටට ගෙන්වන්න ඕනේ.
විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු හැටියට මම කියනවා අවශ්‍ය නීති, රීති ඉක්මනට ගෙන්න කියලා . අද ගේනවා, හෙට ගේනවා කියලා දැන් මාස 09 ක් කියනවා විතරයි කිසිම නීති, රීතියක් ගෙනල්ලා නෑ. අප්‍රෙල් 22 කොවිඞ් ඉවරයි කිව්වා නමුත් අද මේ වෙනකොට දිස්ත්‍රික්ක 21 ක කොරෝනා රෝගීන් හමුවෙලා තියනවා.
ඒ වගේම මම කියන්න ඕනේ රජය ප්‍රකාශ කරන මිළ ගණන්වලට වෙළඳපලේ බඩු නෑ. ඒක තමයි තිත්ත ඇත්ත. අපි රජයට කියනවා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා. පෞද්ගලික ආයතනවල අයට මුලික පඩිය විතරයි ලැබෙන්නේ. අතිකාල දිමනා මුකුත් ඒ අයට ලැබෙන්නේ නැ. ඇත්ත වශයෙන්ම රට විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. මේ ආර්ථික අර්බුදය පටන්ගත්තේ රජය විහින්මයි. රජය ආර්ථික අර්බුදය පටන් ගත්තේ කොරොනා එන්න කලින්. ගිය දෙසැම්බර්, නොවැම්බර් අයවැය මගින්, බිලියන 600 ක් බදු මුදල් සාමාන්‍ය මිනිසුන්ගෙන් නොවේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයන්ගෙන් ලබාගන්නා බදු බිලියන 600 ක් ආණ්ඩුව කපා හැරියා. අන්න එදා තමයි අර්බුදය පටන්ගත්තේ. නැතුව මේ කොවිඞ් නිසා නොවේ.
මම රජයට කියනවා කොවිඞ් 19 ප්‍රශ්යේනදි විපක්‍ෂය සමග සාකච්ඡා කරලා විපක්‍ෂය සමග සාමුහිකව කටයුතු කරන්න ඕනේ කියලා. ආණ්ඩුවට කියනවා මේක යුද්ධයක් වගේ කියලා. දෙවන ලෝක යුද්ධ කාලේ මහා බි්‍රතාන්‍ය සියළු පක්‍ෂ එකතු කරලා ආණ්ඩුවක් හැදුවා. එදා තිබ්බ බිහිසුනු තත්වයට මුහූණ දෙන්න. අපි රජයට කියන්නේ විපක්‍ෂය සමග සාකච්ඡා කරලා පොදු වැඩපිළිවෙලකට යමු කියලයි. ආණ්ඩුවට වැරදුන තැන තමයි අපිට කාගෙවත් උදව් ඕනේ නැ කියලා. තනියම මේක කරන්න පුළුවන් කියලා තනියම ලකුණු දා ගන්න හැදුවා මැතිවරණය දිනන්න. ඒ විතරක් නෙවේ රටටම බොරු කිව්වා රටේ ජනතාව රැවැට්ටුවා. මහනුවර ඇතැම් ඇමතිවරු තමන්ගේ බලමණ්ඩල කැදවලා කියලා තියෙනවා ආණ්ඩුවට සල්ලි නැ අවුරුදු 02ක් යනතුරු කිසිම දෙයක් ඉල්ලන්න එපා කියලා. මේ වගේ තත්වයකයි ආණ්ඩුව තියෙන්නේ.
අපි රජයට කියනවා පාර්ලිමේන්තුවේ වගකීම ඉෂ්ඨ කරන්න. අවශ්‍ය නිති, රිති, පාර්ලිමේන්තුවට ගෙන්නන්න. ඒවා සම්මත කරගන්න අපේ සහයෝගය ගන්න. මාස 09 ක් තිස්සේ කිසිම නිති රීතියක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා නැ. මේ විදියටයි අද අපේ පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ.
මාධ්‍යවේදි මහත්මයෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් පවසා සිටියේ, මම එකක් කියන්නම් දාපු ඇදිරි නිතියත් නිති විරෝධියි. ඇදිරි නිතියට විරුද්ධව කවුරුහරි උසාවි ගියානම් ඇදිරි නිතිය අවලංගු වෙනවා. කවුරුත් එහෙම කලේ නැ රජයේ මෝඩකමට රට පලි නැති නිසා. කොරොනා මර්ධනයට ඇදිරි නීතිය අවශ්‍යයි. නමුත් ආණ්ඩුව ආණුඩුව නිත්‍යුණුකුලව ඇදිරි නිතිය දැම්මේ නැ.
මුඛ ආවරණ පිළිබදව උනත් කවුරුන් හෝ අභියෝගයකට ලක් කරොත් ඒක ගැටළුවක්, කවුරුත් රට ගැන හිතලා මේක අභියෝගයට ලක් කරන්නේ නැ. නමුත් රටට මේ මොහොතේ අවශ්‍ය නිසා අපි නිහඩව ඉන්නවා. ඒත් ආණ්ඩුව නිත්‍යාණුකුලව මේක හරි විධියට කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදී මහත්මයකු විසින් රිෂාඞ් බදුර්දීන් මහතා පිළිබදව විමසා සිටි අවස්ථාවේදී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.
රිෂාඞ් බදුර්දීන් මහතාගේ ගැටළුව දැනට නීතිය ඉදිරියේ තියෙන කටයුත්තක්. නීතිය ඉදිරියේ ඇති කටයුතු පිළිබද කථා කිරීම වැරදියි. මොකද ඒ පුද්ගලයාට අගතියක් වෙන්න පුළුවන්. නමුත් මම එකක් කියන්නම්. රිෂාඞ්ව හොයන්නේ බොහොම සුළු වරදකට. මැතිවරණ කාලේ ලංගම බස් පාවිච්චි කලා කියලා මිනිස්සු ගේන්න. ලංගම බස් වලින් අනාථ කදවුරුවල ඉන්න අය ගෙනාවා කියන එකයි චෝදනාව. වෙන චෝදනාවක් නැහැ. අනික ඒ බස් අරගෙන තියෙන්නේ මුදල් ගෙවලා.








