• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩී.එස්-ජේ.ආර්.-ප්‍රේමදාස නැගිටියි: සිරිකොතේ රාත්‍රියක්

September 19, 2020
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
ඩී.එස්-ජේ.ආර්.-ප්‍රේමදාස නැගිටියි: සිරිකොතේ රාත්‍රියක්
Share on WhatsAppShare on Facebook

වේලාව – රාත්‍රි 12.30
ස්ථානය – සිරිකොත
දිනය – 14.09.2020
රෑ ජාමේ වෙන්න පෙර සිරිකොත කාමර ශාලාවල අහුමුලු පරීක්‍ෂා කරන මුරකරු එදින කාමර ශාලා පරීක්‍ෂා කරන්න නොහැකි වූයේ සවස වනතෙක් පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිසාය. පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන තේරී පත්වූ එම රැස්වීම අවසන් වීමෙන් පසුද පිරිස් වශයෙන් එක්රැස් වී රෑ බෝ වනතෙක් කසුකුසු පැවැතුණි. මුරුකරුට එදින කාමර ශාලා පරීක්‍ෂා කිරීම අතපසු වූයේ ඒ නිසාය. මෙය ඔහුගේ මනසේ වැඩ කරමින් තිබුණාද දන්නේ නැත. ඒත් රෑ මැදියමේ ඔහුට රැස්වීම් ශාලාවෙන් ඇසුණු දෝංකාරය ඔහුගේ හිතට වදයක් විය. ඔහු යතුරු කැරැල්ලත් රැගෙන රැස්වීම් ශාලාව දෙසට දිව ගියේය. ඒ දෙසට යද්දී ඔහුට ඇහුණේ ප්‍රතාපවත් හඬකින් රැල් බුරුල් කරන ශබ්දයකි. රැස්වීම් ශාලාවේ ඉහළ මාලයේ තිබෙන ඩී. ඇස්., ඩඞ්ලි, සර්ජෝන්, ජේ. ආර්., ප්‍රේමදාස ඇතුළු හිටපු යූ.ඇන්.පී. නායකයන්ගේ ප්‍රතිමා දෙස එකවරම ඔහුගේ ඇස් ගියේය.
‘ඔබ මේ මනුස්සයාව දේශපාලනයට ගෙන ආවේ මම හදපු පක්‍ෂය විනාශ කරන්නද හිටං..?’
රැස්වීම් ශාලාවේ අසුනක වාඩි වී කෑමොර දෙන ප්‍රතාපවත් මිනිසා කවුදැයි මුරකරු ශාලාවට ඇතුළු වන දොරට මුවා වී බැලුවේය. ඒ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක බව ඔහුට හඳුනා ගැනීම අසීරු නොවීය. ඩී. ඇස්. ඒ ප්‍රශ්නය යොමු කළේ නාසය පිරිමදිමින් දිගු කල්පනාවක යෙදී සිටි පුද්ගලයකුට බව ඔහුට පෙනුණි. තරමක් ළං වී බලද්දී ඒ ජේ. ආර්. ජයවර්ධන බව ඔහුට හඳුනා ගැනීම දුෂ්කර නොවීය.
‘මම ඔහුව දේශපාලනයට ගෙන ආවේ මගේ මිත්‍රයා එස්මන්ඞ් වික්‍රමසිංහගේ බල කිරීමට. ඔහුව නායකත්වයට ගෙන එන අදසක් මගේ හිතේ තිබුණේ නැහැ.
ජේ. ආර්. කීවේ දැඩි කනස්සලු ස්වරයකිනි.
‘ප්‍රභාකරන් නොසිටින්න ඔහු අද විශ්‍රාම ගිය ඇමැතිවරයෙක් විතරයි…’
රළු හඬකින් එසේ කීවේ රණසිංහ ප්‍රේමදාස බව මුරකරුට මුහුණ නොබලාම හිතාගත හැකි විය.
‘ඔව්… ප්‍රේමදාස කියන කතාව හරි. මට ඔහුව අගමැති කරන්න සිද්ධ වුණේ ඒ වෙලාවේ පක්‍ෂයේ කැපී පේන නායකයෙක් නොසිටි නිසයි. ඒකයි මම ආපහු ගාමිණීව පක්‍ෂයට බඳවා ගත්තේ අනුර බණ්ඩාරනායකව පක්‍ෂයට බඳවා ගත්තේ…’
වියපත් හඬකින් ඒ කතා කළේ විජේතුංග බව ඔහුට දොරකඩ සිටම ඇස්පනාපිට පෙනුණි.
