සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ දුම් ගහන්න කියලා. මෙහෙම කියන්නෙ කොළඹ අවට එක්තරා ප්‍රාදේශීය සභාවක්. ඉතින් ඒ තැනට මොවුන්ගේ මානසිකත්වය පත්වෙලා තියෙන්නේ.ප්‍රාදේශීය සභාවේ නැත්නම් ආයතනයක වගකීම රෝගීන් වැඩි වෙනකන් ඉඳලා දුම් ගහන එකද නැත්නම් රෝගය හඳුනා ගත්ත අවස්ථාවේම ඒ ප්‍රදේශයේ දරුවෝ ටික ආරක්ෂා කර ගන්නවද විශේෂයෙන්ම කුඩා දරුවෝ.මම හිතන්නේ ආණ්ඩුව මේ පිළිබඳව මීට වඩා මේ ගැන අවධානය යොමු කළ යුතුයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ 2026.06.17 දින නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතාSri Lanka Latest News
“විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායකවරු දිස්ත්‍රික් සංවිධායකවරු ආසන කැඳවුම්කරුවන් සහ ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් පත් කළා.අද පක්ෂයක් විදියට අපි ගම්මට්ටම ඉතාම ශක්තිමත්ව ගොඩ නැගෙනවා.ඉතින් ඒ සඳහා අවශ්‍ය අලුත් නායකත්වයක් ගම තුළ හදන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ අනුව අපි දක්ෂ පිරිස් හඳුනාගෙන ඒ අනුව පක්ෂය ඉස්සරහට අරගෙන යන්න අවස්ථාව දෙනවා.
පැහැදිලිවම ආණ්ඩුව මේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් හෝ පාලනය සම්බන්ධයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ.අද එක පැත්තකින් රෝහල් පිරිලා ඉතිරිලා යනවා රෝගීන් නිවෙස් වලට යවන තැනට පත්වෙලා තියෙනවා.අනිත් පැත්තෙන් සුද්ද පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් බහුතරයක් ප්‍රාදේශීය සභා තීයෙන්නේ ජේවීපී එකට. ඉතින් ජේවිපී එකේ ප්‍රාදේශීය සභාවලට වගකීමක් තියෙනවා තමන්ගේ ප්‍රදේශය සුද්ද කරලා මේ සඳහා සූදානම් වෙන්න.ඉතින් අද අපි එහෙම කාරණයක් දකින්නේ නැහැ .සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා කිවුවම ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ දුම් ගහන්න කියලා. මෙහෙම කියන්නෙ කොළඹ අවට එක්තරා ප්‍රාදේශීය සභාවක්. ඉතින් ඒ තැනට මොවුන්ගේ මානසිකත්වය පත්වෙලා තියෙන්නේ.ප්‍රාදේශීය සභාවේ නැත්නම් ආයතනයක වගකීම රෝගීන් වැඩි වෙනකන් ඉඳලා දුම් ගහන එකද නැත්නම් රෝගය හඳුනා ගත්ත අවස්ථාවේම ඒ ප්‍රදේශයේ දරුවෝ ටික ආරක්ෂා කර ගන්නවද විශේෂයෙන්ම කුඩා දරුවෝ.මම හිතන්නේ ආණ්ඩුව මේ පිළිබඳව මීට වඩා මේ ගැන අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා පැහැදිලිවම තමාගේ පක්ෂත් එක්ක ගනුදෙනු කරන ප්‍රාදේශීය සභා නගර සභා කොළඹ මහ නගර සභාව අර පහුගිය කාලේ ගිහිල්ලා බේරෙ වැව සුද්ද කලා වගේ නෙවෙයි මම දැක්කා නගරාධිපතිනිය මුලදී ඇවිල්ලා බේරේ වැව සුද්දකරලා හොඳට හදනවා කිව්වා. හැබැයි ඉතින් වෙසක් කලාප වලට අපි ගියාට පස්සේ දැක්කා බේරේ වැව සුද්ද කරපු හැටි ඉතින් එහෙම කරොත් ඩෙංගු රෝගය විශාල වශයෙන් දරු පිරිසකට හානි වෙයි. ඉතින් ඒ හින්දා එහෙම නැතුව මේක මර්දනය කරගන්න පාලනය කරගන්න මැදිහත් වෙන්න ඕනේ.
