• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාල්කාන්ත‌ගේ වත්කම කෝටි 47ක් නෙමෙයි කෝටි 8යි! හිරුට යැවූ එන්තරවාසිය මෙන්න! I Sri Lanka Latest News

April 18, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අරගලය අලුත් විදිහකින් එන විදිහ ලාල්කාන්ත පෙන්නයි! ගෙදර යන්නෙ නැති අයට ගෙදර යන්න වෙන විදිහත් අනාවැකියක් වගේ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රු. 143,000ක සුරැකුම්පත් කෝටි 38ක් ලෙස දක්වමින් හා අසත්‍ය වත්කම් ප්‍රකාශ කරමින් සිදුකල අපහාසයට එරෙහිව ලාල්කාන්ත මහතා හිරු නාලිකාවට බිලියන 10ක එන්තරවාසියක් යවා ඇත.Sri Lanka Latest News

එන්තරවාසියයි

1. ගොවිජන මන්දිරය, රජමල්වත්ත පාර, බත්තරමුල්ල දරණ රාජකාරි ලිපිනයේ කටයුතු කරනු ලබන, මාගේ සේවාදායකයා වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් මත මෙම එන්තරවාසිය ඔබ වෙත යොමු කරමි.

2. ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන ක්‍රියාකාරී සාමාජිකයෙකු සහ නායකයෙකු වන මාගේ සේවාදායකයා වෘත්තීය සමිති නායකයෙකු ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කීර්තිමත් චරිතයක් ඇති අයෙකු වන අතර, වර්තමාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස විශාල කාර්යභාරයකට නායකත්වය ලබා දෙමින් සිටී.

3. දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මගේ සේවාදායකයා විසින් 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශයෙහි, ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ මෙන්ම දියණියගේ නමට පවතින වත්කම් ද ඇතුළත් කර ඇති අතර, එම වත්කම් සහ බැරකම් ප්‍රකාශය මහජනතාවට දැකගත හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

4. මගේ සේවාදායකයාගේ උපදෙස් පරිදි දන්වා සිටින්නේ, ඉහත කී වත්කම් හා බැරකම් ප්‍රකාශය භාවිතා කරමින් සහ එය වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ඔබ ආයතනයට අයත් හිරු ටීවී රූපවාහිනී නාලිකාවේ 2026.04.16 වන දින (හෝ ආසන්න දිනක) ප්‍රවෘත්ති ප්‍රකාශය මගින් අසත්‍ය වූත් ද්වේශ සහගත වූත් ප්‍රවෘත්තියක් පළ කර ඇති බවයි. එකී ප්‍රවෘත්තියේ අනුවාදය පහත පරිදි වේ.

2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත යටතේ දේශපාලන නියෝජිතයින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව 2025 වර්ෂයට අදාළව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ පසුගිය වසරේ අගභාගය වන විට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව 2024/2025 වර්ෂයට අදාළව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 දින සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම වත්කම් සහ බැරකම් ප්‍රකාශයට අනුව කේ.ඩී. ලාල් කාන්ත මහතා නිෂ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුතු වර්ග අඩි 2500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථිර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක්, රු. මිලියන 56ක වටිනාකමින් යුත් වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක් ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමතරව පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුතු වර්ග අඩි 1500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් සිය නිෂ්චල දේපළ ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ලාල්කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයට අනුව රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුතු පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුතු රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක වටිනාකමකින් යුතු මෝටර් රථයක් ද චංචල දේපළ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අතර පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් තිස්අටකෝටි තිස්නම ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක සුරකුම්පත් ද ඔහු මිල දී ගෙන තිබෙනවා. මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට කේ. ඩී. ලාල් කාන්ත මහතා වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත්ලක්ෂ තිස් අට දහස් නවසිය දහඅටයි ශත දහයක් දේපළ බදු දීමෙන් ලැබෙන ආදායම ලෙස රුපියල් ලක්ෂ හතරක් සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත්ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසියක මුදලක් දක්වා තිබෙනවා. ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් විසිහත් ලක්ෂ පනස් පන් දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් ප්‍රකාශ කර ඇති අතර වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහඅටලක්ෂයක් ද දක්වා තිබෙනවා. මේ අනුව කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවනවා.

