• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනේ යන අතරමගදී අනුර මන්නාරමට ගිහින් හේලීස් ෆෙන්ටන්ස් සුළං විදුලි බලාගාරයට මුල්ගල් තියයි! PHOTOS I Sri Lanka Latest News

January 15, 2026
in Exclusive
Reading Time: 9 mins read
A A
යාපනේ යන අතරමගදී අනුර මන්නාරමට ගිහින් හේලීස් ෆෙන්ටන්ස් සුළං විදුලි බලාගාරයට මුල්ගල් තියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මන්නාරම ස්වභාවික සුළං බලය උපයෝගී කරගත් අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම සුළං බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර වාර්ෂිකව බලශක්ති නිෂ්පාදනය විදුලි ඒකක කිලෝවොට් පැය 207,000,000කි. විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් ශත 0.0465කට, එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට ලබා දීම විශේෂත්වයක් වන අතර ව්‍යාපෘතිය 2027 මාර්තු මාසයේදී අවසන් කිරීමට නියමිතය.Sri Lanka Latest News

එමෙන්ම, ඔලෙයිතුඩාවායි රෝමානු කතෝලික දෙමළ මිශ්‍ර පාසල සඳහා නවීන අධ්‍යාපන පහසුකම් සහිත අංග සම්පූර්ණ සුහුරු පංති කාමරයක් ලබා දීමට අදාළ ලිපි ලේඛන පිළිගැන්වීම, ජාතික ජල සම්පාදන මණ්ඩලය සමඟ එක්ව නිවාස 200කට පානීය ජල පහහසුකම් ලබා දීම, ලංකා විදුලි බල මණ්ඩලය සමඟ එක්ව මන්නාරම පාලම හරහා තල්ලඩි නගරය තෙක් ඇවිදීමේ මංතීරුවක් සඳහා නව විදුලි පහන් සවි කිරීම, රුපියල් මිලියන 10කට ආසන්න වියදමින් ජලය පහසුවෙන් ගලා යාමට නව ජල මාර්ග නිර්මාණය කර, ගංවතුර වැළැක්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව ඇළ මාර්ග කැණීම් සිදු කිරීම ආදි ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ලිපි ලේඛන භාර දීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ අද ඉදිකිරීම් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය රට පුනර්ජනනීය බලශක්තියෙන් බල ගැන්වෙන ව්‍යාපෘතියක් මෙන්ම ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිලාභ සැලසෙන ව්‍යාපෘතියක් බවයි.

ජනතාව විසින් පත් කළ රජයක් ලෙස ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදී ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සැබෑ ලෙසම රටේ සංවර්ධනයට සහ ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙනු ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මන්නාරම දියුණු කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමේදී ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලන නියෝජිතයන් ඇතුළු සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා

මන්නාරම ප්‍රදේශය රටේ සුළං විදුලි විභවතාව ඉහළින්ම තිබෙන ප්‍රදේශයක්. එම ඉහළ විභවතාව රටේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීමට රජයට තිබෙන තදබල අවශ්‍යතාව ප්‍රකාශයට පත් වන දිනයක් ලෙස අද දිනය හඳුන්වා දිය හැකියි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සුළං විදුලි බල ජනන ඉතිහාසය තුළ අවම මිලකට විදුලි ඒකකයක් මිලදී ගැනීමට අවස්ථාව ලැබුණු පළමු ව්‍යාපෘතිය මෙයයි. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් ශත 0.0465ක් වැනි මිලකට මෙම මිලදී ගැනීම සිදු වෙනවා. මෙම මන්නාරම ප්‍රදේශය ආශ්‍රිතව තවත් ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

