2029 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයන් ලෙස තරග වැදීමට සූදානමින් සිටින විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පසුගිය සතියේ ‘මව්රට’ කළ අනාවරණයත් සමග මේ වනවිට එම ජනාධිපති අපේක්ෂකයන් හදිසියේම අතුරුදන් වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
අප පසුගිය සතියේදී අනාවරණ කළේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල මෙන්ම නොනිල ප්‍රකාශ කරමින් පාඨලී චම්පික රණවක, හර්ෂ ද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, විමල් වීරවංශ, දිලිත් ජයවීර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් විවිධාකාරයේ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.
මේ පිරිස අතරින් පාඨලී චම්පික රණවක, දිලිත් ජයවීර, ජී.එල්. පීරිස්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විමල් වීරවංශ ආදීන් දැනටමත් සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් සාකච්ඡා, මාධ්‍ය හමු සහ සම්මන්ත්‍රණවලට සහභාගි වන ආකාරයක්ද අප වාර්තා කළෙමු.
කෙසේ වෙතත් පසුගිය සතියේ අප කළ අනාවරණයත් සමග මෙම ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම තමන් විසින් සමාජ මාධ්‍යවල ගෙනගිය ප්‍රචාරක ව්‍යාපාරයන් නවත්වා ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් නම් කියැවෙන්නේ 2029 ජනාධිපතිවරණයද 2024 ජනාධිපතිවරණය මෙන් තුන්කොන් සටනක් වනු ඇති බවකි. ඒ අනුව ඊට මාලිමාව නියෝජනය කරමින් නැවත වතාවක් අනුර කුමාර දිසානායක මහතාත්, සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතාත් 2029 ජනාධිපතිවරණයට තරග වැදීමට නියමිතව ඇති බවකි.










