• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගල්අගුරු ප්‍රශ්නයෙන් මතුවෙන ඔක්කොම අර්බුදවල වගකීම ආණ්ඩුව බාරගත යුතුයි! පෙරටුගාමීන් සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

April 17, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
හොරා කාපු සල්ලි රටට ගේන්න කියපු මිනිස්සුන්ට වුණ දේ! හැම තැනම හමුදාව දාගෙන කරන්න හදන දේ! ගෝඨා පස්සට ගිහින් රනිල්ව ඉස්සරහට දාලා කරන්න හදන දේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අප්‍රේල් 15 පස්වරුවේ නුගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙ.ස.ප. බහුජන ලේකම් දුමින්ද නාගමුව මෙලෙස අදහස් දක්වා තිබිණි.Sri Lanka Latest News

මේ වනවිට ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරවීමේ ප්‍රශ්නය රට තුළ කතාබහට ලක්වූ ඉතාම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. මෙම ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව ගන්නා මුග්ධ තීරණ නිසා ඉදිරි කාලයේදී කෘෂිකර්මාන්තයට ජලය සැපයීමේ ප්‍රශ්නයක් ඇති වෙන්න නියමිතයි. අපි මෙය හෙලිදරව් කරන්නේ මේ ගැන සමාජ කථිකාවක් ඇතිවූ පසුව හෝ මේ හානිය අවම කරන තීරණයකට ආණ්ඩුව ගෙන්වා ගන්න. 2026 මාර්තු 24 වැනිදා සවස 4.30ට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කැඳවූ සාකච්ඡාවකට ලාල්කාන්ත හා කුමාර ජයකොඩි යන ඇමතිවරුන් දෙදෙනාම එක්වී සිටියා. ඊට අමතරව කෘෂිකර්ම හා විදුලිබල ක්ෂේත්‍ර දෙකට අයත් නිලධාරීන් ගණනාවක් සම්බන්ධ වී සිටියා. ඇමතිවරුන් දෙදෙනාම සිටි නිසා මේ සාකච්ඡාවේදී ගත් තීරණ වල වගකීම නිලධාරීන් පිට පටවන්නේ නැතිව ආණ්ඩුව භාරගත යුතුයි.

වික්ටෝරියා ජලාශය ඇතුළු ජලාශ වල ජලය භාවිතා වන්නේ බහුවිධ අරමුණු සඳහා. එහි ජලය භාවිතා වන්නේ විදුලි ජනනය සඳහා පමණක් නෙවෙයි. පානීය ජල අවශ්‍යතා සඳහා සහ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා මේ ජලය යොදා ගන්නවා. දිට්වා සුළි කුණාටුව ඇතිවූ අවස්ථාවේ හානි අවම කර ගැනීමට ජලය නිදහස් නොකළේ මන්දැයි විමසද්දීත් කීවේ එම ජලය කෘෂිකර්මයට අවශ්‍ය නිසා ජලය මුදා නොහැරිය බව. නමුත් මෙම රැස්වීමේදී තීරණයක් ගෙන තිබෙනවා කෘෂිකාර්මික අවශ්‍යතා නොසලකා හදිසි විදුලිබල අවශ්‍යතා වෙනුවෙන් වික්ටෝරියා ජලාශයේ ජලය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් නිදහස් කරන්න. වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය ජලය ඝනමීටර් මිලියන 405ක්. එම ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට නිශ්චිත මට්ටමක පවත්වාගෙන ගියොත් පමණයි පානීය ජල අවශ්‍යතා සැපිරිය හැක්කේ. නමුත් මෙම තීරණය හරහා ජලය එම මට්ටම ඉක්මවා නිදහස් කළ නිසා දැනටමත් මහනුවර, ජල සම්බන්ධතා 17,000කට ජලය සපයන බලගොල්ල ජල පොම්පාගාරය අකර්මණ්‍ය වී තිබෙනවා. එයින් ඝනමීටර් 12,000ක් ජලය දෛනිකව ජනතාවට ලබාදුන්නා. බලගොල්ල, කුණ්ඩසාලේ, දිගන ප්‍රදේශවල දසදහස් ගණන් ජනතාව පානීය ජලය නැතිව පීඩාවට පත්වෙලා. ජනතාව පමණක් නෙවෙයි ඒ ප්‍රදේශයේ ආයෝජන කලාපයට ජලය දෙන්නේත් මේ පොම්පාගාරයෙන්. ජලය නැතිව ඇතැම් කර්මාන්තශාලා අප්‍රේල් 10 නිවාඩු දුන්නා. විදෙස් රටවලින් පැමිණි ඇණවුම් භාර දෙන්න නොහැකිවී තිබෙනවා. මෙය රටේ ආර්ථිකයටත් විශාල පහරක්. පල්ලේකැලේ බන්ධනාගාරයට ජලය සැපයුවෙත් බලගොල්ල පොම්පාගාරයෙන්. බාල ගල් අඟුරු වංචාව වහගන්න විශාල අර්බුදයක් ඇති කළා. දැන් විකල්පය ලෙස බවුසර් වලින් ජලය බෙදා හැරියත් දවසකට බවුසර් වලින් බෙදා හරින්නේ ඝනමීටර් 500ක් පමණයි. මෙම සාකච්ඡාවේදී ඔවුන් කියන්නේ පවතින විදුලි අර්බුදයට ජල විදුලිය මේ ආකාරයට නිෂ්පාදනය කළහොත් රුපියල් මිලියන 7260ක් ඉතිරි කරගත හැකි බව. බලශක්තියෙන් මෙම මුදල් ඉතිරිය කිරීම සඳහා වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාවය වන ඝනමීටර් මිලියන 405න් ඝනමීටර් මිලියන 330ක් අඩු කරන්න ඔවුන් සූදානම් වෙනවා. මේ තීරණයට අනුව අන්තිමේදී ඉතිරි වෙන්න නියමිත ඝනමීටර් මිලියන 75ක් පමණයි. එය ඊළඟ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වලට කොහෙත්ම ප්‍රමාණවත් නෑ. දැනට වික්ටෝරියා ජලාශයෙන් සතියේ දිනකට ජලය ඝනමීටර් මිලියන 6.5ක් සහ නිවාඩු දිනවල ජලය ඝනමීටර් 5ක් බැගින් ජලවිදුලි උත්පාදනය සඳහා මුදා හරින්න මෙම සාකච්ඡාවෙදී තීරණය කරලා. රන්ටැඹේ ජලාශයෙන් දෛනිකව ජලය ඝනමීටර් මිලියන 8.5ක් මුදා හරින්නත් තීරණය කරලා. තීරණය ගත්තේ ඝනමීටර් මිලියන 6.5ක් මුදා හැරීමට වුවත් තීරණය ගත් පසු මාර්තු 24 වැනිදා ඝනමීටර් මිලියන 6.9ක් සහ 25 වැනිද ඝනමීටර් මිලියන 7.5ක් මුදාහැර තිබෙනවා. මාර්තු 27 ඝනමීටර් මිලියන 7.7යි. ඒ කියන්නේ මේ ගත්ත තීරණයේ උපරිම සීමාවත් බොරුවක්. කුමාර ජයකොඩිගේ කලිසම බේරා ගන්න ජලාශ එහෙම පිටින්ම වුණත් හිස් කරන්න ආණ්ඩුව සූදානම්. මේ මුග්ධ විනාශකාරී තීරණය ගත්තේ එල්නිනෝ බලපෑමක් ගැන අනාවැකි පහළවී තිබියදී. අද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට මේ තීරණයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. මීළඟ කන්නය වපුරන්න සූදානම් වනවිට මහවැලි කලාප වල ගොවීන්ට මේකේ ප්‍රතිඵලය ලැබෙයි. තව මාස කීපයකින් ආහාර අර්බුදයක් හරහා මුළු රටේම ජනතාවට මේ තීරණයේ ප්‍රතිඵල විඳවන්න වෙයි.
ආණ්ඩුවම නිර්මාණය කළ බාල ගල් අඟුරු අර්බුදය වසා ගැනීම සඳහා පානීය ජල අර්බුදයක් සහ ආහාර අර්බුදයක් ඇති කරන්න මේ තීරණය අරන් තියෙන්නේ. එකක් කඩතොලු වසා ගන්නට ගිහින් සියක් කඩතොලු හදා ගන්නවා මාලිමා ආචාරියා. ඉංජිනේරුවන් කියන ආකාරයට කවදාවත් මීට පෙර පායනා කාලයක මේ ආකාරයට ජලාශ හිස්කර නැහැ. අවුරුදු 76ක සාපය අවසන් කරන්න කියලා ආව ආණ්ඩුව ඒ සාපය තව අවුරුදු ගණනකට දිගු කරනවා පමණක් නෙවෙයි, මෙතෙක් සිදු නොවුනු ආකාරයේ විනාශයන් සිදු කරනවා. අපි බල කරනවා මේ තීරණය වහාම හකුළා ගන්න කියලා. වහාම ජල කළමනාකරණ සාකච්ඡාව නැවත කැඳවලා කෘෂිකර්මය, ජල විදුලිය, පානීය ජලය, ජලය අවශ්‍ය කර්මාන්ත ආදී බහුවිධ පාර්ශව සලකා බලා වෙනස් තීරණයක් ගත යුතුයි. නැතිනම් ඉදිරි කාලයේ එන සමස්ත අර්බුදයේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.

SendShareShare
Previous Post

දක්ෂිණාංශික දේශපාලනයට එරෙහිව ලොව පුරා වාමාංශික නායකයන් ස්පාඤ්ඤයට රැස්වෙයි! අනුරත් වමේද? අනුරත් යයිද? Sri Lanka Latest News

Next Post

සිස්ටම් අවුල්! හැඳුනුම්පත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.