‘මම ඔහුව අගමැති කරලත් ඔහුට පළාත් සභා ඡන්දයෙන් බියගම ආසනය දිනාගන්න බැරි වුණා. පස්සේ මට කිව්වා එයාට කොළඹට එන්න ඕනෑ කියල. මම ඒකට ඉඩ දුන්නා. ඔහු බය වෙලා හිටියේ ප්‍රේමදාස පවුලේ කවුරු හරි කොළඹින් එයි කියල. මම ඒකත් වළක්වල දුන්නා. ඒත් මට තේරුණා ඔහුට 1994 මහ ඡන්දය දිනාගන්න බැරි බව…’
ඩී. බී. විජේතුංග දිගටම කියාගෙන යනවා මුරකරු අහගෙනය.
‘මම ඔහුට අධ්‍යාපන ඇමැති ධුරය දීලා පැත්තකට කරල තිබ්බා. ඔබලා කියෙව්වා නම් මගේ චරිතාපදානයේ රනිල් ගැන තියෙන්නේ වචන දෙකයි. ඒ පොත ලියෙව්වේ මම. ඒ පොත කියවන කොට පැහැදිලියි ඔහු මගේවත් යූ.ඇන්.පී. දේශපාලනයේවත් චරිතයක් නෙවේ කියල. එස්මන්ඞ් මට ඔහුව බාර දුන්නේ පක්‍ෂයේ තරුණ සංවිධානයට දමන්න කියලා. ඔහුව පක්‍ෂ මූලස්ථානයට ගෙන ආපු දවසේම තරුණ සංවිධානයේ හිටපු ජිනදාස නියතපාලලා, සූරියප්පෙරුමලා පුටු දෙකට කඩලා පොළොවේ ගහල මහා රණ්ඩුවක් කළා. සමහරු එදා මට කිව්වා මහ අසුබ ලකුණක් කියල. 1977 මහ ඡන්දයේදී කැලණියේ මගේ ආධාරකරුවෝ ඇවිත් කීවා ඔබතුමාගේ බෑණා දිනන්නේ නැහැ කියල. මම කිව්වා පරදින්නත් අපේක්‍ෂකයෝ ඉන්න ඕනෑ කියල. මම ඇන්. ඇම්.ව, කොල්වින්ව දිනවන්න කියලා දැම්ම පරදියි කියල හිතපු අපේක්‍ෂකයොත් ඒ ඡන්දෙ දින්නා. රනිලුත් දින්නා. හැමෝම කිව්වා පොල් පිත්තක් දැම්මත් ඒ ඡන්දයේ යූ.ඇන්.පී. අපේක්‍ෂකයෝ දිනනවා කියලා…’
ජේ. ආර්. කියාගෙන ගියේ කලකිරීමෙන් බව මුරකරුට වැටහුණි. මේ හැමෝම කතා කරන්නේ වත්මන් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ගැන බව මුරුකරුට තේරුම් ගියේ එවිටය.
‘මම ඔහුට අධ්‍යාපන ඇමැති ධුරය දුන්නා. තරුණ ඇමැති ධුරය දුන්නා. ඔහු යොවුන් පුරය කියලා බජව් දැම්මා. තරුණ තරුණියෝ තුවක්කු අතට අරන් කැරැලි ගහනකන් ඔහු දන්නේ නැහැ…’
ජේ. ආර්. භීෂණ කාලය ගැන කියන බව මුරකරුට වටෙන් ගොඩෙන් තේරුණා.
‘මම සභානායකකම දුන්නා. මට වගේම පක්‍ෂයේ මන්ත්‍රිවරු දෝෂාභියෝගයක් ගේනකම් මිනිහා දන්නේ නැහැ…’
එහෙම කිව්වේ ප්‍රේමදාස බව මුරකරු වටහා ගත්තේය.
‘ඒ කියන්නේ මේ මිනිහා මේ පක්‍ෂයට ලොකු අවාසනාවක් ගෙනත් තියෙන්නේ…’
ඩී. ඇස්. ගුගුරන හඬ මුරකරුට ඇහුණි.
‘ප්‍රේමදාස මියගියායින් පස්සේ මම යූ.ඇන්.පී.ට එන්න යද්දි රනිල් මට එන්න බැරි වෙන්න සිරිසේන කුරේ එක්ක උගුල් ඇද්ද. අන්තිමට මිනිහා කුරේටත් ගේම දුන්නා…’
තැන්පත් හඬකින් ඒ කතා කළේ ගාමිණී දිසානායක බව මුරකරුට ඇස් පනාපිට පෙනුණි.
‘1994 මහ ඡන්දයෙන් ආණ්ඩුව හදන්න චන්ද්‍රිකාට බහුතර බලයක් තිබුණේ නැහැ. ආණ්ඩු හදන්න අෂ්රෆ්ගේ මන්ත්‍රිවරුන්ට ඕනෑ වුණා. මම ඩී. බී. විජේතුංගට කිව්වා බය වෙන්න එපා ආණ්ඩුව හදන්නේ යූ.ඇන්.පී.ය කියලා. මම අෂ්රෆ්ව ගේන්න නැඟෙනහිරට හෙළිකොප්ටරයක් යැව්වා. අස්රොෆ් එන කොට රනිල් අගමැති ධුරය චන්ද්‍රිකාට හිමි විය යුතුයි කියල අගමැති ධුරයෙන් අයින් වෙලා ගියා. ඔහු එහෙම නොගියා නම් අදත් යූ.ඇන්.පී. ආණ්ඩුවත් අස්රෆ්ගේ යූ.ඇන්.පී.යේ බෙදීමක් කියල බයවෙලා චන්ද්‍රිකාට සහාය දුන්නා.
