ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පස්වැනි සහ සයවැනි ණය වාරික ලංකාවට නිදහස් කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මේ වනවිට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී මෙම ප්‍රතිචාරය පළව ඇති බව දැනගන්නට ඇත.
පස්වැනි හා සයවැනි සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳ එහිදී අවධානය යොමුවී ඇති අතර, මෑතකාලීන ආර්ථික වර්ධනයන් මෙන්ම, දැනට අත්පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ නියෝජිත පිරිස ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගෙන ඇති බවද සඳහන්ය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදී තිබූ ඉලක්ක සපුරා ගැනීමට අපොහොසත් වී තිබීම හේතුකොට ගෙන පස්වැනි සහ හයවැනි වාරිකයන් ලබාදීම අත්හිටුවීමට මීට මාස කීපයකට ඉහතදී එම අරමුදල තීරණය කොට තිබිණි.










