නාකොළගනේ පුරාණ රජමහා විහාරය අවට පිහිටි වනාන්තර එළි පෙහෙළි කර වාණිජ වගාවන් සඳහා පුද්ගලික පාර්ශවයන්ට ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම මගින් වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වයඹ පළාත් පරිසර අධිකාරිය එහි ප්‍රදේශවාසීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.Sri Lanka Latest News
එළි පෙහෙළි කළ වනාන්තර වෙනුවට යළි වනවගා කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා දැරීමට සිදුවන වියදම මාස තුනක් කාලයක් ඇතුළත නාකොළගනේ පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති වලත්වාවේ රාහුල හිමියන්ගෙන් අයකර ගැනීමටද නියෝග කළේය.
මෙම වන විනාශය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා ඉරිදා ජාතික පුවත්පත්වල භාෂා තුනකින් දැන්වීම් පළ කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට, මධ්‍යම පරිසර අධිකාරියට සහ වයඹ පළාත් පරිසර අධිකාරියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී වන විනාශයන් සිදුවීම වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව එම දැන්වීමේ සඳහන් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.








