• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

July 27, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර පෙරහැර, කුඩාවැල්ල පෙරහැර කාවඩි නැතුව අපේ හාමුදුරුවනේ පෙරහැර නැහැ වගේ. හැබැයි ආරක්ෂාව දෙනවා වෙනුවට මොකක්ද කරන්නේ? කාවඩි නවත්තනවා. පොලීසියට බැරිද ආරක්ෂාව දෙන්න? පොලිස්පතිවරයාට එතරම් තමන්ගේ පොලීසිය සහ ආණ්ඩුව සැකයිද? ‍ ඒකත් දිසාපතිවරයාගේ පිට දාන්නේ, අහුවෙන්නේ දිසාපතිවරයා. බැනුම් අහන්නේ දිසාපතිවරයා. පොලිස්පතිවරයා ඒකෙත් අත හෝදගන්නවා. ​ඉතිහාසයේ පළවෙනි වතාවට, යුද්ධය යන කාලෙත් පෙරහැරවල් වල කාවඩි ගියා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මේ රටේ අවුරුදු 30ක් යුද්ධ කරපු කාලේ, මේ 2009 යුද්ධයේ අවසාන කාලයේ පවා අපේ ගම්වල පෙරහැරවල් වල කාවඩි ගියා. ආණ්ඩුව ඒකට ආරක්ෂාව දුන්නා. ආණ්ඩුව ඒක රැක්කා. ඒ පෙරහැරේ යන බැතිමතුන්ව, බලන්න එන, නැටුම් කණ්ඩායම්, අලියන් ආරක්ෂා කරා. හැබැයි අද ආණ්ඩුවට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා.යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News

ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.07.26 පාදුක්ක ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,

අද ඔබ අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂයක් අපි ගොඩනගන්න ඕනේ කියලා. නව දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ කියලා. මේ අලුත් පරම්පරාවට ඔබින දේශපාලන ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා.
​පහුගිය කාලෙත් මේ ආණ්ඩුව බලයට ආවේ ඔය කාරණා ඔය විදියටම කියලා. හැබැයි බලය ගත්තට පස්සේ අපේ හාමුදුරුවනේ, ගතානුගතික, සාම්ප්‍රදායික, යල් පැනගියපු දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ සමහර ප්‍රතිපත්ති අසූ ගණන් වලට ගැලපෙයි. අනූව මුල භාගයට ගැලපෙයි. අඩුම ගානේ දෙදහටවත් ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති මාලාවක් අද ඔවුන් අනුගමනය කරන්නේ.
​එක පැත්තකින් මර්ධනය. තවත් පැත්තකින් තර්ජනය. හැබැයි ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නැහැ
​අද පාදුක්ක ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාරිකයෝ මෙතන ඉන්නවා, ව්‍යවසාකයෝ ඉන්නවා. අද අසීමිත බදු බරක් ආණ්ඩුව ඔබ වෙත පටවලා තියෙනවා. ඔබ බදු ගෙවන්න විරුද්ධ නැහැ, ඔබ කැමතියි ගෙවන්න. හැබැයි ඔබ ගෙවන බද්ද සාධාරණ වෙන්න ඕනේ. ඔබ ගෙවන බදු ප්‍රමාණය සාධාරණයි වගේම ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ ඒ බද්ද නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා. නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා.
​ඔබ ගෙවන බද්ද ගමේ පාරේ බෝක්කුව, ඇල වේල්ල හැදෙන්නේ නැත්නම්, ඔබ ගෙවන බද්දෙන් ඉස්කෝලේ, ඉස්පිරිතාලේ ගොඩනැගෙන්නේ නැත්නම්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආරක්ෂා වෙන්නේ නැත්නම්, ඔබ අසීමිත බදු ගෙව්වත් අද රෝහලකට ගියාම බෙහෙත් නැත්නම් අපේ හාමුදුරුවනේ, එක ඇඳක රෝගීන් දෙන්නා තුන්දෙනා ඉන්න තැනට රෝහල් තදබදය සහ සංවර්ධනය අවම කරලා තියෙනවා නම්, එවැනි අසීමිත බද්දක් ඔබෙන් ගන්න එක සාධාරණද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
​පහුගිය කාලේ නම් JVP එක කිව්වේ මේ බදු සල්ලි හොරකම් කරනවා කියලා. අද ඔවුන්ගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ඔවුන් කියන විදියටම හොරකම් කරනවා. හැකර් කෙනෙක් පැනලා අරන් ගිහිල්ලා.

ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයේ ගිණුමට අපේ හාමුදුරුවනේ හැකර්ලා පැන්නේ නැහැනේ. අපි අහලා නැහැනේ.
​වැරදි ගිණුමකට මුදල් දැම්මාලු. එතකොට මුදල් අමාත්‍යාංශයේ ඉන්නේ පොඩි ළමයි, මහ බැංකුවේ ඉන්නේ පොඩි ළමයි, මුදල් ලේකම් පොඩි බබෙක් වැරදි ගිණුමකට සල්ලි දාන්න. හැබැයි තමන්ගේ ගිණුමේ සල්ලි වැරදි ඒවට දාන්නේ නැහැ. ආණ්ඩුවේ ගිණුමේ සල්ලි තමයි වැරදි ගිණුමට දාන්නේ.
​අද මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් මේ දෙකට හැප්පෙනවා කවුද වැරදි කියලා. හැබැයි දෙන්නගේ අවසාන නිගමනය මොකක්ද? මේ පාඩුව ජනතාවගෙන් පියව ගන්න ඕනේ, ඒ කියන්නේ ඔබෙන්. ඔවුන් වැරදි ගිණුම්වලට සල්ලි දාන්නත් ඔබ ඒකට ගෙවන්නත්.

​මට තියෙන සැකය, ඔය කියන හැකර් ඉන්නේ පැලවත්ත කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ඔය කියන හැකර් ඉන්නේ ජේවීපී කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා.
​ජනාධිපතිවරයා කියනවා ඩොලර් මිලියන 750ක් වැරදි මාර්ගයෙන් පිටරට ගෙනිහිල්ලාලු. ඔයාලගේ ආණ්ඩුව කාලේ ගෙනිච්චේ, මොකක්ද බලන් හිටියේ? ඔබගේ ආණ්ඩුව, පැමිණිලි කරලා වැඩක් නැහැ. පෞද්ගලික බැංකුවකින් බිලියන 17ක් ගිණුමකට ගිහිල්ලා දානවා ගිණුම් පහකට, අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ.
​ඔබ ව්‍යාපාරිකයෝ මෙතන ඉන්නවා. ඔබ තමන්ගේ ආදායම මුදල් වලින් හෝ බැංකු ට්‍රාන්ස්ඇක්ෂන් එකකින් ගනුදෙනු කරන එකෙන් ලක්ෂ 10ක් 15ක් ගිණුමකට දැම්මොත් බැංකුව ඔබෙන් ප්‍රශ්න කීයක් අහනවාද? හැබැයි අර ගිණුමට බිලියන ගානක් වැටෙනකම් බැංකුව ප්‍රශ්න කරලත් නැහැ, මුදල් අමාත්‍යාංශය ප්‍රශ්න කරලත් නැහැ, මහ බැංකුව ප්‍රශ්න කරලත් නැහැ.
​එහෙම නම් අපිට සාධාරණ සැකයක් නැද්ද මේ කාරණා පිටිපස්සේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉන්නවා කියලා? සාධාරණ සැකයක් අපිට තියෙනවා. සාධාරණ සැකයක් අපිට තියෙනවා.

