• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

June 15, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

පසුගිය දින කිහිපය පුරාවට ආන්දෝලනයට තුඩුදුන් නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් බවට සංවර්ධනය කිරීමට යෝජිත නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනය මධ්‍යයේ අවිධිමත් ලෙස ඉදිවන මුඩුක්කු ලයිම් නිවාස පේලියේ ඉදිකිරීම් කටයුතු වහා නවත්වන ලෙස ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් දිසාපති තුෂාරි තෙන්නකෝන් මහත්මියට සංදේශයක් භාරදී තිබේ.Sri Lanka Latest News

මෙම සංදේශය අද (15) උදෑසන  අන්තර්  ජාතික මානව හිමිකම් හා  මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකාය විසින් දිස්ත්‍රික් ලේකම්තුමිය අතට බාර දීමට කටයුතු කරනු ලැබීය ,

සද්දේශය භාරදීමේ අවස්ථාව ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට එම අවස්ථාව ආවරණය කිරීමට දිස්‍ත්‍රික් ලේකම්තුමිය විසින් අවසර ලබා නොදුන් අතර ඇය එහිදී පවසා සිටියේ මාධ්‍යට ලබා දෙන්න ඕන දේවල් අපි ලබාදීලා තියෙන්නේ මේ කාරණාවත් මාධ්‍ය සංදර්ශනයක් කිරීමට ඉඩ ලබා නොදෙන බවයි ,

අදාළ සන්දේශය භාර දීමෙන් අනතුරුව අන්තර්  ජාතික මානව හිමිකම් හා  මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකායේ සභාපති සකුන්තිකා මැණිකේ මහත්මිය මාධ්‍යය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නුවරඑළිය නගරය මැද පිහිටි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතුලේ මුඩුක්කුවක් නිර්මාණය වීමෙන් අනාගතයේදී එය මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වීමේ අවදානමක් සහ පාසල් වයසේ දරුවන් දැඩි අවදානම් තත්ත්වයකට ලක්වීමේ ඉඩකඩ ඇති බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ අන්තර්  ජාතික මානව හිමිකම් හා  මූලික අයිතිවාසිකම් සුරැකීම් පිළිබඳ කාර්ය සාධන බලකායේ සභාපතිනිය ,

නුවරඑළිය මහ නගර සභාවෙන් දිත්වා ආපදාවන්ට පත් වූ අය සඳහා ස්ථිර ලෙස ගොඩනැගිල්ලක් සැකසීම සඳහා නුවරඑළිය මහ නගර සභාවට අයත් ඉඩම සභා අනුමැතියකින් නිවැරදි ලෙස ලබා දීී තිබෙනවා,

එම භූමියේ ඔවුන්ට ස්ථීර ගොඩනැගිල්ලක් හදන්න කියලා අපි යෝජනා කරනවා. එහෙම හදන්න දැන් රජයට සල්ලි නැත්නම් එම භූමියේම තාවකාලික ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් ,

එහෙම තියෙන එකේ වටිනාකමක් නිර්ණය කිරීමට නොහැකි තරම් විශාල වටිනාකමක් ඇති මෙම භූමියේ තාවකාලික ඉදිකිරීම් සිදුකර එම අයට ලබාදීම අනතුරුදායකයි.

මොකද මෙච්චර කාලෙකට නුවරඑළියේ ඉදිකරපු කිසිම තාවකාලික ගොඩනැගිල්ලක් ඉවත් කරගන්න බැරිවෙලා ඒ අයම පදිංචිවෙලා අයිතිවාසිකම් කියනවා.

ඔය දැන් ඔතන තාවකාලික ඉදිකිරීම්වල පදිංචි කරන්න යන අයට  මීට කලින් ඉඩම් කිහිපයක්ම ලබා දුන්නත් එයාලා ඒවා එපා කිව්වා තමන්ගෙ තැන තමයි තමන්ට හදාගන්න ඕන කියලා එක මතයකම හිටියා ,

ඔවුන්ම නොසිතූ විදිහට හිමි වූ වටිනා තැනක් හම්බුන ගමන් වැඩේට  හා කිව්වේ මේක කවදා හරි අයිති කරගන්න පුළුවන් කියන හැඟීමෙන් කියලා අපිට හිතෙනවා ,

ඒත් එක්කම අවුරුද්දේ අවස්ථා කිහිපයකදී සැණකෙළි පවත්වන අවස්ථාවලදී මෙම භූමියට අධික වශයෙන් මත්ද්‍රව්‍ය ලෝලීන් පැමිණෙනවා. ඒ පැමිණෙන අයගෙන් ඔතන ඉන්න සහ එම ස්ථානවල ක්‍රීඩා කරන්න එන ළමුන්ට දැඩි හානියක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා ,

ඒත් එක්කම අපද්‍රව්‍ය බැහැර කිරීම ජල පහසුකම් ලබාදීම විදුලිය ලබාදීම යන කාරණා සියල්ලෙන්ම එම ක්‍රීඩාංගනය කිසිදාක සංවර්ධනය කරන්න බැරි වන ප්‍රදේශයක් බවට පත්වෙනවා ,

මුළුමනින්ම එම ප්‍රදේශය අප්‍රසන්න ප්‍රදේශයක් බවට පත්වීමේ අවදානමකුත් තිබෙනවා ,

අපි මේ සංදේශය බාර දීමෙන් යෝජනා කරේ දැනට සිදු වෙමින් තිබෙන ඉදිකිරීම වහා නවත්වා ඒ සඳහා වෙන්කර ඇති ස්ථානය අදාළ ඉදිකිරීම සිදුකරන ලෙසයි ,

කෙසේ වෙතත් දිස්ත්‍රික් ලේකම්වරිය අපේ යෝජනාවට ඇහුම්කන් දුන්නේ නැහැ ,

ඇය කියා සිටියේ අවුරුදු දෙකකින් අදාළ පවුල් ඉවත් කිරීමට රජයේ කටයුතු කරනවා ඒ දිහා අපට බලන් ඉන්න කියලයි ,

අද අප විසින් භාර දුන්න සංදේශයට සාධනීය පිළිතුරක් ලැබුනේ නැත්නම් අපි ඉදිරියේදී තවත් මානව හිමිකම් හා නුවරඑළියට ආදරේ කරන ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන අවශ්‍ය නීතිමය කටයුතු කරන්න ලෑස්ති .

SendShareShare
Previous Post

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

Next Post

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.