සමගි ජන බලවේගය ගමට ගෙන යන වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව රට වටා ‘දිනමු කමිටු’ පිහිටුවීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත.
ඉතාම නවීන උපාය උපක්‍රම සහ සැලසුම් සහිතව ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා එහි වගකීම් හරින් ප්‍රනාන්දු සහ තිස්ස අත්තනායක යන මහත්වරුන්ට පැවරීමට පියවර ගෙන තිබේ.
ගමින් ගමට ගොස් “දිනමු” කමිටු රට වටා පිහිටුවන්නේ පක්ෂයේ ගම් මට්ටමේ සංවිධාන ජාලය ලෙසය. ලබන සිකුරාදා සිට ‘දිනමු කමිටු පිහිටුවීමේ වැඩසටහන ආරම්භ කරන්නේ සති දහ අටක මෙහෙයුමක් ලෙසය.










