• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News

June 13, 2026
in Astrology, Exclusive
Reading Time: 4 mins read
A A
සතුරු කරදරද – මානසික පීඩාද – අපහාස උපහාසද – රැකියාවේ ප්‍රතිඵල නැද්ද – ලෙඩ රෝගද – අපල උපද්‍රවද ? විස්මිත සෙත්කවියක හාස්කම විඳින්න සූදානම් වෙන්න…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භූමි ගණේ ගුරුම තුනයි – සිරිසැප දෙයි ‘ම’ ගණේ
දේව ගණේ ලඝුම තුනයි – ආයුෂ දෙයි ‘න’ ගණේ
වායු ගණේ අගට ගුරුයි – දේශයමයි ‘ස’ ගණේ
සූරි ගණේ මැදට ගුරුයි – රෝග මවයි ‘ජ’ ගණේ

මැදට ලඝුයි – දිවි මර වෙයි – අග්නි ගණේ ‘ර’ ගණේ
මුලට ලඝුයි – දියුණුම වෙයි – වාරි ගණේ ‘ය’ ගණේ
අගට ලඝුයි – විනාශ වෙයි – අහස් ගණේ ‘න’ ගණේ
මුලට ගුරුයි – සැප පැමිණෙයි – චන්ද්‍ර ගණේ ‘බ’ ගණේ

සෙත්කවි රචනය හෙවත් ඉෂ් කාව්‍ය බන්ධනයේදී ලඝු ගුරු භේදය නොසලකා පද යෙදීමත්, විරුද්ධ ගණ, සතුරු යෝනි – වේද, සතුරු අක්ෂර යෙදීමෙන් සෙත්කවියෙන් අප බලාපොරොත්තු වන්නා වූ විශ්වයේ ශුභ ඝන අක්ෂර නියත වශයෙන්ම අශුභ ඵල ගෙනදීමට හේතු වන බව ඔබ දන්නවාද? මෙහිදී ශබ්ද ශාස්ත්‍රීය දැනුම අවබෝධය මනා ලෙස දැන හැඳින අත්විඳ තිබීම ඉතා ශුභ ගුණ ඵල ලබාගැනීමට හේතුපාදක වන්නේය. එය ඉහත දැක්වූ පරිද්දෙන් ශුභ ඝන අක්ෂර යොදා ගනිමින්ම මනුෂ්‍ය වර්ගයාගේ යහපත අභිවෘද්ධිය ජීවනය ආදී මෛත්‍රී සිත මුල්කරගෙනම සෑදීම විශ්වයේ ශුභ ශක්ති ආකර්ෂණය කර සාදා ශුභ ඵල ලබාගැනීමට මනා ලෙස උපකාර වන්නේය. විරුද්ධාර්ථ, පුනරුත් – සංකාව – අපක්‍රම – ශබ්ද හීන – යතිභ්‍රෂ්ට – භින්නාදි ශාස්ත්‍ර විරෝධී දෝෂ තත්ත්වයන් ඇති නොවන්නට වගබලා ගැනීම මනා වගකීමෙන් යුතු සෙත්කවි රචකයා දැන තිබිය යුතු සුවිශේෂ කුසලතාවක් වන්නේය. මෙය සෑම දෙනාටම කළ හැකි දෙයක් නොවේ. ශාස්ත්‍රීය දැනුම අවබෝධය මෙන්ම කරුණාවන්ත මෛත්‍රීසහගත සිතුවිලි පෙරදැරිව මහත්වූ දයානුකම්පාව දෙවියන්ගෙන් ඇයද සිටීමකි. එය සෑම දෙනාටම කළ නොහැක්කේද එබැවිනි. Sri Lanka Latest News

ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාවේදී මෙම සෙත්කවි ලිවීම සුදුසු නුසුදුසු බව ඉතා හොඳින්ම කේන්ද්‍ර පරීක්ෂා කළ පසුව තීරණය වන්නකි. එයට හේතුව වනුයේ ඔබට විසිදෙවැනි දෙර්කාණාධිපතිගේ මහ දශා අතුරු දශා මෙන්ම 64 වැනි නවාංශක අධිපතිගේ නීච සතුරු මහදශා, අතුරු දශා මෙන්ම බාධක මහ දශා, අන්තර් දශා ගතකරන කාලය තුළදී ලග්න ඒරාෂ්ටක, ලග්න අෂ්ටම ඒරාෂ්ටක, චන්ද්‍ර අෂ්ටම ඒරාෂ්ටක,ජන්ම ඒරාෂ්ටක සහ සඳු සිටි රාශියෙන් දෙපස ගෝචර ගමනින් සෙනසුරුගේ පැමිණීම ආදී කාලවකවානුව තුළදී ඔබට කරන නියත කටයුතු අඩපණ වීම, කායික මානසික පීඩා උත්සන්න වීම, සතුරු කරදර මතුවීම, ඔබගේ පෞරුෂ වර්ධනයට බලපෑම් එල්ල වීම, නින්දා අපහාස උපහාස, තාඩන පීඩන, මානසික ව්‍යාකූලභාවය වැඩිවී චිත්ත විපර්යාස ව්‍යාකූල තත්ත්වය වැඩිවීම මෙන්ම රැකියා අපේක්ෂිත ඔබ සිතන පතන වෙහෙස මහන්සි වන තරමේ ප්‍රතිඵල අත්විඳීමට ඔබට ඉඩකඩ නොලැබී යෑම, කරන සෑම කටයුත්තෙන්ම ප්‍රතිඵල හීන වී බලාපොරොත්තු කඩවීම් ආදී දේ සිදුවීම තුළින් ඔබ මෙසේ කේන්ද්‍රය බලාගැනීමට යොමුවන බව මම හොඳින්ම දන්නා කාරණාවක් මෙන්ම මෙය මා අත්දුටු ගැටලුකාරී තත්ත්වයන් බව මනා ලෙස තේරුම්ගත් කරුණු අතරින් එකකි. එවැනි වූ අවස්ථාවක රෝග පීඩා තත්ත්වයන්ට දැඩි ලෙස මුහුණ දෙන පිරිසද සිටිති. ඒ සෑම කරුණක්ම මනා ලෙස පරීක්ෂා කොට ඉන් අනතුරුව සෙත්කවි රචනය කළ යුතුය. පිහිටක් විය යුතුම තැන පිහිට පිළිසරණ සහනය සුවය උදෙසාම එම කේන්ද්‍ර පරීක්ෂාවෙන් අනතුරුව ඉල්ලීම අදාළ කාරණාව මනා ලෙස අවබෝධ කරගත් පසුව දෙවියන් උදෙසා තම ඉල්ලීම යොමුකිරීම ආරම්භ කරනු ඇත.

මේ ආදී සියලු කරුණු මනා ලෙස ගළපා ඉන් අනතුරුව එහි පිහිට පතන්නාගේ මතු දියුණුව අභිවෘද්ධිය උදාවීම පිණිස දෙවියන්ට බොහෝ ගෞරව භක්තිය පෙරදැරි කරගෙන මනා විශ්වාසයෙන් ඒ ගැන කටයුතු කිරීම පිහිට පතන්නාට වඩාත් යහපතට ළංවීමට පාර කපන විශිෂ්ට මාර්ගයක් වනු ඇත. ඒ අනුව සෙත්කවියක නියමිත තැන්හි සුදුසු ගණයන්ට අනුව පද යෙදීමෙන් හෝ නොයෙදීමෙන් පමණක් ඇතිවන්නා වූ ඵලයන් අපලයන් මුලින්ම මා සඳහන් කළේ ඒ පිළිබඳ සෙත්කවි රචකයා මෙන්ම සෙත්කවියේ පිහිට පතන්නාටද එම සෙත්කවිය නිවැරැදිව සැකසූ පසු සෙත්කවි කියවන්නාද නිවැරැදි ඝන අනුව උච්චාරණය කිරීම සිදුකිරීම මෙහි ඇති විශේෂ ගුණ මහිමය අත්වඳීමට ඒකාන්ත වශයෙන්ම හේතුවන බැවින්ය. එබැවින් ඒ ගැන ඔබ ඔබගේ විශේෂ අවධානය යොමුකළ යුතුවේ. එයට හේතුව ලෙස මා මෙහි සටහන් කරන්නේ පණ පිහිටුවා ලියන ලද සෙත්කවියේ බලයත්, නිසි ඵලයත් ප්‍රශස්ත කරගත යුතු බැවිනි. එම නිසා කාව්‍ය රචනයේදී කාව්‍ය නිර්මාණයේදී දසවිධ ප්‍රාණයන් ගැන සැලකිලිමත් වීම වැදගත් වන්නේ එහෙයින් බව ඔබ දතයුතුව ඇත. ඉතා සරල වචන යොදා ගන්නා අතරම, භාෂා දැනුම මෙහිදී ඉතා බලවත් වනු ඇත. දෙවියන්ගේ ගුණ සමුදායත්, තමාගේ පැතුමත් ඉතා හොඳින් පිහිට පතන්නාගේ සිතෙහි කාවැදීම තුළින් උපදවා ගන්නා වූ නිරවුල් වූ මනසින් පවිත්‍ර හැඟීම හේතුකොටගෙන පිහිට පතන්නාගේ අපේක්ෂිත ශුභ ඵලය වඩාත් තහවුරු වීමක් මෙහිදී සිදුවනු ඇත.

