ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා මහතා හා නාමල් රාජපක්ෂ අතර හමුවක් අද දින බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී සිදුවිය.Sri Lanka Latest News
කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා සංවර්ධනය සහ දියුණුව සහතික කිරීම සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර ඇති අයෙකි. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා වන සමාජ සුබසාධන යෝජනා ක්‍රම ද ඔහු යටතේ ක්‍රියාත්මක වේ.
මහාමාත්‍ය සිද්ධරාමයියා මහතා නාමල් රාජපක්ෂ සමඟ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිලිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.













