• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූඑන්පී නායකත්වය ගන්න තමන් සූදානම් බව කරු රනිල්ට දැනුම් දෙයි: නිවේදනයකුත් නිකුත් කරයි

August 24, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
යූඑන්පී නායකත්වය ගන්න තමන් සූදානම් බව කරු රනිල්ට දැනුම් දෙයි: නිවේදනයකුත් නිකුත් කරයි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගැනීමට තමන් සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

අද (24) දින නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ විවිධ පාර්ශ්වයන්ගෙන් තමන්ට ලැබුණු ඉල්ලීම් මත මෙම තීන්දුව ගත් බවකි.

එම නිවේදනය මෙසේය.

අප මාතෘභූමියට නිදහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි කළ එක්සත් ජාතික  පක්ෂයයි.  ශ්‍රී ලංකාවට සැබෑ දේශමාමකත්වයෙන් යුතුව 21 වන සියවසේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පරිණතභාවය, නිපුණතාව, සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

එසේ වුව ද වර්තමානය වන විට එජාපය පත්ව ඇති තත්ත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රගතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ බලවත් කණගාටුවට හේතු වී ඇත. එක්සත් ජාතික පක්ෂය නැමැති මෙම අභිමානවත් දේශපාලන බලවේගය පත්ව ඇති අවසානාවන්ත තත්වයෙන් මුදාගෙන පක්ෂයට හිමි අද්විතීය ස්ථානය යළි හිමි කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියටත් ඉටු කළ හැකි මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස පසුගිය මහ මැතිවරණයෙන් පසුව බොහෝ දේශ හිතෛශී පාර්ශවයන්ගෙන් මා හට ආරාධනා ලැබිණි. ඒ අතර ගරුතර සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගම් නියෝජනය කරන පුජ්‍ය පක්ෂය, එජාපය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු, පක්ෂයට සහ රටට හිතැති බුද්ධිමතුන්, එජාපය සමග සහයෝගයෙන් ක්‍රියා කරන ඇතැම් පක්ෂ නායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතයන්, පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති, තරුණ සංවිධාන, මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිවිල් සංවිධාන ද ප්‍රමුඛ විය.

එකී සියලු පාර්ශව විසින් පෙන්වා දෙන ලැබුවේ, ඉදිරි මැතිවරණවලදී පක්ෂය ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම පිණිස වන අවසන් අවස්ථාව මේ මොහොතේ එළඹ ඇති බවයි. කෙසේ වෙතත්, ජනතා ඉල්ලීමට කන් දෙමින් පාක්ෂිකයාගේ අදහස් අනුව පක්ෂයට අවශ්‍ය වන කාලීන ප්‍රතිසංස්කරණ වහාම සිදු කොට නව මුහුණුවරකින් යුතු කඩිනම් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් මගින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රතාපවත්ව යළි නැගී සටීමට හැකි බව මම විශ්වාස කරමි.   

වර්ෂ 1994 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂය භාරගැනීමත් සමගම  පක්ෂ නායකත්වයේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්ය ලබා ගත් මා එහි සභාපතිවරයකු, නියෝජ්‍ය නායකවරයකු සහ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයකු වශයෙන් ද පක්ෂයේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂයක් වූ 2014 ඌව පළාත් මැතිවරණයට නායකත්වය දෙමින් ලද අත්දැකීම් ද එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා කටයුතු කර තිබේ.

මාගේ සමස්ත දේශපාලන ගමන් මග රටේ ප්‍රජාතනත්‍රවාදය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ගෙන ඒම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීම පිණිස මාගේ දායකත්වය නොරහසකි.  මෙලෙස 1995 වසරේ සිටම මෙරටට ශිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට උපරිම ආකාරයෙන් කැප වුණෙමි.

වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මවිසින් මනාව සලකා බලන ලද අතර, පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට මා හට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට මවිසින් කටයුතු කර තිබේ.

එම තීරණය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිගරුක දේශමාමක ජනතාව වෙනුවෙන් මා විසින් ගන්නා ලද තීරණයක් වන අතර අප මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් මාගෙන් ඉටු විය යුතු සියලු යතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බව අවධාරණය කරමි.

කරු ජයසූරිය

SendShareShare
Previous Post

ජින්පින්ට එරෙහිව ට්‍රම්ප් සහ මෝඩි

Next Post

‘අංගොඩ ලොක්කා’ ඝාතනයේ රහස් ඉන්දීය පත්තරයක් පළමුවරට හෙළිකරයි

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.