පසුගිය 2025 වසරේදී අපේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය මෙගාවොට් 1848ක් ලෙස ඉලක්ක කර තිබුණා. නමුත් එම ඉලක්කය අභිබවා ගොස් මෙගාවොට් 2,695ක ධාරිතාවක් එක් කිරීමට අපිට හැකි වී තිබෙනවා. ඒ වගේම 2026 වසරේ ඉලක්කය මෙගා වොට් 2078ක්. දැනට එය 3,089.5 ක ප්‍රමාණයකට ගිවිසුම් අත්සන් කර අවසන්. ඒ වගේම 2027,2028 සහ 2029 වසරවලට පිළිවෙළින් මෙගාවොට් 2563, 3253ක් සහ 3943ක් ඉලක්ක කර තිබියෙදී එම ඉලක්ක පසු කරමින් දැනටමත් පිළිවෙළින් මෙගවොට් 3,822.5ක්, 4332.5ක් සහ මෙගාවොට් 4,634.5ක් ගිවිසුම් අත්සන් තබා ඇති බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ අනුව 2025 – 2029 සැලසුම් කළ සම්පුර්ණ ධාරිතාව මේ වන විට මෙගාවොට් 9,759ක් වෙනුවට මෙගාවොට් 12,789.5ක් ගිවිසුම් ගතවීමට අපිට හැකි වී තිබෙනවා. අපි පුනර්ජනනීය බලශක්ති අරමුණු ජය ගැනීම සඳහා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙයින් පෙනී යනවා.

මේ ප්‍රදේශයේ සුළං විදුලි විභවතාව වගේම ජනතාව අතර තිබෙන ගැටලු සහ ප්‍රදේශයට ආවේණික වු භූගෝලීය සාධක පිළිබඳව අපි නිර්ක්ෂණය කළා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවගේ වැඩි ඉල්ලීමක් වුණේ මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයි කියලයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම මන්නාරම් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අපි විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබෙනවා. එමගින් මේ ප්‍රදේශයට අදාළ ඉදිරි සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මැදිහත්වීම ලබා දෙනවා, විශේෂයෙන් මෙහි භූගෝලීය පිහිටීම නිසා වතුර බැස නොයාමේ ගැටලුවක් තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. දැන් එහි මිණුම් කටයුතු සිදුවන අතර නිරන්තරයෙන් එහි ප්‍රගතිය විමසා බැලීම සිදු කෙරෙනවා. එම සැලසුම් සකස් කර ජනතාවට අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීම පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් විශේෂයෙන් දේශපාලන නායකයන්, පූජ්‍ය පක්ෂය මේ සියලු දෙනාගෙන් සහාය ඇතිව අවශ්‍ය වැඩසටහන් ඉදිරියට කරගෙන යනවා.

අපි මේ කටයුතු විදුලි බල ජනනයට සීමාකර නැහැ. ජනතාව විසින් පත් කළ රජයක් ලෙස ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සහ සහන සලසා දෙමින් සහ ප්‍රතිලාභ ලබා දෙමින් එම කටයුතු සිදු කරගෙන යනවා. අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට රජයක් ලෙස බැඳී සිටිනවා. අපේ විපක්ෂ මන්ත්‍රීවරුත් බේදයක් නැතිව එයට සහයෝගය ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ කිසිවක් අපේ දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කරන දේවල් නොවෙයි. ඒ නිසා අපි සියලුදෙනා එක් වී ජනතාවට අවශ්‍ය සේවාව ලබා දෙමින් මේ ප්‍රදේශය දියුණු කරමු කියන ඉල්ලීම මම කරනවා.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර, Hayleys PLC සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ සහ Hayleys Fentons Limited හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහන් යන මහත්වරු සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානිහුද, ලංකා විදුලි බල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහුද, Hayleys PLC විධායක අධ්‍යක්ෂ සරත් ගනේගොඩ, Hayleys Advantis Ltd සාමාන්‍යාධිකාරී රුවන් විද්‍යාරත්න යන මහත්වරු ඇතුළු එහි නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-15

SendShareShare
Previous Post

අනුර යාපනේ යද්දී විපක්ෂනායක සජිත් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ තෛපොංගල් උත්සවය සමරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මේ ආණ්ඩුව රැකගන්න ඕනෑ! මොකද මේ ආණ්ඩුව පෙරළිලා නාමල්ගේ හරි රනිල්ගේ හරි ආණ්ඩුවක් එනවට මම කැමැති නෑ! මාලිමාවේ න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් හේතු දක්වයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More
සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more
කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper