ව්‍යවස්ථාදායක සභාවට පත්කළ යුතු සිවිල් නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට අගමැති හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ.Sri Lanka Latest News
ඒ, පසුගිය සිකුරාදා (23) දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙදෙනා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මීට පෙර අවස්ථා දෙකකදී මෙම සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා වට දෙකක් පැවැතුණත්, ඒ අවස්ථා දෙකේදීම සිවිල් නියෝජිතයන් තිදෙනා සඳහා ඉදිරිපත් වූ නම් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති නොවීම මත එම සාකච්ඡා තීන්දුවක් නොමැතිව අවසන්ව තිබිණි.
නමුත් සිකුරාදා පැවැති අවසන් සාකච්ඡාවේදී එම සිවිල් සාමාජිකයන් තිදෙනා සම්බන්ධයෙන් දෙදෙනා අතර අවසන් එකඟතාවක් මතුව ඇති බව දැනගන්නට ඇත.










