• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

July 21, 2026
in Exclusive
Reading Time: 21 mins read
A A
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.Sri Lanka Latest News

දකුණු ආසියානු කලාපයේ ප්‍රථම ක්ෂේත්‍ර සෞඛ්‍ය ඒකකය ලෙස 1926 වසරේදී ආරම්භ වූ කළුතර ජාතික සෞඛ්‍ය ඒකකය පිහිටුවීම සමඟ මෙරට මහජන සෞඛ්‍ය සේවාව ආරම්භ විය. අද වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 362කට වඩා විශාල ජාලයක් බවට පත්ව ඇති මහජන සෞඛ්‍ය සේවාවේ මූලික ශක්තිය වන්නේ මහජන සෞඛ්‍ය කණ්ඩායමයි. එම කණ්ඩායම තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH), පවුල් සෞඛ්‍ය නිලධාරී (PHM) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ආදී ක්ෂේත්‍ර නිලධාරීන් කැපී පෙනෙන සේවාවක් ඉටුකරන අතර, ඔවුන් ප්‍රජාව සමග සෘජු සම්බන්ධතා ගොඩනගා ගනිමින්, ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් සෞඛ්‍ය සේවාවේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් දායකත්වය සපයයි.

ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම සැමරුම් උත්සවයේදි සියවසක් පුරා මෙරට ප්‍රාථමික සේඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ප්‍රජා සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් ඇගයීමට ලක් කිරීමද සිදු කෙරිණි.

එමෙන්ම ශත සංවත්සර සමරු ග්‍රන්ථය, ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සේවාවේ අනාගත දිශාව ඇතුළත් ධවල පත්‍රිකාව ඇතුළු ප්‍රකාශන කිහිපයක් එළිදැක්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ මහජන සෞඛ්‍ය සේවාව අභිමානවත් ඉතිහාසයක්, විශ්වාසවන්ත වර්තමානයක් සහ සුපැහැදිලි අනාගතයක් සහිත ක්ෂේත්‍රයක් බවයි.

මාතෘ සෞඛ්‍යය පිළිබඳව සිදු කළ මැදිහත්වීම නිසා මාතෘ මරණ සංඛ්‍යාව 2500 සිට 25 දක්වා අඩු මට්ටමකට ගෙන ඒමට හැකිව තිබෙන බවත්, සජීව උපත් 1000කට 200ක් පමණව තිබූ ළදරු මරණ සංඛ්‍යාව 05-06 දක්වා අඩු කරගෙන තිබෙන අතරම, මැලේරියා වංසගතයෙන් ලක්ෂයක් මිය ගිය රටක එම රෝගය තුරන් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අපේ රට ප්‍රජා සෞඛ්‍ය සේවාවේ කොපමණ ජයග්‍රහණ අත් කරගෙන තිබෙනවාද යන්න පෙන්වීමට මෙම ජයග්‍රහණ ප්‍රමාණවත් බව පැවසූ අමාත්‍යවරයා පහළ සහ මැදිආදායම් ලබන රටකට ප්‍රජා සෞඛ්‍ය සේවාව කොපමණ ගුණාත්මක ලෙස ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබද අප රටටම ආවේණික ආදර්ශයක් රට තුළම නිර්මාණය කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

මෙවන් සුවිසල් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වුයේ ඒ වෙනුවෙන් වෙහෙස වී වැඩ කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසා බව වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මෙන්ම මෑතකාලීනව ඇති වූ සියලු වසංගත සහ ආපදා තත්ත්වවලදීද ප්‍රජා සෞඛ්‍ය සේවාවේ කාර්ය මණ්ඩල සිදු කළ සුවිශාල කැපවීම කෘතවේදීව සිහිපත් කළේය.

මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Rajesh Sambhajirao Pandav මහතා පෙන්වා දුන්නේ ඉදිරි ශතවර්ෂයට මුහුණ දීමේදී අතීත සාර්ථකත්වයන් පමණක් අඛණ්ඩව පවත්වාගෙන යාම ප්‍රමාණවත් නොවන බවත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා වේගයෙන් වෙනස් වෙමින් පවතින අතර බෝ නොවන රෝග, වැඩිහිටි ජනගහණයේ ඉහළ යාම, මානසික සෞඛ්‍ය අවශ්‍යතා දේශගුණික අවදානම් සහ වසංගත තත්ත්වෙ හමුවේ නව අවශ්‍යතා රැසක් මතුව ඇති බවයි.

නුසුදුසු ආහාර රටා, ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම සහ මත්පැන් භාවිතය වැනි සාධක නිසා බෝ නොවන රෝග ඉහළ යමින් පවතින බවත් මෙම අවදානම් හුදෙකලා සිදුවීම් නොවන අතර ඒවා සමාජ, ආර්ථික සහ පාරිසරික සාධක මඟින් ගොඩනැගෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සංවර්ධන හවුල්කරුවන් ලෙස ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සහ ජනතාවගේ යහපවැත්ම සහතික කිරීම වෙනුවෙන් අඛණ්ඩව බැඳී සිටින බව වැඩිදුරටත් සඳහන් කළ ඒ මහතා, මහජන සෞඛ්‍ය සේවාවේ අභිමානවත් සියවසක ගමන් මග අගයමින් පරිවර්තනීය ඉදිරි ගමනක් වෙනුවෙන් සුබපැතුම් එක් කළේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වත්මන් රජය යටතේ ආරම්භ කර තිබෙන ආරෝග්‍යා වැඩසටහන තුළ, වෙනස් වන සංසිද්ධීන් සමග සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳ ඉතාමත් වැදගත් දැක්මක් සහ ක්‍රියාකාරිත්වයක් පවතින බවයි.

ප්‍රජා සෞඛ්‍ය සේවාව සඳහා ආයෝජනය කරන්නේ අඩුවෙන් බවට කතාබහක් පැවතුණද, මෙවර ආරෝග්‍යා වැඩපිළිවෙළ යටතේ අංක එකේ වැඩසටහන වන්නේ ප්‍රජා සෞඛ්‍යය බවත්, එයින් මෙරට සෞඛ්‍ය පද්ධතියේ පරිවර්තනයක්, සාධාරණභාවයක් සහ තාක්ෂණය කාර්යක්ෂම ලෙස භාවිත කිරීමක් පිළිබිඹු කෙරෙන බවද පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි යන මහත්ම මහත්මීහුද උත්සව සභාව ඇමතූහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුද, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහුද, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු සහ ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම් සන්තුෂ්‍යා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවා විශේෂඥ වෛද්‍යවරු සහ නිලධාරීහුද, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුනිසෙෆ් (UNICEF) ආයතනය වැනි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-21

SendShareShare
Previous Post

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

Next Post

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.