මෙහිදී කාව්‍ය නායකයාගේ නම දෙපසද පිහිට පතන දෙවියන්ගේ නම දෙපසද සෙත් කවියේ මුල් ගණ 3 හා 7 වැනි ගණයද කවියෙහි 4 වැනි පාදයේ අවසන් ගණයද මාත්‍රා-ස්වර-අක්ෂර-ගණ-යෝනි ආදී සෑම අතකින්ම නිසි පරිදිම ශාස්ත්‍රානුකූලවම ශබ්ද ශාස්ත්‍රයට අනුගතවද සීහුම් චක්‍රයට අනුවද නිසි පරිදි සීහුම් කළ යුතුව ඇත. තවද මෙහිදී කාව්‍ය නායකයාටද සෙත්කවි කාව්‍ය රචකයාටද සීහුම් වන දින හා නැකැත්ම යොදාගැනීම වඩාත් ශුභ කාව්‍ය නිර්මාණයක අනිවාර්යයෙන්ම තිබිය යුතු කරුණු කාරණා වේ.
එමෙන්ම සෙත්කවියක බලය හා ඵලය ගැන විමසීමේදී කවියේ මූලාරම්භක අක්ෂරයන් ගණයන් ඉතා වැදගත් වනු ඇත. අභිධානයට හා පංච මහා භූත චක්‍රයටත්, අ-ම-ත-ල චක්‍රය ඇතුළු සීහුම් චක්‍රයටත් ඉතාම ගැළපෙන අක්ෂරයක් තෝරාගැනීමත් ඉතා ශුභ ගණයක් මුල් පදයේ ආරම්භක අවස්ථාවට යොදාගැනීමත් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ඔබ දන්නවාද?

ඔබට ඇති අවහිරතා බාධක දුක් කම්කටොලු ජය ගෙන අපල උපද්‍රව ජීවිතයට ආශීර්වාදයක් කරගන්න ඔබ කෙතරම් දුරට දක්ෂ විය යුතුද යන්න ඔබ විසින්ම තේරුම් බේරුම් කරගැනීමට සුදුසු කාලය ඔබට එළඹෙනු නියතය. ඔබත් සූදානම් වී සිටින්න. ‘විස්මිත සෙත්කවියක හාස්කම’ අත්විඳ, බාධා ජයගැනීමට විශ්වයේ යහපත් ශක්තීන්ගේ යහපත් වූ ආශීර්වාදය ඔබ සැමට උදාකර ගැනීමට හැකිවනු ඇත. තුනුරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් සියලු යහපත උදාවේවා… මෙවන් වූ ලිපි පෙළකින් ඔබේ දැනුම බුද්ධිය අභිවෘද්ධිය සලසා දීමට අප සූදානමින් සිටිමු. ඔබත් සූදනම් වී සිටින්න.

ජ්‍යොතිර්වේදිනී පී.එම්. සංජීවී වසන්ති
(ජ්‍යොතිර් විද්‍යා ඩිප්ලෝමාධාරිනී / ජ්‍යොතිෂ ශිරෝමනී, ජ්‍යොතිෂ අවිශ්කාර් විශිෂ්ට ගෞරව සම්මානලාභිනී, සෙත්කවි ශාස්ත්‍ර විශාරද විශිෂ්ට ගෞරව සම්මානලාභිනී)
සංජීවී ජ්‍යොතිර් පියස
දුරකතන – 0777 130391

SendShareShare
Previous Post

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! Sri Lanka Latest News

Next Post

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

MORE NEWS

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

Load More
අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...

Read more
සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.