මම හිතන්නේ යුද්ධයකින් කිසි කෙනෙක්ට වාසියක් නෑ අවාසියක් නිසා මොකද ලෝක්යේ කිසිම නායකයෙක් හෝ දේශපාලනඥයෙක් හෝ පුරවැසියෙක් ලෝකය යුද්ධයක් එනකම් බලාගෙන ඉන්නේ නැහැ.යුද්ධයක් එනකං ඉඳලා දේශපාලනය කරපුප් අය මේ රටේ අවුරුදු තිහක් යුද්ධය වවාගෙන කෑවා යුද්ධය අවසන් කරන්නේ නැතුව.හැබැයි ඉතින් අපි යුද්ධය ගැන දන්න අය සහ යුද්ධ කරන්නත් දන්නවා යුද්ධ නවත්තන්නත් දන්නවා ඒ වගේම යුද්ධයක් නිසා ඇතිවන හානිය ගැන අපිට අවබෝධයක් තියෙනවා. හැබැයි ඉතින් ආණ්ඩුව අපි දකිනවා මේ මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රධාන සාධකය බවට පත්කරගෙන අසීමිත විදියට ජනතාවට බදුත් ගහනවා.තෙල් මිලත් වැඩි කරනවා.කලාපයේ අනිත් රටවල තෙල් මිල අඩුවෙනවා ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් මිලක් අඩුවෙනවා. හැබැයි ඉතින් අපේ රටේ වැඩි වෙනවා ඇයි එකක් බාල ගල් අඟුරු නිසා වෙච්ච පාඩුව පියවගන්න තෙල් මිල වැඩි කරනවා. තවත් පැත්තකින් ලෝකයේ වැඩියෙන්ම ගෙවලා තෙල් මිලදී ගන්න රට බවට බවට අපි පත්වෙලා තියෙනවා. ඉතින් මේ කාරණා එක්ක ආණ්ඩුවේ වංචාවල් දූෂණයන් සහ නොහැකියාව ජනතාව පිට පටවනවා.
බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය පක්ෂයට තියෙනවා. එතුමා සක්‍රියව දේශපාලනය කරනවාද නැද්ද කියන තීරණය එතුමා ගතයුතු තීන්දුවක් ඒක මට ගන්න පුළුවන් තීන්දුවක් නෙවෙයි සහ බැසිල් රාජපක්ෂ මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් චමල් රාජපක්ෂ මැතිතුමත් විශ්වාස කරන දේ තමයි දැන් මේක ඊළඟ පරම්පරාවට දේශපාලනය භාරදෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ හින්දා තමයි අපි පක්ෂයේ අලුත් සංවිධායකවරු පත්කරමින් ගම් මට්ටමේ අලුත් නායකයෝ හදන්නේ.මේ තරුණ පරම්පරාවේ දේශපාලන බලවේගයක් බවට හැදෙන්න ඕනේ.
අපි මලිමාවට කියලා ස්ටිකර් ගහපු අය ජනාධිපතිතුමා හම්බෙන්න යන්න ඕනනේ. ඒ අය මාලිමාවට චන්දෙ දීපු අයනේ ඉතින් ජනාධිපතිවරයාට ඡන්දෙ දීපු අයට අයිතියක් තියෙනවා ජනාධිපතිවරයා හම්බවෙන්න. ඉතින් ඒ අය ගිහිල්ලා ජනාධිපතිවරයා හම්බවෙලා තමන්ගේ ගැටළු කියන්න ඕනේ සහ තමන්ගේ ප්‍රශ්න කියන්න ඕන ඒක අපි මාලිමාවට කියලා ස්ටිකරේ ගැහුවත් නැතත් අනුර කුමාර මහත්තයා මේ රටේ ජනාධිපතිවරයා ඉතින් අනුර කුමාර මහත්තයට ඒක අමතක කරන්නත් බෑ ඒක මගහරින්නත් බෑ.ඉතින් ජනාධිපතිවරයා ඒ ගැන ඇහුවේ නැත්නම් ඒ මිනිස්සු ආවේගශීලීව ඒ ගැන කතා කරයි. මොකද ලොකු පීඩනයකනේ ඉන්නේ තෙල් මිල ඔය තියෙන මිලේ හැටියට කොහොමද තෙල් ගහගෙන හයර් දුවන්නේ.අපිත් මේ රටේ තැන් තැන්වල ගියාම මිනිස්සු හම්බවෙනවනේ ඉතින් මේ තියන තෙල් මිලත් එක්ක ත්‍රීවිල් එකක හයර් එකක් දුවන්න බෑ. ඒ වගේම හයර් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවෙනවා.ආණ්ඩුවට අවශ්‍ය නම් රුපියල් ට්‍රිලියනයක් ගිණුමේ තියෙනවා ඉතින් ඒ හින්දා ආණ්ඩුවට යෝජනා මාලාවකුත් අපි ඉදිරිපත් කෙරුවා ඉතින් ඒ යෝජනා මාලාව ආණ්ඩුව කියවලා ක්‍රියාමාර්ගයක් ගත්තොත් හොඳයි. එහෙම නොවුනොත් ආණ්ඩුව පොහොසත් රටක් කෙසේ වෙතත් දුප්පත් මිනිස්සු ඉන්න රටක් හදයි. ආණ්ඩුවේ අය නම් පෝසත් වෙයි අපි ඒක දකිනවනේ දැන්.