5. එම ප්‍රවෘත්තිය මාගේ සේවාදායකයා විසින්ම ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශය වෙත යොමුවෙමින් එහි කරුණු විකෘති කරමින් පළ කර ඇති බවට මා වෙත උපදෙස් ලැබී ඇති අතර, විශේෂයෙන් ම ඔහුගේ නමින් සහ පවුලේ සාමාජිකයින්ගේ නමින් ඇති දේපළ පිළිබද විස්තර ජනතාව නොමඟ යවන ආකාරයෙන් ඔබ විසින් එම ප්‍රවෘත්තිය මගින් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව, එම මුළු ප්‍රවෘත්තියම එනයින්ම සහ වක්‍රොත්තියෙන් එහ භාවිත කර ඇති වචන, හඩ සහ රූප භාවිත කර ඇති ආකාරයෙන් ම මාගේ සේවාදායකයා කෙරෙහි අපහාසාත්මක වන බවට මා වෙත උපදෙස් ලැබී ඇත.

6. මාගේ සේවාදායකයා ප්‍රකාශ කර ඇති “වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවන” බවට ඔබ විසින් ගණනය කර ප්‍රකාශ කර ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යවන බවට මා වෙත උපදෙස් ලැබී ඇත.

7. එහිදී මගේ සේවාදායකයාගේ දියණිය විසින් සමාගම් කිහිපයක මිලදී ගෙන ඇති මිල දී ගන්නා අවස්ථාවේ දී රුපියල් අනූදහසකට ආසන්න වටිනාකමක් වූ වර්තමාන වටිනාකම අනුව රුපියල් 143,000කට ආසන්න කොටස්වල වටිනාකම, සාවද්‍ය ලෙස හුවා දක්වමින්, මාගේ සේවාදායකයා විසින් “පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් තිස්අටකෝටි තිස්නම ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක සුරකුම්පත් මිල දී ගෙන” ඇති බවට ඔබ විසින් සම්පූර්ණ අසත්‍යයක් ද්වේෂසහගත ලෙස ප්‍රචාරය කර ඇති බවට මා වෙත උපදෙස් ලැබී ඇත.

8. සත්‍ය වශයෙන්ම වත්කම් බැරකම් ප්‍රකාශය මගින් හෙළි කර ඇති පරිදි මාගේ සේවාදායකයාගේ දියණිය විසින් නමට පවතින කොටස්වල වර්තමාන සම්පූර්ණ වටිනාකම රුපියල් 143,000කට ආසන්න මුදලක් බව තහවුරු කර ගැනීමට සාධාරණ ලෙස සියළු කරුණු යෙදී තිබියදී ඔබ විසින් මෙසේ කටයුතු කර ඇත.

9. මහජන දේපළක් වන සංඛ්‍යාත භාවිතයෙන් රජය විසින් ලබා දුන් බලපත්‍රයක් මත කටයුතු කරන ආයතනයක් ලෙස ඔබ විසින් නිසි සැළකිල්ලකින් සහ වගකීමකින් යුතුව කළයුතු කළ යුතුව ඇති බවත්, ඔබ විසින් එකී ප්‍රවෘත්තිය පළ කිරීමට පෙර මාගේ සේවාදායකයා වෙතින් කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ලබා ගැනීමට අවම උත්සාහයක් හෝ දරා නොමැති බවට මා වෙත උපදෙස් ලැබී ඇත.

10. එකී ඔබගේ ක්‍රියාකලාපය අනුව ඔබ විසින් මාගේ සේවාදායකයා කෙරෙහි වන ප්‍රකාශිත ද්වේශයෙන් කටයුතු කර ඇති බවත්, ඔබ විසින් හිතා මතාම එම පළ කිරීම මාගේ සේවාදායකයාට අපහාස කිරීමේ අරමුණින් සිදු කර ඇති බවටත් මා වෙත උපදෙස් ලැබී ඇත.

11. රූපවාහිනියේ කරන ලද පළ කිරීමට අමතරව ඔබ විසින් පාලනය කරනු ලබන අනෙකුත් මාධ්‍යයන් සහ ඩිජිටල් මාධ්‍ය අවකාශයන් හි එකී පළ කිරීම විශේෂයෙන් උදෘත කරමින් සිරස්තල ලෙස “ඇමති ලාල්ට කෝටි 46ක එහා වත්කම්! වත්කම් බැරකම් ප්‍රකාශයේ තෑගි ඔප්පුවලින් ලැබුණු මිලියන 64.5ක දේපළත්!” යොදමින් එකී සිරස්තල සහ මාගේ සේවාදායකයාගේ රුව thumbnail ලෙස යොදා ගනිමින් තනි ප්‍රවෘත්ති වීඩියෝවක් ලෙස සංස්කරණය කර පළ කිරීමට ඔබ කටයුතු කර ඇති අතර, එකී සම්පූර්ණ ක්‍රියාකලාපය තුළම ඔබ විසින් යටි අරමුණු සහිතව මාගේ සේවාදායකයා කෙරෙහි ද්වේශයෙන් කටයුතු කර ඇති බව ද මාගේ සේවදායාකයාට අපහාස කිරීමේ අරමුණින් කටයුතු කර ඇති බව තහවුරු වන බව මා වෙත උපදෙස් ලැබී ඇත.