‘ගාමිණී කියාගෙන ගියේ වේදනාවෙන් බව මුරකරුට වැටහුණේ නැතුවා නොවේ.
‘මට තේරුණා රනිල් යූ.ඇන්.පී.යට හූනියමක් කියලා. ඒකයි මම ගාමිණීට විපක්‍ෂ නායකකම යනවාට කැමැති වුණේ. රනිල් එතැනදීත් බාල්දියක් පෙරලුවා…’
ඩී. බී. විජේතුංග කියනවා මුරකරුට ඇහුණා.
‘පොඞ්ඩක් ඉන්න. ඒ වෙලාවේ මම රනිල්ට එන්න කියල කිව්වා ගාමිණීට විපක්‍ෂ නායකකම දීලා ඔයා අයින් වෙන්න. ඔයාට දේශපාලනයේ තවගොඩක් ඉගෙනගන්න තියෙනවා කියලා…’
ජේ. ආර්. අතර මැදට පැන කියද්දී මුරකරු දොරෙන් එබුණේය.
‘මම ජනාධිපති අපේක්‍ෂක වුණාම ඒ. ජේ. රණසිංහව අපේක්‍ෂකයෙක් කරල මට ගැස්සුවේ රනිල්. එයා චන්ද්‍රිකාව හොරෙන් හමුවෙලා මට විරුද්ධව පරීක්‍ෂණ කරන්න දූෂණ ෆයිල් දුන්නා…’
ගාමිණී රනිල්ගේ යටිකූට්ටුකම් විස්තර කරන බව මුරකරුට තේරුණි.
‘රනිල් නායකයා වෙන කොට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර දෙකක් හිස්වෙලා තිබුණා. හමීඞ් පවා කිව්වා මේ දෙක සජිත්ටයි නවීන්ටයි, දෙන්න කියල. මෙයා එකක් දුන්නේ එයාව කවර් කරපු පත්තරකාරයෙක්ට. අනෙක ඔසී ගාමිණිට එකතු වුණු වෙලාවේ එයා එක්ක හිටිය කෝන්ගහගේට. මේ දෙන්නාම 2000 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවට යන්න සාකච්ඡා කළා. එක්කෙනෙක් ගියා…’
විජේතුංග ලැජ්ජාවෙන් වගේ කියන බව මුරුකරුට දැනුණි.
‘විජේපාල කියන්නේ පක්‍ෂයේ හිටපු පරණම කෙනෙක්. විජේපාලට එරෙහිව චන්ද්‍රිකාගේ ආණ්ඩුව ජනාධිපති කොමිසමක් පත්කළාම රනිල් විජේපාලව පාවා දුන්නා. ඔහුට කරපු අසාධාරණයට එරෙහිව කොටසක් පක්‍ෂය කඩාගෙන ගියා. එතැන හිටියේ පන්සල් එක්ක සම්බන්ධකම් හදාගත්ත පක්‍ෂයේ හොඳම සිංහල බෞද්ධ ස්ප්‍රීට් එක. විජේපාල, නන්ද මැතිව්, සුසිල් මුණසිංහ වගේ අය…’
විජේතුංගගේ අඳෝනාව ඉවර නොවන බව මුරකරුට දැනුණි.
“2004 අපේ සිංහල බෞද්ධ පදනම නැති වුණා. 2004 පරාජයට පස්සේ රනිල් ඉවත් වෙලා කරුව ජනාධිපති අපේක්‍ෂක කළා නම් යූ.ඇන්.පී.ය 2005 ජනාධිපතිවරණය දිනනවා…’
ගැඹුරු හඬකින් ඒ කතාව කිව්වේ කවුදැයි මුරකරු විමසිලිමත් වන විට දුටුවේ ලලිත් ඇතුලත්මුදලිගේ රූපයය.
‘සාමාන්‍යයෙන් අපි ඡන්දයකට කලින් පක්‍ෂ සම්මේලන තිබ්බේ ඡන්දය දිනන්න. රනිල් පක්‍ෂ සම්මේලන තියන්නේ ඡන්දෙන් පස්සේ නායකත්වය ආරක්‍ෂා කරගන්න නායක යෝජනාව සම්මත කරගන්න. ඒ කියන්නේ ඔහුට අවශ්‍ය ජයග්‍රහණය නෙවේ, පරාජය…’
ප්‍රතාපවත් සර් ජෝන් කොතලාවලගේ හඬද අවදි වන අයුරු මුරකරු දුටුවේය.
‘රනිල්ට නායකත්වය බාර දෙන්න කලින් අන්තිම මහ ඡන්දය කළේ මම. ඡන්ද ලක්‍ෂ 34ක් ගත්තා. පොදු පෙරමුණට වඩා ඡන්ද ලක්‍ෂ 4යි අඩු. ප්‍රතිශතය 44.04%යි. රනිල් අවුරුදු 25ක් පක්‍ෂයට නායකත්වය දීලා ඒක ලක්‍ෂ 2ට බස්සලා. ප්‍රතිශතය 2.15%යි. ලංකාවේම පස්වැනි තැන. ඉතිහාසයේ පළමු වැනි පාර එක මන්ත්‍රි කෙනෙක් නැහැ…’
ඩී. බී. විජේතුංග කියනවා මුරකරුට ඇසුණි.
‘ලංකාවේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් පළාත් පාලන ඡන්ද පැරැදිලා නැහැ. ඒත් රනිල් 2018 ආණ්ඩුවක් තියාගෙන පළාත් පාලන ඡන්දය පැරැදුණා. 1994 ඉඳන් මේ දක්වා පළාත් සභා ඡන්ද 4ක් තිබ්බා. පළාත් පාලන ඡන්ද 5ක් තිබ්බා. යූ.ඇන්.පී.ය එක පුංචි ඡන්දයක් ඇරෙන්න ඔක්කොම පරාදයි. ඉතින් කොහොමද පක්‍ෂයේ බිම් මට්ටම හැදෙන්නේ. 2010 මහ ඡන්දය පරාද වෙලා සිරිකොත ගේට්ටු කඩාගෙන යූ.ඇන්.පී.කාරයෝ ආපු වේලාවේ සජිත්ට පක්‍ෂ නායකත්වය දුන්නා නම් අවුරුදු පහෙන් පක්‍ෂය හදලා සජිත් 2015 ජනාධිපතිවරණය දිනනවා. එතකොට රනිල් කීවේ යූ.ඇන්.පී.ය පවුල් පක්‍ෂයක් නෙවේ කියල…’
ලලිත්ගේ තර්කානුකූල කතාව මුරකරුගේත් සිත් ගත්තේය.
‘එතකොට දැන් කොහොමද රුවන්ව නියෝජ්‍ය නායක කරන්නේ…’
ගාමිණී පෙරළා ඇහුවේ කේන්තියෙන් බව මුරකරුට වැටහුණි.
‘කවුද ඔය රුවන් කියන්නේ…?’
ඩී. ඇස්. වික්‍ෂිප්තව අසනු මුරකරු දුටුවේය.
‘රනිල්ගේ මස්සිනා, මිනිහ කියනවා එයා සේනානායක පරම්පරාවේ කියල. මේ පක්‍ෂයේ මගෙන් පස්සේ සේනානායක පරම්පරාවේ හිටියේ රුක්මන් සහ වසන්ත සේනානායක විතරයි. රනිල් රුක්මන්ව ජාතික ලැයිස්තුව නොදී විනාශ කළා. වසන්තට ආසනයක් නොදී විනාශ කළා…’
ඩඞ්ලි සේනානායක වේදනාවෙන් කියනවා මුරකරුට ඇහුණි.
‘මට ලැජ්ජයි අද යූ.ඇන්.පී.ය හැදුවේ මම කියල කියන්න. රනිල් මාවත් පක්‍ෂයත් ඔබ හැමෝමවත් විනාශ කරල තියෙන්නේ. මේතාක් පක්‍ෂයේ නායකයන් මෙතැන රැස්වෙලා අපිට මල්මාලා දමන කොට අපි ගල් පිළිම වගේ හිටියා. ඒත් රනිල් අද අපිව බොල් පිළිම කරලා. ප්‍රේමදාස ඔයාගේ පුතා පක්‍ෂයෙන් යන්න ගත්ත තීන්දුව හරි. රනිල්ට ඕනෑ කරල තියෙන්නේ පක්‍ෂය එයාගේ පවුලට තෑගි ඔප්පුවකින් දෙන්න. සජිත් හිටියා නම් ඔහුවත් විනාශ කරනවා. අපිත් හැමෝම මෙතැනින් චුත වෙලා යමු…’
ඩී. ඇස්. හැඟුම්බරව කීවේය. මොහොතකින් පොළොව පළාගෙන යන ශබ්දයක් ඇසුණි. බයටම මුරකරු දොර මුල්ලේ තිබූ මේසයට මුවා විය.
‘ඕයි ගේට්ටුව අරිනවා…’
කවුදෝ කෑගහන ශබ්දයෙන් මුරකරු තිගැස්සුණි. තමන් දැක්කේ හීනයක් බව ඔහුට තේරුම් ගියේ එවිටය.
‘බය වෙන්න එපා ඕයි, මොකද තමුසේ යකෙකුටවත් බය වුණාද? ඊයේ රෑ මෙහෙ තොවිලයක්වත් නැටුවද..?
ආරක්‍ෂක නිලධාරියා උපහාසයෙන් එහෙම ඇසුවේ තමාගේ මුහුණේ ඉරියව්වල වෙනසක් දැනී ඇති නිසාදෝ යැයි මුරකරුට සිතුණි. තොවිලය කී සැණින් සිරිකොත මුරකරුට මීට වසර කිහිපයකට පෙර මහ රෑ ජාමේ සිරිකොතේ හූනියමක් වළලා යැයි කියා නටපු තොවිලය මතක් විය. සිරිකොතේ අපලය නැති කරන්න වාස්තු විiානුකූලව සිරිකොත ගොඩනැඟිල්ලේ කළ වෙනස්කම් මතක් විය.
‘බලාගෙන යනකොට හූනියම වෙන කවුරුත් නොවේ. අපේ නායකතුමාම තමයි…’
මුරකරු ආරක්‍ෂක නිලධාරියාට නොඇසෙන්න මිමිනුවේය.

