දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් වීජයලාල් ද සිල්වා මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.Sri Lanka Latest News
අල්ලස් කොමිසම සහ සැකකරු ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇත.
කෙසේ නමුත් සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහෙස්ත්‍රාත්වරයා, විදේශගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවට නියම කර තිබේ.