12. ඔබ විසින් සිදු කරන ලද මෙම අසත්‍ය ප්‍රචාරය හේතුවෙන් මගේ සේවාදායකයා දෙබිඩි දේශපාලන ජීවිතයක් ගත කරන්නෙකු ලෙස සමාජයට ඒත්තු ගැන්වීමට ඔබ කටයුතු කර ඇති බවට මා වෙත උපදෙස් ලැබී ඇත. ඒ අනුව, මා වෙත ලැබී ඇති උපදෙස් අනුව දන්වා සිටින්නේ, ඔබ විසින් සිදු කර ඇති එකී පළ කිරීම හේතුවෙන් මාගේ සේවාදායකයාගේ කීර්ති නාමයට දැඩි කැළලක් සිදුවී ඇති බවත්, ඔහු කෙරෙහි මහජනයා තුළ පවතින පිළිගැනීම පහත හෙළීමට එය හේතු වී ඇති බවත් ය.

13. විශේෂයෙන්ම මගේ සේවාදායකයා කෙරෙහි යහපත් හැඟීමකින් පසුවන ඡන්ද දායකයන්, පාක්ෂිකයන් සහ අනුගාමිකයන් ද මාගේ සේවාදායකයා නියෝජනය කරන රජය ගැන පැහැදීමකින් සිටින මහජනයා අතර ද සමස්ත ශ්‍රී ලාංකිකයින් අතරේ ද ඔහුව පිළිකුලට, අවමානයට, සමච්චලයට සහ අපහාසයට පත් කිරීමට ඔබ විසින් හිතාමතාම මෙම ප්‍රචාරය සිදු කර ඇති බව මා හට උපදෙස් ලැබී ඇත.

14. මෙම ඔබ විසින් සිදු කරන ලද පළ කිරීම හේතුවෙන් මගේ සේවාදායකයාගේ කීර්ති නාමයට සිදු වූ හානිය රුපියල් බිලියන 10කට තක්සේරු කර ඇති අතර, එම මුදල මෙම එන්තරවාසිය ලැබී දින හතක් ඇතුළත ගෙවන ලෙස දන්වා සිටිමි.

15. තවද, ඔබ වෙත විකාශන බලපත්‍රයක් මාර්ගයෙන් වෙන්කොට ඇති පොදු දේපලක් වන සංක්‍යාත ඔබ විසින් දිගින් දිගටම පටු හා පෞද්ගලික දේශපාලන වුවමනාවක් වෙනුවෙන් අවභාවිතා කරන බව ඉතා පැහැදිලි බවත්, එබැවින් ඔබ වෙත නිකුත් කර ඇති විකාශන බලපත්‍ර අවලංගු කලයුතු බවට අදාල බලධාරී ආයතනයන්ට කරුණු දැක්වීමට ඇති අයිතියට අගති රහිතව මෙම එන්තරවාසිය යොමු කරන බවත්, මෙම එන්තරවාසියෙන් කරනු ලබන ඉල්ලීම අනුව කටයුතු නොකළහොත් නෛතික පොලිය සහ නඩු ගාස්තු ද සහිතව අදාළ වන්දිය අය කර ගැනීමට නඩු පවරන බවත් මෙයින් දන්වා සිටිමි.ලාල්කාන්ත‌ගේ වත්කම කෝටි 47ක් නෙමෙයි කෝටි 8යි! හිරුට යැවූ එන්තරවාසිය මෙන්න!

SendShareShare
Previous Post

අයින් වුණු එක හොඳයි! හැබැයි මාලිමා ආණ්ඩුව ජයකොඩිව ආරක්ෂා කරපු එක කැතයි! සුමන්තිරන් ආණ්ඩුවේ ඔළුව අතගාලා ටොක්කක් අනියි! I Sri Lanka Latest News

Next Post

ගණනය කරද්දී වැරදුණා! වත්කම කෝටි 47ක් නෙමෙයි කෝටි 8යි! හිරු ලාල්කාන්තට කනගාටුව ප්‍රකාශ කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.