SendShareShare
Previous Post

සජිත් යළිත් අද සිට ගමට

Next Post

පැති 4ක් නාය යන්න ඔන්න මෙන්න

MORE NEWS

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!
Exclusive

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ නීති ශිෂ්‍ය පුතුට පහර දුන් පෑලියගොඩ හිටපු OIC ඇතුළු නිලධාරීන් සිව් දෙනකුට මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දෙයි! I Sri Lanka Latest News

Load More
මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

නි.ඇමති නාමල් කරුණාරත්නගෙන්ගොවීන්ට වටිනා කියන පාඩමක්, "මම මෙතනට එනකන් දන්නෙ නෑමෙහෙම ප්‍රෝගෑම් එකක් කියලා..." "මේක ඇත්ත ගොයම් ගහක් නෙවෙයි, ගලවන්න...

Read more
බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

රනිල්වයි හරීන්වයි එකට තියලා ලාල්කාන්ත දෙන්නගේම රෙදි ගලවයි! ජන්දෙකට ලෑස්ති වෙන්න! පාර්ලිමේන්තුවේ 225ටම අනතුරු අඟවයි!

‘මම අනුරාධපුරෙන් ආවද.. ගාල්ලෙන් ආවද කියන එක කාටවත් වැඩක් නෑ! මගේ ගෙවල් තියෙන තැන තියෙද්දෙන්..! මගේ ගෙවල් තියෙන තැන ඕගොල්ලන්ට කියන්න ඕන නෑනේ මම! කාටවත් කියන්න ඕන නෑ! කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිමය පියවර ගන්න.. එච්චරයි! මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නෙට ලාල්කාන්තට මලපනී! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

‘පියතුමන්ලා දැනටමත් මගේ සැමියා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු’ බවට පත්කොට අවසානයි!’ සාධාරණය ඉල්ලා සලේගේ බිරිය මනෝරි කාදිනල් හිමි ඇතුළු රදගුරු මණ්ඩලයටම ලියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.