• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවුරු කොහොම උද්ඝෝෂණ කළත්… පාරේ කොහොම හිටියත් 2027 වන තෙක් කිසිම දීමනා වැඩිවීමක් නෑ! උද්ඝෝෂණ කරන අයට අනුර අවසන් දැනුම් දීම කරයි! VIDEO I Sri Lanka Latest News

February 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
CID එකේ ෆයිල් උඩ යන්නේ යට යන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් උඩ එන්නේ යට යන්නේ කොහොමද? ලිපිගොනුවලට අවුරුදු 7ක් උධෘත නොදී තියෙන්නේ කොහොමද? අධිකරණයේ නඩුවක් නැවත් දිනයක් ගන්න මාස 7ක් 8ක් යන්නේ කොහොමද? අල්ලස් කොමිසම නඩු 114ක් ඉල්ලා අස්කරගත්තේ කොහොමද? විනිසුරුවරුන්-නීතිපති දෙපාර්තමේන්තුවේ-CIDයේ-අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපිට තියාගෙන ප්‍රශ්න කරයි!  VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එළැඹෙන 2027 වසරේ වැටුප් වැඩිවීමක් එන තෙක් කිසිදු දීමනාවක් ඉහළ නොදමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් ව්‍යසනයට පත් ජනතාව නැවත පදිංචි කරවීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්විය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ 2025, 2026 වසරේ සහ 2027 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම රුපියල් 33,000ක් වැය කර ඇති බවය.

ඒ අනුව 2027 තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවූවාට පසු අයවැයට සිදුවන බලපෑම සම්බන්ධව අවධානය යොමු කරමින් අනෙක් දීමනා ගැන සළකා බලන බවත් පැවසූ ජනාධිපතිවරයා සඳහන් කළේ එතෙක් කුමන උද්ඝෝෂණ සිදුකළද එළැඹෙන වසරේ වැටුප් වැඩිවීම එනතෙක් කිසිදු දීමනාවක් වැඩි කිරීමට පියවර නොගන්නා බවය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

“අපි රාජ්‍ය සේවය පැත්තෙන් බැලුවේ මූලික වැටුප් වැඩිවීම තමයි වැදගත් කියලා. අන්න ඒ මූලික වැටුප් වැඩි කිරීම සඳහා පමණක් 2025 වසරේ වැය කරලා තියෙනවා රුපියල් කෝටි 11,000ක්. 2026 වසරේ මේ ජනවාරි මාසේම තව කෝටි 11,000ක් වැය කරනවා. 2027 ඊළඟ කොටස තියෙනවා කෝටි 11,000ක් වැය කරනවා. 2027 වෙනකොට අපේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සඳහා පමණක් අපි දරණ වියදම කෝටි 33,000යි. දැන් එහෙම වැටුප් වැඩි කිරීමක් කරලා තියෙද්දි මම දකිනවා සමහර අය ආයේ මේ දීමනාව වැඩිකරන්න, අර දීමනාව වැඩි කරන්න කියනවා. වෙන්නේ නෑ. ඉස්සෙල්ලා අපි 2027දි තුන්වැනි වැටුප් වර්ධකය ඇතිවුනාට පස්සේ අපේ අයවැයට එන බලපෑම දිහා බලලා තමයි අනෙක් දීමනා ගැන කල්පනා කරන්නේ. ඒ නිසා කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළාත්, පාරේ හිටියත් දීමනාවන් 2027 ඊළඟ වැටුප් වැඩිවීම වෙනතෙක් කරන්නේ නෑ. 

බොහෝ අය කල්පනා කළා මේ ව්‍යවසනය නිසා අපේ ආර්ථිකය කඩා වැටෙයි කියලා.. හිතුවානේ කට්ටිය. මාස දෙක ඇතුළත සමස්තය ගත්තොත් අපි සාමාන්‍යකරණයට ඇවිල්ලා තියෙනවා. විශාල ප්‍රමාණයක්. විදුලිය, පාරවල්, සම්බන්ධය, වතුර.. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේ රටේ අත්පත් කරගන්නා ආර්ථික ජයග්‍රහණ මේ රටේ ජනතාවට බෙදලා දෙන්න. අපිට වැදගත්ම දේ ආර්ථිකය. තව තියෙනවා අපිට නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න ඕනේ. මේක කරනවාමයි කවරුත් සැකයක් තියාගන්න එපා. අයථා ලෙස උපයාගත් දේපළ පවරාගැනීමට සමත් නීතියක් අපි ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී සම්මත කළා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරලා ඉක්මනට ගේනවා. සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීතියක් සකස් කරනවා. ඒ වගේම මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නීතියක් සකස් කිරීමට සාකච්ඡා ඇති කරමින් තිබෙනවා… ඒ නිසා මේ රටේ තහවුරු කරන්න ඕනේ. නීතියේ රේඛාවක් තියෙනවා ඒ නීතියේ රේඛාවට යටින් තමයි ඔක්කොම ඉන්නේ කියලා. කිසිම කෙනෙක් නීතියේ රේඛාවෙන් උඩට පනින්න බැහැ. එහෙම රටක් අපිට අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා එය අපි පරිවර්ථනය කරමින් තිබෙනවා සමහර අයට ඒ පරිවර්තනය රිදෙනවා. මේ පරිවර්ථනය රිදෙනවා වැරදි කරන අයට.”

SendShareShare
Previous Post

කෙහෙළියගේ දුවත් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

Next Post

වහාම ඉවත් වෙන්න! ඉරානයේ සිටින සිය පුරවැසියන්ට අමෙරිකාව දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.