කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් ඇතුළු මෙරට පාතාලයට සම්බන්ධ 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඩුබායි සහ අබුඩාබිවලදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ශිරාන් බාසික් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි වලදීය. ඔහු ඒරට රැදී සිට ඇත්තේ ව්‍යාපාරිකයෙක් ලෙසිණි. ඔහු එරටද ව්‍යාපාරවල නිරතව සිටින බව සඳහන්ය.
මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය මුල්කරගෙන එක්සත් ඒමීර් රාජ්‍ය විසින් තම රටේ සිට ඉරානය සමඟ සම්බන්ධකම් පවත්වන පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ශිරාන් බාසික් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
ඒ් ඉරාන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඔහු සම්බන්දකම් පවත්වන බැවිනි.
ශිරාන් බාසික් විසින් පසුගිය කාලයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් සමඟ සම්බන්ධකම් පවත්වා ඇති බව කියැවිණි. ඔහු දේශපාලන රැස්වීම් සඳහා ඩුබායි සිට මෙහෙයවමින් දෙහිවල ගල්කිස්ස පැත්තේ පුද්ගලයින් යෙදවූ බව ද පසුගිය මහ මැතිවරණ සමයේදී බුද්ධි අංශ මෙන්ම පොලීසියද සඳහන් කළේය.