​කන්ටේනර් 323ක් වරායෙන් පන්නනවා. මේ පැලවත්ත කාර්යාලයෙන් අඹ පැළ 323ක් නෙවෙයිනේ, කන්ටේනර්! පහුගිය කාලේ කිව්වා කුඩු කන්ටේනර් දෙකක් පැන්නුවා කිව්වා. ඒකට රාජපක්ෂලාට තමයි ඇඟිල්ල දික් කරේ. අපි තාමත් අහනවා ආණ්ඩුවෙන්, කවුද වරායෙන් මේ කන්ටේනර් දෙක එලියට දාන්න අවසර දුන්නේ කියලා? කියන්නේ නැහැ. නුවරඑළියේ අයිස් ෆැක්ටරියක් තියෙනවා කියලා කිව්වා, මත්ද්‍රව්‍ය කර්මාන්තශාලාවක්. දැන් ඒ ගැන කතාවක්වත් නැහැ.
​තනිකර මඩෙන්, ජනතාවගේ මනස විකෘති කරලා, වෛරය, ඉරිසියාව, කුහකත්වය, ක්‍රෝධය එක දේශපාලනය කරනවා. ගමේ මනුස්සයෙක් ලස්සන ගෙයක් හැදුවොත් ටෙලිෆෝන් නම්බර් එකක් දෙනවා පොලිස්පතිට කතා කරලා කියන්න ඒක කියලා. පන්සල හැදුවොත් අපේ හාමුදුරුවනේ දායකයාගේ පස්සෙන් එලවන් එනවා.

​අද ගොවි ජනතාව අසරණ වෙලා. ගොවියා අසරණ වෙලා වගේම බත් කන ඔබත් අසරණ වෙලා, නගරයේ ජීවත් වෙන අය, ඇයි හාල් මිල අසීමිතයි. පිටරට ව්‍යාපාරිකයෙක්ට ඕන විදියට හාල් මිල තීන්දු කරන තැනට ආණ්ඩුව පත් වෙලා තියෙනවා, පිටරටින් හාල් ගේන අයට. මාළුත් එහෙමයි. උපාධිධාරීන්ට රැකියා නැතුව තාම ගෙවල් වල ඉන්නවා. අඩුම ගානේ පෞද්ගලික අංශයේ රැකියාවක් ටිකක්වත් ලබා දෙන්න වැඩපිළිවෙලක් තියෙනවාද ආණ්ඩුවට? නැහැ.
​මෙහා පැත්තේ කර්මාන්තපුරයේ තියෙනවා, දැන් කර්මාන්තශාලා කීයක් වැහිලාද? රැකියා කීයක් අහිමි වෙලාද? කෝ රටේ කම්කරු ඇමතිවරයා? කෝ රටේ BOI එක? කම්කරු ඇමතිවරයා මේ නැතිවෙන රැකියාවල් ආරක්ෂා කරන්න මොකක්ද ගත්තු ක්‍රියාමාර්ගය? අපි දැනගන්න ඕනේ, රටේ ජනතාව දැනගන්න ඕනේ. අලුත් ආයෝජකයෙක් ගේන්න බැරි නම් බැහැ, අඩු ගානේ තියෙන එක ආරක්ෂා කරගන්නකෝ. ඒක කරන්නත් බැහැ. බැරිද, උවමනාව නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා.​

අද ජාතික ආරක්ෂාව, මම දැක්කා පහුගිය දිනෙක අපේ හාමුදුරුවනේ මේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති දිව්‍ය ලෝකෙන් ආවා කිවුවා.විපක්ෂය මර්ධනය කරනවා කිව්වා. තව චුට්ටක් විපක්ෂයේ තියෙනවා, අපි තව ටික දවසකින් ඒකත් මර්ධනය කරනවා කිව්වා. හැබැයි අද වෙනකොට මේ පහුගිය පැය 72 ඇතුලත වෙඩි තැබීම් කීයක් වාර්තා වුනාද?

​ආණ්ඩුව විපක්ෂයේ පස්සේ දුවන් එනකොට, ආණ්ඩුව විපක්ෂය මර්ධනය කරන්න දඟලනකොට, ආණ්ඩුව විපක්ෂය මර්දනය කරන්න මහන්සි වෙනකොට, පාතාලය, සංවිධානාත්මක අපරාධකරුවන් හිස ඔසවනවා.

