2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී රජයට රුපියල් ලක්‍ෂ අසූඅටහමාරක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.Sri Lanka Latest News
පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.
අල්ලස් හෝ දුෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමැති වරද කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා ගොනු කොට ඇත.
පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපියිල් 8,859,708ක පාඩුවක් කළ බවට චෝදනා එල්ල වී ඇත.










