වත්මන් රජය විපක්ෂයේ සිටින විට ජනතාව වෙනුවෙන් නැගු කදුලු අද හෙළන්නේ නැති බවත් අද ගොවි ජනතාව බීජ පොහොරවල සිට කෘෂි රසායන උපකරණ වන අලි මිනිස් ගැටුම ස්ථාවර මිල නොමැති වීම ආදි ගැටලු රැසකට මුහුණ දෙන බවත් කණකර උගස් කර ගොවිතැන් කළත් අවසානයේ ගොවියා අපෙක්ෂා කර මිල ගොවියාට නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද CIFL මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කර අගතියට පත් පිරිස සමග විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු කරන ලද සාකච්ඡාව අතරතුරය. Sri Lanka Latest News
රු. 17000ට ගිය පොහොර මිටිය රු. 10200ට දෙනවා කියා ඇමති කිව්වත් අද පොහොර හිඟයක් ඇති බවත් රටේ පොහොර නැති තැන් විශාල වශයෙන් ඇති බවත් වගා කටයුතු සදහා යන පිරිවැය අහස උසට ගියත් අද අස්වැන්නට සාධාරණ මිලක් නැති බවත් වත්මන් රජයේ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට ගොයම් කකා රු.150ක් ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද ඒ මිල ගොවියාට නොලැබෙන බවත් අද අම්පාරේ අස්වනු නෙළන විට වී කිලෝව රු. 70-80ට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අලි මිනිස් ගැටුම නිසා අස්වනු හා දේපල හානියක් සිදුවන බවත් මේ නිසා මිනිසාගේ සේම අලියාගේ ජීවිත ද අහිමි වන මොහොතක ගොවියා වෙනුවෙන් පෙනී සිටි රජයේ අය අද හොයාගන්න නොමැති බවත් විපක්ෂයේ සිටින විට අඬබෙර ගසා ගොවියා වෙනුවෙන් හෙලු කදුලු කිඹුල් කදුලු බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ගොවි ජනතාව අද කදුලු හෙළන තැනට පත්ව ඇති බවත් ජන ජීවිත කඩා වැටි ප්‍රමාණවත් ආහාර පවා ලබා ගන්න නොහැකිව මන්ද පෝෂණය වර්ධනය වී ඇති බවත් පාසල් අධ්‍යාපනය පවා කඩා වැටී ඇති බවත් මේ බොරුකාර පච දේශපාලනය නිසා ගොවියාත් ජනතාවත් අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේම අද ගොවියාගේ අයිතිය වෙනුවෙන් සිටින්නේ සමගි ජන බලවේගය බවත් අවම වශයෙන් රු.120ක ස්ථාවර මිලක් ලැබෙන තුරු ගොවියා වෙනුවෙන් පෙනී සිටින බවත් කාලයක් කාබනික පොහොර කියා අසුචි පොහොර දී ගොවියා විනාශ කළා සේ අද ගොවියාට ගුණාත්මක පොහොර නැති බවත් විවිධ ආණ්ඩු ගොවියා රැවැට්ටුවත් අදටත් ගොවියා වෙනුවෙන් පෙනී සිටින්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
