​මම දැක්කා අද මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර පෙරහැර, කුඩාවැල්ල පෙරහැර කාවඩි නැතුව අපේ හාමුදුරුවනේ පෙරහැර නැහැ වගේ. හැබැයි ආරක්ෂාව දෙනවා වෙනුවට මොකක්ද කරන්නේ? කාවඩි නවත්තනවා. පොලීසියට බැරිද ආරක්ෂාව දෙන්න? පොලිස්පතිවරයාට එතරම් තමන්ගේ පොලීසිය සහ ආණ්ඩුව සැකයිද?
​ඒකත් දිසාපතිවරයාගේ පිට දාන්නේ, අහුවෙන්නේ දිසාපතිවරයා. බැනුම් අහන්නේ දිසාපතිවරයා. පොලිස්පතිවරයා ඒකෙත් අත හෝදගන්නවා.
​ඉතිහාසයේ පළවෙනි වතාවට, යුද්ධය යන කාලෙත් පෙරහැරවල් වල කාවඩි ගියා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මේ රටේ අවුරුදු 30ක් යුද්ධ කරපු කාලේ, මේ 2009 යුද්ධයේ අවසාන කාලයේ පවා අපේ ගම්වල පෙරහැරවල් වල කාවඩි ගියා. ආණ්ඩුව ඒකට ආරක්ෂාව දුන්නා. ආණ්ඩුව ඒක රැක්කා. ඒ පෙරහැරේ යන බැතිමතුන්ව, බලන්න එන, නැටුම් කණ්ඩායම්, අලියන් ආරක්ෂා කරා. නෙමෙයි නම් ආරක්ෂා කරා, හැබැයි අද ආණ්ඩුවට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා.

​එහෙම නම් දෙවිනුවර දේවාලයේ පෙරහැරටත් අත්වුනේ එවැනි ඉරණමක් නම් අපේ හාමුදුරුවනේ, අද සංවිධානාත්මක අපරාධකරුවන් මේ රට පාලනය කරන විදියට ඔබ අපට තව මොන කතාද? ඔබ අපට තව මොන කතාද?

පොලිස්පතිවරයා අපිටත් ලියුමක් එවලා ගියා තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගෙන පැත්තකට වෙලා ඉන්න කියයි.
​ඒ තැනට අද මේ රටේ පුරවැසියාව මර්දනය කරලා තියෙනවා. අද දෙමව්පියෝ හවස වෙනකොට බයේ ඉන්නේ ඩෙංගු නිසා. කඩමන්ඩියට යන්න බයයි, ටවුන් එකට යන්න බයයි, කොයි වෙලාවේ වෙඩි තියාගනීද, මංකොල්ල කයිද කියලා දන්නේ නැහැ.​හැබැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති විපක්ෂය මර්ධනය කරන්න තමන්ගේ කාලය වැය කරනවා.

ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අද අපි ශක්තිමත් දේශපාලන බලවේගයක් විදියට ගොඩනැගෙමු. අපි එක රාශී වෙමු. අපිට ඡන්දය දීපු, නොදීපු බොහෝ පිරිසක් මෙතන ඉන්නවා අයෙත් කිව්වා. පහුගිය කාලේ යම් පසුබෑමකට අපි ලක්වුනා.
​අද ඒ සියලු කාරණා පසෙක තියලා අපි ඒ විශ්වාසය නැවත ගොඩනගාගෙන තියෙනවා. අප ඔබ කෙරෙහි තිබිච්ච විශ්වාසය බිඳවැට්ටුවා, උපක්‍රමශීලීව, සැලසුම් සහගතව. අද නැවත වතාවක් ඔබත් අපෙත් අතර තියෙන ඒ විශ්වාසය ගොඩනැගෙමින් පවතිනවා. ඒ හින්දා අපි ශක්තිමත්ව ගොඩනැගෙමු, ගම් මට්ටමින් අපි හැම කෙනෙක්ම එක රාශී කරගමු.
​අද මේ ආණ්ඩුව අරගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී, මේ ආණ්ඩුව අරගෙන යන දේශීය ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා, ගොවියා, කම්කරුවා, ධීවරයාට විරුද්ධව, අද මේ ආණ්ඩුව අරගෙන යන මර්දනය, සංවිධානාත්මක අපරාධකරුවන් හරහා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න ආණ්ඩුව කරන්නාවූ ක්‍රියාමාර්ග වලට විරුද්ධව, අපි ගම් මට්ටමින් එක රාශී වෙමුයි කියලා ආරාධනා කරමින්, ඔබ සියලුදෙනාට සුබ අනාගතයක් පතමින්, තෙරුවන් සරණ පතමින් මා නිහඩ වෙනවා

SendShareShare
Previous Post

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.