• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

June 18, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් සේවාවන් රැසක් ඇඟිලි තුඩින් ලබාගැනීමේ පහසුව මහජනතාවට හිමිකරදීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත වීශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. Sri Lanka Latest News

ව්‍යාපෘතිය අවසානයේ IOS හා Android මෙහෙයුම් පද්ධති සඳහා සරිලන ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) හා නව පොලිස් වෙබ් අඩවියක් ඔබගේ තාක්ෂණික උපාංගය (Device) මගින් පරිශීලනය කිරීමට හැකිවනු ඇත.

ජංගම දුරකථන යෙදවුම(App) ඔස්සේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ වෙත සමීපකරන දැනුවත්කිරීම්,පුවත්,ඡායාරූප, වීඩියෝ පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති අතර Notification පහසුකම හරහා ඔබ වෙත යම් හදිසි දැනුවත් කිරීමක් එසැණින් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණක් වේ.

පොලිස් නිශ්කාෂණ වාර්තා අයදුම් කිරීම්, හදිසි දුරකථන ඇමතුම් අංක, හදිසි අවස්ථාවක Location Alerts වැනි පහසුකම් වැනි පොලිස් සේවා ඔබට පහසුවෙන් ලබාගත හැකිවන පරිදි මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීමට නියමිතය.

“Vampior Design” මෘදුකාංග සංවර්ධන පුද්ගලික ආයතනයේ නිර්මාණයක් වන මෙම යෙදවුම හා වෙබ් අඩවිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහය හා පාලනය පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මගින්ද අන්තර්ගත කරුණු පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින්ද සකස්කරමින් පවතී.

ඒ් අනුව පොලිස් සේවා ලබාගැනීම සඳහා මෙන්ම තොරතුරු දැනගැනීම සඳහා විවිධාකාරයෙන් වැයවන මහජනතාවගේ කාලය හා ශ්‍රමය ඉතිරිකර දෙමින් මෙම යෙදවුම නුදුරු කාලයේදී සෑම පුරවැසියෙකුගේම නවීන ජංගම දුරකථනයක් තුළ සුලභව භාවිතාවන යෙදවුමක්(App) වනු ඇත.

පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සාකච්ඡා කෙරෙන හමුවක් 2026.06.16 වන දින පොලිස් මූලස්ථානයේදී පැවැත්වුනි.

මෙම හමුව සඳහා මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මහතා, පර්යේෂණ හා තොරතුරු තාක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනී නිෂානි සෙනෙවිරත්න මහත්මිය, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී ලක්සිරි ගීතාල් මහතා, පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්,යූ වුට්ලර් මහතා ඇතුලු කාර්යභාර්ය හිමි පොලිස් නිලධාරීන් “Vampior Design” මෘදුකාංග සංවර්ධන පුද්ගලික ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ අසංක බණ්ඩාර මහතා ඇතුලු “Vampior Design” පුද්ගලික ආයතනයේ නිලධාරීන් සහභාගීවිය.

SendShareShare
Previous Post

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

මහබැංකුවේ ලියාපදිංචියකින් තොරව නීත්‍යානුකූල නොවන ආකාරයට පිහිටවූ 'සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්' මගින් දැනටමත් කෝටි 900ක පමණ තැන්පතු ලබා ගෙන ඇති බව...

Read more
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper