ආණ්ඩු පක්ෂය වෙත අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සහයෝගය ලබාදුන් ස්වාධීන කණ්ඩායමේ ඉන්දික ජයලත් තමා හෙබ වූ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා පැවැති අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී පවසා තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව අද (19) දින කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, සිය ධුරයේ දිවුරුම් දී වසරක් සපිරෙන ජුනි මස 26 වැනිදා උප සභාපති තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.
අගලවත්ත ප්‍රදේශය සංවර්ධන කිරීමේ අරමුණින් දේශපාලන භේදයකින් තොරව අගලවත්ත ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට තමා මාලිමා රජයට සහය දුන් බවයි ඔහු සඳහන් කරන්නේ.
කෙසේ නමුත් සභාවේ කටයුතු තමාට කිසිදු දැනුවත් කිරීමකින් තොරව සිදුකරන බවත්, තමා උප සභාපති ලෙස ඉදිරිපත් කළ එකදු යෝජනාවක් හෝ මේ වනතෙක් ක්‍රියාත්මක නොවුණු බවත්, ඔහු පැවසුවා.
මේ හේතුවෙන් තමා තවදුරටත් සභාවේ උප සභාපති ධුරයේ කටයුතු නොකරන බවත්, මෙතෙක් නියෝජනය කළ කමිටුවලින් ද තමා ඉල්ලා අස්වන බවත්, ඔහු සභාවට දැනුම් දී තිබෙනවා.










