පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News
එයින් වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශයන් සංඛ්‍යාව තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කය තුළයි.
එය 465 ක් පමණ වෙයි. ඊට අමතරව මහනුවර, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය වල 200කට වැඩි පුරාවිද්‍යා ස්ථාන හදුනාගෙන ඇත.
අම්පාර – 33
අනුරාධපුරය – 103
බදුල්ල – 125
මඩකලපුව – 465
කොළඹ – 55
ගාල්ල – 68
ගම්පහ – 39
හම්බන්තොට – 99
යාපනය – 46
කලුතර – 94
මහනුවර – 221
කෑගල්ල – 119
කිලිනොච්චි – 14
කුරුණෑගල – 163
මන්නාරම – 74
මාතර – 214
මාතලේ – 51
මොනරාගල – 51
මුලතිව් – 175
නුවරඑළිය – 40
පොළොන්නරුව – 246
පුත්තලම – 16
රත්නපුර – 17
ත්‍රීකුණාමලය – 78
වවුනියාව – 32
රටක පුරාවිද්‍යා ස්මාරක එම රටේ සියලුම ජනතාවගේ උරුමය සංකේතවත් කරයි. එය එක් ජාතියකට ආගමකට පමණක් සීමා නොවේ. එම ස්තානයන් ප්‍රතිසංස්කරණය කර ආරක්ෂා කිරීමේ වගකීම රජයට සහ සියලුම පුරවැසියන් වෙත පැවරෙන වගකීමකි. එහිදී පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට අදාල ප්‍රදේශයේ පුරවැසියන්ගේ දායකත්වය ලබාගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. එම නිසා ඒ ඒ ප්‍රදේශවල පුරවැසියන් දැනුවත් කොට ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම තුළින් අනාගතයට මෙම උරුමයන් ආරක්ෂා කොට භාරදීමට හැකිය.
සිතියම – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හදුනාගෙන ඇති පුරාවිද්‍යා ප්‍රදේශ












