කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිනී දීපා එදිරිසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. Sri Lanka Latest News
මන්ත්‍රීධුරය භාරගැනීමේදී වසරකින් අනතුරුව ඉන් ඉල්ලාඅස්වන බවට වූ පොරොන්දුවක් මත ඇය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් දීපා එදිරිසිංහ මහත්මියගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය ප්‍රකාශ කළේ, ධුරයෙන් ඉල්ලා අස්වූවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ කටයුතුවල අඛණ්ඩව රැඳි සිටින බවය.
කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවට ඉදිරියේදී නව සභිකයෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නම් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව අදාළ නම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.










