හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යවා තිබේ.
ඉකුත් ජනාධිපතිවරණයේදී ජන්දය භාවිත කිරීම සදහා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ලංගම බස් ලබා දීම යන චෝදනාව යටතේ මෙසේ බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටි.
මේ සම්බන්ධව නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් ලබා දී ඇති නියෝග අනුව බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද ඒ බව තහවුරු කළේය.










