ඉන්දියාවේ ටී.වී.කේ. පක්ෂයේ නායක, දකුණු ඉන්දියාවේ සුපිරි සිනමා නළු තලපති විජේ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට කටයුතු කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ඔහු මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ.
ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට එරට පුරවැසිභාවය ලබාදීමට ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කිරීමටත්, මෙරට සිටින දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙනුත්, තමන් පෙනී සිටින බව හෙතෙම සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
එමෙන්ම කච්චතිව් දූපත ආශ්‍රිතව ඉන්දිය ධීවරයන්ට නිදහසේ ධීවර කටයුතු සිදුකිරීමට ඇති අයිතිය යළි තහවුරු කිරීමට අපේක්ෂා කරන බවද තලපති විජේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දී තිබේ.
දේශපාලන විශ්ලේෂකයන් දැනටමත් අනාවැකි පළකොට ඇත්තේ මෙවර තමිල්නාඩු මැතිවරණයේදී තලපති විජේගේ ටී.වී.කේ. පක්ෂය විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන හිටපු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ගේ ඩී.එම්.කේ. පක්ෂයට සහ හිටපු මහ ඇමැතිනී ජයලලිතාගේ ඒ.අයි.ඩී.එම්.කේ. පක්ෂයට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති බවකි.
යම් හෙයකින් තලපති විජේගේ පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත නොහැකි වුවහොත් ඔහුගේ පක්ෂයේ සහාය ඇතිව තමිල්නාඩු ප්‍රාන්ත රජය පිහිටුවීමේ අවස්ථාවක් පවතින බවද දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත.










